අරගලයට පණ දෙන්න නියමිත දිනට පෙර බැසිල් ඇවිත්ලු
- RSL
- September 26, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Basil Rajapakasa, SLPP
- 0 Comments
තවත් මාසයක පමණ කාලයක් ඇමෙරිකාවේ සිටීමට අධිකරණයෙන් අවසර තිබුණත් තමා ශ්‍රී ලංකාවට නියමිත දිනට කලින් පැමිණියේ ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ගෙන යන අරගලයට සහාය දැක්වීමට බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
මාස දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටි තමා එම ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව 25 වැනි දින යළි ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔහු සඳහන් කළේය.
වර්තමානයේ ඇති වී ඇති ප්‍රවණතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමා අද හෙටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

