බැසිල් වැඩ අල්ලමින් කුමන්ත්‍රණයක් එළියට දමයි

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් බේද කරවීමට ඇතැමුන් ගෙන යන ක්‍රියාවලියට මුහුණ දීමට තමා සුදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ(19) පෙරවරුවේ දී බත්තරමුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බත්තරමුල්ල, නෙළුම් මා‍වතේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේ දී සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් අනතුරුව වැඩ ඇල්ලීම අද සිදු කෙරුණි.

අනතුරුව හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළේය.

පොදු ජන පෙරමුණ මේ වන විට ලංකාවේ තිබෙන ප්‍රබලතම දේශපාලන පක්ෂය බවට පත්ව ඇති බවත්, අවුරුදු එක හමාරක වැනි කාලයක් තුළ තම පක්ෂය වර්ධනය වු බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා‍ගේ නායකත්වය සහ පක්ෂයේ සාමාජිකත්වය යන ප්‍රධානම කාරණා දෙක නිසා පක්ෂය ප්‍රබල වී ඇති බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

රටේ පාලනය අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා ගැනීම සිය එකම පරමාර්තය වන බව ද ඔහු පැවසීය.

කිසිවෙකුටත් පක්ෂයේ බෙදීමක් කිරීමට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කළේය.

RSL

Related Posts