සීනී මිල ඉහළ යාම ගැන ලසන්නත අලගියවන්න කියන තිත්ත කතාව

Spread the love

මේ වන විට සීනි කිලෝවක මිල රුපියල් 210 දක්වා ඉහළ ගියත් එය පාලනය කිරීමට රජයට හැකියාවක් නැතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි.

අමාත්‍යවරයා සදහන් කළේ ඉහළ මිලකට අලෙවි කෙරෙන සීනි මිල පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි.

සීනි ආනයන බද්ද වසරකට ආසන්න කාලයක් ශත 25ක් ලෙස නොවෙනස්ව පවතින පසුබිමක මෙවැනි අති විශාල මිලකින් සීනි මිල ඉහළ යාම පිළිබදව පාරිභෝගිකයින් අතර බලවත් අප්‍රසාදයක් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් රජයට මැදිහත්වීමක් කළ නොහැකි යැයි පාරිභෝගික ආරක්ෂණ ඇමැතිවරයාම ප්‍රකාශ කිරීම ජනතාවගේ හාස්‍යයට මෙන්ම කෝපයට ද හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් අද (26) මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා, සීනි අද තොග මිල රුපියල් 210 දක්වා ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේක සම්පූර්ණ අසාධාරණ මිල වැඩි කිරීමක්. කූඨ වෙළෙන්දන් විසින් මේක කරන්නේ කියලා අපි හඳුනගෙන තියෙනවා. වර්තමානයේ මේ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් යම් යම් අඩුපාඩුකම් තිබෙනවා. ඒ නිසා අපිට මේ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයක් නොතිබුණත් වසර 17ක පස්සේ අපි දැන් මේ පනත සංශෝධනය කරන්න ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ අනුව රුපියල් 10,000ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කරනවා. ඒ අනුව වැඩි මිලට අලෙවි කරන සෑම ව්‍යාපාරිකයෙකුටම ඒ නව දඩ මුදල අයකරන්න පුළුවන් වෙනවා.”

මේ අතර එළවළු ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අසීමිත ලෙස ඉහළ ගොස් ඇති අතර මේ වසරේ ඉහළම උද්ධමන අනුපාතය ද පසුගිය ජූලි මස වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

Related Posts