චෞර සේනාංකයේ භාෂ්වර සේනාංක දැන් කොහෙද?
- RSL
- February 16, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Law
- 0 Comments
භාෂ්වර සේනාංක ගුණතිලක යනු, මහින්ද රාජපක්ෂ රජයේ මහ බලවත්ව කටයුතු කළ අයෙකි. අමාත්‍යංශ කිහිපයක විවිධ ආයතනවල සභාපතිත්වය දැරූ ඔහු සිටියේ ඇමැතිවරයෙක්ට වඩා ගරු ගාම්භීරව ය. තරුණ සේවා සභාවේ සභාපතිවරයාව සිටිය දී ගිනි අවි දැරූ පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව තමා වෙනුවෙන් සපයා ගත් බව අපි දනිමු. කෙසේ වෙතත්, මේ බොහෝ එකල බලවතුන් දැන් ඉන්නවා ද මළා දැ යි නොදන්නා ගාණ ය. භාෂ්වර සේනාංක ද එවැන්නෙකි.
නමුත් අපට ඔහු ගැන සිහි වූයේ පොදු දේපළ පනත යටතේ නඩු පැවරීම සඳහා ලිපි ගොනුවක් ඔහු සම්බන්ධයෙන් නීතිපතිවරයාට ඉදිරිපත් වී ඇති බැවිනි. සංචාරක අමාත්‍යංශයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිතා සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.
මේවා නිතර නිතර මතක් කළ යුතු වන්නේ, මෙසේ ගසාකන ලද මුදල් යනු රටේ ජනතාවගේ පරිභෝජන භාණ්ඩවල බදු පිට බදු ගසා උපයාගන්නා මුදල් බැවිනි.
