බැඳුම්කර මංකොල්ලයේ මධ්‍ය මෙහෙයුම 04 වනදා එජාපය වෙනුවෙන් ඇරඹෙයි! (Exclusive)
- RSL
- March 31, 2017
- පුවත් සහ වාර්තා
- Arjuna Mahendran, Bond scam, Bond Scammer, news, Prime Minister Ranil Wickramasinghe, Ranil Wickramasighe, reports, United National Party, UNP
- 0 Comments
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික අනුදැනුම මත පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපතිවරයා විසින් නෙරපා දමන ලද මහ බැංකුවේ බැඳුම්කර කොල්ලකරුවා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් හරහා කොල්ලකන ලද මුදලින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වූ ප්‍රථම ආයෝජනය ලබන අප්‍රේල් මස 04 වනදා ‘ජනයුගය’ නැමැති පුවත් පතත් සමඟ නිල වශයෙන් සිදුවීමට නියමිතය.
මේ වන විට කුප්‍රකට බැඳුම්කර මංකොල්ලයෙන් කොල්ල කන ලද රුපියල් බිලියන ගණනක මහජන මුදල් එක්සත් ජාතික පක්ෂයේ විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් ආයෝජනය වන බවටද වාර්තාවේ.
මෙලෙස බැඳුම්කර මංකොල්ලයෙන් කොල්ල කන ලද මුදල් යොදා ගනිමින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පුවත්පත්, රූපවාහිනී ආයතනයක්, ගුවන් විදුලි නාලිකාවක්, වෙබ් අඩවි 200ක්, මිලදී ගත් ෆේස්බුක් පිටු ක්‍රියාත්මක කිරීමට අදාළ මෙහෙයුම් මේවන විටත් සිදුවෙමින් පවතී.
මේ සඳහා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම මුලිකත්වය ගෙන කටයුතු කර අතර එම සමාගම්වල අභ්‍යන්තර කටයුතු සිදුවන්නේද ඉතා උපක්‍රමශීලීව වන අතර ඒ පිළිබඳව අප වෙනම අනාවරණයක් සිදුකිරීමට බලාපොරොත්තු වෙමු.