බැඳුම්කරෙන් හංගපු සුපිරි සෙල්ලම් ටික නම්- ගම් සමඟ ලඟදීම එළියට; කට්ටිය ඇතුලට..!
- RSL
- November 25, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
- Bond scam, Bond Scammers, Central Bank of Sri Lanka
- 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය ඇතුළතදී එළිදක්වමින් එහි සියලුම තොරතුරු රටට හෙළි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව සංහිඳියා, ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ සිදුකළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ එක්තරා කොටසක් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ කොටස ඇතුළු සමස්ත පරීක්ෂණ වාර්තාව තවත් සතියක් ඇතුළත රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලද කොටසේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් ඇතුළු දේශපාලනඥයන් විශාල පිරිසකගේ නම් සඳහන් වී තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් සම්පූර්ණ වාර්තාව එළිදැක්වීමෙන් අනතුරුව මෙම බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ වූ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සමඟ සම්බන්ධකම් පැවැත් වූ සියලුම දෙනාගේ තොරතුරු රටේ පොදු මහජනතාවට දැනගත හැකි බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර පෙන්වා දෙයි.
මෙම ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු මීට වඩා පුළුල් ආකාරයෙන් සිදුකළ හැකි බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව නිකුත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟ සාකච්ඡා කළ බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

