රටට වාර්ෂික කෝටි දහස් ගණනක් අහිමිවන හැටි කෝපා සභාපති හෙළිකරයි

ප්‍රතිපත්තීන් යාවත්කාලීන නොවීම හා රජයේ ආයතන ගණනාවක අවභාවිතාවන් හේතුවෙන් රජයට හා රටට වාර්ෂිකව ඉතා විශාල මුදලක් අහිමි වන බව රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පැවසීය. මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා මේ බව සඳහන් කළේ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ රජයේ ගිණුම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. ගිණුම් කාරක සභාව ඉදිරිපත් කරන මෙම වාර්තාව ඉතා සවිස්තරාත්මක වාර්තාවක් …

Continue Reading

ස්මාර්ට් කැබ් රථ ආනයනයේදී රේගුව අඩුබදු ගහලා ආණ්ඩුවට බිලියන 3ක් පාඩුකරලා – කෝපා හෙළිකරයි

ඩබල් කැබ් මාදිලි‍යේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකා රේගුව විසින් සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණයන් අය කර ඇති බවත්, එමගින් පසුගිය කාලය තුළ එක වාහනයකින් රුපියල් මිලියනය බැගින් වාහන 3000 ක් සඳහා රුපියල් බිලියන 03ක පාඩුවක් රජයට සිදුවී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ …

Continue Reading

දෙවිවරුන් වැනි ගුරුවරුන්ට කාලකණ්නි කීමට තරම් ‘මේ ආණ්ඩුව පහත් තැනකට වැටිලා‘ – චම්පික රණවක

වාර්තා වෙලා තියෙන අන්දමට ඉතාමත් අඩුවෙන් තමයි ගුරුවරු මේ එන්නත් කරණයට යටත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයට ප්‍රතිපත්තියක් නොමැති වීම බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට දැඩි ගැටලුකාරී ප්‍රශ්නයක් වී ඇති ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නයට නිසි විසදුමක් ලබානොදී ආණ්ඩුව තම කටකාර අනුවණ දේශපාලඥයන් ලවා දෙවිවරුන් වැනි ගුරුවරුන්ට “කාලකන්නි” යනුවෙන් හැදින්වීමට තරම් පහත් තැනට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක …

Continue Reading

සයිනොෆාම් ගැන ‘අලුතෙන් සොයා ගත්තේ’ මොනවාද?

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 95% ක් කොවිඩ් වෛරසයට ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් දක්වන බව සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පවසයි. එම එන්නත ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස් ප්‍රභේදයන්ට එරෙහිවද ඉතා ඉහළ ප්‍රතිශක්තියක් පෙන්වන බව එම කණ්ඩායම කියා සිටී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ සහ ආචාර්ය …

Continue Reading

ඉන්දියාව කලින්ම එක්දින තරගාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගත් සැලැස්ම..

ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 8 ස්ථානයෙන්පන්දුවට පහර දුන් පිතිකරුවන් අතර දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් දීපාක් චහාර් නොදැවී රැස් කරන ලකුණු 69 ක ඉනිම හේතුවෙන් මුලු මනින්ම ශ්‍රී ලංකාව සතුව තිබූ දෙවැනි තරගයේ ජයග්‍රහණය උදුරා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (20 දා) රාත්‍රියේදී සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ධෛර්යවන්තව පිත්ත හැසිරවූ චහාර් කඩුලු 3 ක ජයක් කරා ඉන්දීය පිල රැගෙන …

Continue Reading

‘ජපානයේ ගොවීන් බහුතරය පාවිච්චි කරන්නේ රසායනික පොහොර’

මං දැන් අවුරුදු පහළොවකට වැඩිය ජපානයේ ජීවත් වෙනවා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේම නියැලෙමින්. මගේ අත්දැකීම අනුව එහෙම එකක් නෑ. මොකද යම් පොහොරක් හරි වෙනත් කෘෂි රසායන ද්‍රව්‍යයක් හරි භාවිත කරන්න මේ රටේ වෙනම නීතියක් තියෙනවා. මෙහෙ ගොවියෝ ඒ නීතිය අකුරට පිළිපදිනවා. ඒ නිසා ඒ විදිහේ දෙයක් ඇතිවෙන්න තියා එහෙම මතයක් සමාජගත වෙන්න ඉඩකුත් නෑ රසායනික පොහොර භාවිතය තහනම් කරමින් කාබනික වගාව වෙත …

Continue Reading

චම්පික ගේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත මැතිසබයට

නීති ප්‍රතිසංස්කරණය ජාතික ව්‍යාපාරය විසින් සකස් කර ඉදිරිපත් කරන ලද අධිකරණයට අපහාස කිරීමේ නීතිය සම්බන්ධ නව පනත් කෙටුම්පත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එය 2021.07.12 වන දින ගැසට් පත්‍රයේ පළ කර තිබේ.  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙත ලබා දුන් අධිකරණ තීන්දුව පිළිබඳව විවිධ පාර්ශවයන් අදහස් දක්වද්දී ඒ පිළිබඳව …

Continue Reading

‘සීනෝෆාර්ම් ගැන‘ ජ‘පුර සරසවියෙන් ඉහළම සහතිකයක්

සීනෝෆාර්ම් කොවිඩ් -19 එන්නත එන්නත් කළ පුද්ගලයින්ගෙන් සියයට 95 ක් තුළ ප්‍රතිදේහ නිපදවන බවත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එය ඉතා ඵලදායී බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.     මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පැවසුවේ, සීනෝෆාම් එන්නත සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පිළිබඳව සොයා බැලූ බවත්, එන්නත මගින් 95% කට …

Continue Reading

ඛනිජ තෙල් මිල ඉහළ දැමීම 3/2ක ඡන්දයෙන් සම්මතයි

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව 3/2කට වඩා වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය. යෝජනාවට විපක්ෂව පක්ෂව ඡන්ද 152ක් ලැබුණු අතර එයට පක්ෂව හිමිවූයේ ඡන්ද 61ක් පමණි. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.

Continue Reading

ජයන්ත කැටගොඩ ආණ්ඩුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස පත්කිරීමේ යෝජනාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ජයන්ත කැටගොඩ ප්‍රකාශ කර ඇත්තේ ‘‘මම ඒ ඉල්ලීම ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කළ‘ බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත කැටගොඩ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට අවස්ථාව ලබාදීම සදහා ඉල්ලා අස්වූවේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් …

Continue Reading