කොවිඩ් ආසාදිතයින් සහ මරණ ඉහළ යාම ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනතුරු ඇගයීම්

එන්නත් ලබාදුන්නත් දිනෙන් දින ඉහළ යන කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව කඩිනමින් පාලනය නොකළ හොත් ඉදිරියේදී රට නැවත බරපතළ අර්බුදයක් කරා ගමන් කරනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවති. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ COVID රෝගීන් රෝහල් ගත කිරීමේ සුළු වැඩිවීමක් පවතින බවයි. “මෙය ඇත්ත වශයෙන්ම අනතුරු ඇඟවීමේ සංඥාවක්. තත්වය නරක අතට හැරීමට පෙර …

Continue Reading

වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක්

වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවැසීය. මොටර් රථ ආනයනය කිරීම සදහා මොහොතේදී ප්‍රමුඛත්වය දැක්විය යුතු යැයි තමා නොසිතන බවද ආටිගල මහතා සඳහන් කළේ‍ය.

Continue Reading

හෙක්ටයාර් දෙකකට වැඩිනම් ගොවීන්ට ගිනි අවි බලපත්‍ර

වගා හෙක්ටයාර දෙකකට වඩා ඇති ගොවීන් සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මීට පෙර ගිනි අවි බලපත්‍ර ලබා දුන්නේ හෙක්ටයාර පහකට වඩා වගාවන් ඇති ගොවීන්ට පමණක් බව කී අලුත්ගමගේ මහතා වල් ඌරන් වැනි වන සතුන්ගෙන් වන හානිය ඉතා ඉහල බවට ගොවීන්ගෙන් ලද පැමිණිලි සලකා බලා ඉහත තීරණය ගත් බව සඳහන් කළේය. …

Continue Reading

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි

බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය. බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය බව ද ඔහු සදහන් කළේය. බොතෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව බව ද රන්වල මහතා පැවසීය. දෙසැම්බර් මස …

Continue Reading

ජනදුක ජනමාධ්‍ය හෙළිකිරීම නිසා නව නිවාස 30ක් ජනතාවට හිමි වෙලා

ගල්නෑව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් වැටකොළුවාගම  ගම්මානේ ජන දුක පිළිබඳව ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් පසුව එම් ගම්මානයේ අසරණ පවුල් හයකට ඉදිකරන ලද අංග සම්පූර්ණ නිවාස භාරදීම ඊයේ (13) දින සිදුකෙරිණි. මෙම ගම් ගම්මානයේ  ජනතාව වසර ගණනාවක් තිස්සේ මූලික පහසුකම් නොමැති වීම නිසා දැඩි අසරණව සිටින බවට ජනමාධ්‍ය මගින් හෙළිදරව් කිරීම්ත් සමඟ නෙදර්ලන්තයේ හා ශ්‍රී ලංකා පිරිසක්  විසින් පවත්වාගෙන යන පිකාස්පෝන්  …

Continue Reading

ඉන්දියාව සහ රුසියාව අතර ආරක්ෂක හා උපායමාර්ගික හවුල්කාරීත්වය නව මගකට

පුටින්ගේ අපේක්ෂිත සංචාරයේදී ඉන්දියාව සහ රුසියාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ඉඩ ඇත. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ වාර්ෂික ද්විපාර්ශ්වික සමුළුව සඳහා දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට පැමිණෙනු ඇතැයි පැවසේ. සමුළුවට පෙර, ඉන්දියාව සහ රුසියාව මංගල ටුප්ලස් ටු (two-plus-two) විදේශ සහ ආරක්ෂක අමාත්‍ය සංවාදය පැවැත්විය හැකි අතර ඒ සඳහා දිනය සහ ස්ථානය තවමත් අවසන් කර නොමැත. දෙරට අතර විශේෂ …

Continue Reading

ඇෆ්ගනිස්ථානය පිළිබඳ දිල්ලි ප්‍රකාශනය මගින් ‘සාමකාමී ඇෆ්ගනිස්ථානයක්’ ඉල්ලා සිටී

ඇෆ්ගනිස්ථානයේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ත්‍රස්තවාදය, රැඩිකල්කරණය සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් පැන නගින තර්ජන පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. ඇෆ්ගනිස්ථානය සහ එහි භූමිය කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් සඳහා නවාතැන් දීම, පුහුණු කිරීම, සැලසුම් කිරීම හෝ මුදල් සැපයීම සඳහා භාවිතා නොකළ යුතුය බව බදාදා ප්‍රකාශයට පත් කරන ලද රටවල් අටක ජාතික ආරක්ෂක උපදේශකයින් හෝ එම රටවල ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරුන් සහභාගී වූ දිල්ලි කලාපීය …

Continue Reading

Full Story : 2022 අයවැයේ විශේෂතා

2022 වසරට නියමිය අයවැය ලේඛනය අද (11) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා පැවසුවේ මහ ජනතාවට බරක් නොවී මහජන බදු මුදල් අය කිරීමට රජය කටයුතු කර ඇති බවයි. මේ අතර රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාරයට වර්ධනය වී තිබෙන බවට ද මුදල් අමාත්‍ය පැවසීය. “සංචාරක කර්මාන්තයෙන් ලැබෙන මුදල් ගලා …

Continue Reading

දඹුල්ල නගරය මැද වන අලි විනාශය

දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සළුඅපුල්ලනවැව ග්‍රාම සේවා වසමේ නාවාගස්හින්න ප්‍රදේශයට  පසුගිය 10  දින රාත්‍රියේ කඩා වැදුණු වන අලි  රංචුවක් එක රැයකින් ඵල දරමින් ඇති පොල් ගස් 200ක් පමණ විනාශ කොට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. දඹුල්ල නගරයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරකින් පිහිටා ඇති නවාගස්හීන්න  ප්‍රදේශය වැඩි වශයෙන් ගොවීන් ජිවත්වන ප්‍රදේශයක් බවත් දින ගණනාවක සිට වන අලි රංචුවක් ගම් වැදී …

Continue Reading

රසායනික පොහොර යථාර්ථය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ යටත්විජිත තත්ත්වයෙන් නිදහස් වෙද්දී අපේ රට සමග සමපාතව සිටි රටවල් රැසක් අද අපේ රටට වඩා ඉදිරියට ගොස් ඇත. නිදසුනකට සිංගප්පූරුව, කොරියාව, බංගලාදේශය හා ඉන්දියාව වුවත් අපට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් ඇත. මීට ප්‍රධාන හේතුව නම් ලංකාවට ජාතික ප්‍රතිපත්ති වෙනුවට දේශපාලන පක්ෂ හා බද්ධ වූ ප්‍රතිපත්ති මාලාවක් තිබීමය. පෙර සඳහන් කළ සියලු …

Continue Reading