‘කොවිඩ් -19 මධ්‍යයේ ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට ඉන්දියාවෙන් පුළුල් දායකත්වයක්

සාගින්නෙන් මිදීම සඳහා වන තිරසාර සංවර්ධන ඉලක්කයක සපුරා ගැනීමට ඉන්දියාව අදිටන් කරගෙන සිටින බව මධ්‍යම කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය දැඩි කොවිඩ් -19 වසංගතය තුළදී පවා ඉන්දියාවේ කෘෂිකාර්මික අංශය හොඳින් ක්‍රියාත්මක වූ අතර ආහාර නිෂ්පාදනය සහ අපනයනය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ බවත් මෙමගින් ඉන්දියාව ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට දායක වූ බවත් ඉන්දීය මධ්‍යම රජයේ කෘෂිකර්ම ඇමති නරේන්ද්‍ර සිං තෝමර් මහතා පැවසීය. ඔහු …

Continue Reading

යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්

අවම සේවක සංඛ්‍යාවක් කැඳවා සේවා පවත්වාගෙන යෑමේ ක්‍රියාදාමය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (27) රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියේය. කොවිඩ් වසංගය පැතිරීම පාලනය කිරීම සඳහා එලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බව සඳහන් කළ යුධ හමුදාපතිවරයා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේදී කෘෂිකර්ම සහ අපනයන යන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ලබාදී ඇති අවසරය …

Continue Reading

රට වසා දැමීම තව සතියකින් දීර්ඝ කරයි

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ ලබන සැප්තැම්බර් මස 6 වැනිදා සඳුදා අලුයම 4.00ටය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත

Continue Reading

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 100ක්

ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාවට ඔක්සිජන් ටොන් 280ක් ලබා දී ඇත කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහය දක්වමින් ඉන්දියාව විසින් ලබාදුන් දියර වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් අද (26) කොළඹට වරායට පැමිණියේය. මෙය ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන තෙවන ඔක්සිජන් තොගය වන අතර සතියක් තුළදී ටොන් 280ක් ලබාදී ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් …

Continue Reading

අපි ලබා දෙන දත්ත නිවැරදියි – සෞඛ්‍ය ඇමැති අවධාරණය කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් යම් තාක්ෂණික හා කාල රාමුවන්හි සුළු සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. වෘත්තීය සමිති සංගම් නියෝජිත පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (26) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා …

Continue Reading

අවුරුදු 18 වැඩි අය එන්නත්කරණය ගැන හෙළිදරව්වක්

ලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. සැප්තැම්බර් මැද වන විට අවුරුදු 30 ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇතැයිද අමාත්‍යවරයා කීය. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් ගරීඩෝ මහතා අද(26) පෙරවරුවේ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී රඹුක්වැල්ල මහතා මේ බව කීය.සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී …

Continue Reading

සීනී මිල ඉහළ යාම ගැන ලසන්නත අලගියවන්න කියන තිත්ත කතාව

මේ වන විට සීනි කිලෝවක මිල රුපියල් 210 දක්වා ඉහළ ගියත් එය පාලනය කිරීමට රජයට හැකියාවක් නැතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි. අමාත්‍යවරයා සදහන් කළේ ඉහළ මිලකට අලෙවි කෙරෙන සීනි මිල පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි. සීනි ආනයන බද්ද වසරකට ආසන්න කාලයක් ශත 25ක් ලෙස නොවෙනස්ව පවතින පසුබිමක මෙවැනි අති විශාල මිලකින් සීනි මිල …

Continue Reading

2021 වසරේ ඉහළම උද්ධමනය ජූලි මස වාර්තා වෙයි

පසුගිය ජූලි මාසයේදී මෙරට උද්ධමනය 6.8% දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු වූ බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. මෙම අගය 2021 වර්ෂයේ වාර්තා වූ ඉහළම උද්ධමන අනුපාතය වීම විශේෂත්වයකි. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., …

Continue Reading

කොවිඩ් මර්දන එන්නත් තුනක ඵලදායීතාව ගැන විශේෂ හෙළිදරව්වක්

කොවිඩ්-19 මර්ධනය සදහා ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා වන සයිනෝපාම්, ෆයිසර් බයෝඑන්ටෙක් සහ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් යන එන්නත් වල ඵලදායීතාවය සම්බන්ධයෙන්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අද (26) කරුණු රැසක් අනාවරණය කළාය. තමා මෙම තොරතුරු අනාවරණය කරන්නේ එම එන්නත් තුන සම්බන්ධයෙන් බහරේන් රාජ්‍යයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් …

Continue Reading

ඛේමාගේ කොලුවත් ගිය වගයි !

මීට අවුරුදු දෙකහමාරකට කලින් “ඛේමාගේ කොලුවා” යැයි ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ තිස් වන සැමරුම් උත්සවය පවත්වනු ලැබූයේ 2019 පෙබරවාරි මස 28 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය. ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූයේ 1989 පෙබරවාරි 15 වන දින පැවති මහ මැතිවරණයෙනි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරයෙකු වශයෙනි. කලින් විදේශ කටයුතු ඇමතිවරයා වූ “ඛේමාගේ …

Continue Reading