අනතුරට ලක්වූ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණීම ප්‍රතික්ෂේප කරයි

Spread the love

තමන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තක් නොමැති බව පසුගියදා අනතුරට ලක්වූ නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 303 දෙනා පවසනවා.

ඒ අනුව තම ගැටලුව විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපකාර බලාපොරොත්තු වන බවයි ඔවුන් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ.

ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව පසුගිය සඳුදා වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ අතර එරට ආරක්ෂක අංශ විසින් ඔවුන් බේරා ගැනීමට කටයුතු කර තිබුණා.

මෙම පිරිස මේ වන විට වියට්නාමයේ සරණාගත කඳවුරක සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Related Posts