
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව සාපරාධි නොසැළකිල්ල සහ අධික අපරීක්ෂාකාරීත්වයට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අංක 296, 298, 327, 328, 329, 410 යටතේ නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා අද දිනයේ අධිකරණය හමුවේ කියා සිටියේය.
ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කරමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේය.
මෙම වගන්ති යටතේ අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් දෙදෙනා ඒවාට වරදකරුවන් වූවොත් මාස තුනක සිට අවුරුදු 5 දක්වා සිරදඬුවම් සහ දඩ නියම කල හැකි මෙන්ම 296 වගන්තිය යටතේ උපරිම ලෙස මරණ දඬුවමද නියම කල හැකිය.
මෙම සැකකරුවන්ට නීතිපති දෙපාර්තමේන්තුව විසින් මිනී මැරුම් චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැන තොරතුරු වසන් කිරීමක් මත සිදු වූ බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු බව සඳහන් කරමිනි.