අනතුරට ලක්වූ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණීම ප්‍රතික්ෂේප කරයි
-
Editor
-
November 13, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
තමන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තක් නොමැති බව පසුගියදා අනතුරට ලක්වූ නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 303 දෙනා පවසනවා. ඒ අනුව තම ගැටලුව විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපකාර බලාපොරොත්තු වන බවයි ඔවුන් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ. ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව පසුගිය සඳුදා වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ අතර …
Continue Reading
මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්
-
Editor
-
November 12, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
හොරණ, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ඒ.ජී.එන් විජේතුංග හට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. ඔහුව සාමාන්‍ය රාජකාරි සඳහා ඇල්පිටිය කොට්ඨාසය වෙත ස්ථාන මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ. පසුගියදා හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ පාසලක දරුවන්ට විදුලි සැර වද්දා පහර දීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.
Continue Reading
අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර
-
Editor
-
November 11, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. අදාළ යාත්‍රාව අනතුරට ලක්වනවාත් සමග එම නෞකාවේ සිටි සේවකයින් පළාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව පසුගිය සඳුදා කාර්මික දෝෂයක් හේතුවෙන් …
Continue Reading
අනතුරට පත්වූ සරණාගත ශ්‍රී ලාංකිකයින් 300 කට අධික පිරිසක් රැගත් ධීවර යාත්‍රාවක් මුදාගැනේ..
-
Editor
-
November 8, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
සරණාගතයින් බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 300ක පමණ පිරිසක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව ඊයේ (07) වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට ලක්ව තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි සඳහන් කළේ, ඔවුන් මෙරටට ගෙන්වාගැනීම …
Continue Reading
කන්දකාඩු සිද්ධිය සම්බන්ධයෙන් ජනපති වාර්තාවක් ඉල්ලයි
-
Editor
-
November 7, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබෙනවා. එසේම ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කළේ. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (06) රාත්‍රියේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබූ අතර එහිදී රැඳවියන් 50 කට ආසන්න පිරිසක් …
Continue Reading
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පළායයි
-
Editor
-
November 7, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් පළාගොස් තිබෙනවා. පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර මෙලෙස රැඳවියන් පිරිසක් පළාගොස් ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව පළාගිය පිරිස සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.
Continue Reading
ඉන්ධන ඇනවුම් නොකළ ඉන්ධනහල්වලට දින 3 ක දඬුවම් කාලයක්
-
Editor
-
November 6, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකළ පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් වශයෙන් දින 03ක කාලයක් ඉන්ධන ලබානොදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වැසී ගොස් ඇති අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතිනවා. දඬුවම් ක්‍රියාමාර්ගය හේතුවෙන් පාරිභෝගිකයින්ට අපහසුතාවට පත්වී ඇති බවත් අද (06) දිනය වන විට …
Continue Reading
රජයේ නිලධාරීන්ගේ අල්ලස් දූෂණ දැනුම් දීමට දුරකථන අංකයක්
-
Editor
-
November 5, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි 1905 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුද්ගලයන් සිදු කරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් අක්‍රමිකතාවයක් සම්බන්ධව දැනුම් දීමට හැකියාව තිබෙනවා. මීට අමතරව රාජ්‍ය පරිපාලන, …
Continue Reading
කොළඹ සහ ගම්පහ ගංවතුර පාලනයට කඩිනම් වැඩපිළිවෙළක්
-
Editor
-
November 5, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වයන් ඇතිව තිබෙන ප්‍රදේශවල ගංවතුර බැස යාම සඳහා කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධව කඩිනමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. නැවතත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමට පෙර එම ප්‍රදේශවල පවතින ඇළවේලි ශුද්ධ පවිත්‍ර කිරීම මෙමඟින් …
Continue Reading
යාල්දේවී දුම්රිය පිලී පනී
-
Editor
-
November 5, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවන වන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය අද (05) පස්වරු 1.30ට වවුනියාව මැදවච්චිය අතර ප්‍රදේශයේ දී පීලී පැනීමකට ලක්ව ඇත. දුම්රියේ එන්ජිම හා මැදිරි දෙකක් මෙලෙස පීලී පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම පීලී පැනීම හේතුවෙන් සිල්පර කොට විශාල ප්‍රමාණයක් හානි සිදු වී ඇති බවටද …
Continue Reading