බැඳුම්කර කොල්ලයට පැටලුණු තවත් සමාගම් 5ක විස්තර ඉල්ලයි; ඇලෝෂියස් සහ පලිසේන යළි රිමාන්ඩ්
- RSL
- August 9, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Arjun Aloysius, Bond scam, Kasun Palisena
- 0 Comments
ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු සමාගම් 05කට අයත් බැංකු ගිණුම් විස්තර ශ්‍රී ලංකා මහබැංකුවට ලබාදීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13කට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ඇසට් මැනේජ්මන්ට්, පර්පෙචුවල් කැපිටල් ප්‍රයිවට් ලිමිටඩ් සහ පර්පෙචුවල් හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් 05ට අයත් බැංකු ගිණුම් වල විස්තර මේ මස 24 වන දිනට පෙර මහබැංකුවට ලබාදීමට පියවර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර ඇත.
මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.
සිද්ධියට ආළව චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 23 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග
කර ඇති බව සඳහන්.

