ජනපති කැබිනට්ටුව සොලවයි!

Spread the love

කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් සහ එක් රාජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මතභේද සහ විරෝධතා ගණනාවක් මධ්‍යයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය: අර්ජුන රණතුංග

වරාය සහ නාවික කටයුතු අමාත්‍ය: මහින්ද සමරසිංහ

විදේශ කටයුතු අමාත්‍ය: රවී කරුණානායක

ධීවර කටයුතු අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය: මහින්ද අමරවීර

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය: මංගල සමරවීර

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය: ගයන්ත කරුණාතිලක

වෘත්තීය පුහුණු අමාත්‍ය: චන්දිම වීරක්කොඩි

ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය: තිලක් මාරපන

කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය: ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න

සමාජ සවිබලගැන්වීම්, සුබ සාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය: එස්.බී.දිසානායක

RSL

Related Posts