අපි ගැන දකුණේ ජනතාව තුළ වැරදි මතයක් ගොඩනැගිලා – විග්නේෂ්වරන්

Spread the love

උතුරු පළාත සහ ජනතාව සම්බන්ධයෙන් දකුණේ ජනතාව තුළ වැරදි මතයක් ගොඩනැගී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි.

මෙය දකුණේ මෙන්ම උතුරේද ජනමාධ්‍ය සහ ඒවායේ හිමිකරුවන් වගකිව යුතු බවත්, තමා කිසි විටෙකත් රට බෙදන්න යැයි නොපවසන බවද ෆෙඩරල් විසඳුමක් යෝජනා කරන බවද සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි.

කෙසේවෙතත් මහා නාහිමිවරුන් හමුවේ එම තත්ත්වය පැහැදිලි කිරීමට හැකියාව ලැබුණු බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා අද(09) පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ මහතා ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ ඔහු බොරු නොපවසන බවත්, එය සත්‍ය විය හැකි බවත්ය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා මෙම අදහස් පළ කළේය.

RSL

Related Posts