බක් පෝය අදයි!
- RSL
- April 21, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, poya day, reports
- 0 Comments
බක් පොහොය දිනය අදට යෙදී තිබේ. නව අවුරුද්දක් එළැඹෙන වසන්ත සමයෙන් ඇළැලෙන මෙම බක් පොහොය බෞද්ධාගමිකයන්ට වෙසෙස් වැදගත්කමක් දරන්නකි.
මෙරටට බුදුන් වහන්සේ දෙවැනි වරට පා තැබුවේ බක් පුන් පොහෝ දිනයක බව බෞද්ධ විශ්වාසය යි. චූලෝදර – මහෝදර නම් නා රජුන් අතර නාගදීපයේ ඇති වූ යුද්ධය සන්සිඳවන්නට එවර බුදුන් වහන්සේ පැමිණි බව බෞද්ධ පොත්-පත්වල සඳහන් වෙයි. එමෙන් ම බෞද්ධ ඉගැන්වීම් අනුව, සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිතිවලින් ජරා හෙවත් මහලු පෙරනිමිත්ත දුටුවේ ද බක් පුර පෝය දිනක බව කියැවේ. එසේ ම බුද්ධත්වය ලබාගත් පසු උන්වහන්සේ ඥාතීන් සම්මුඛ වීමට ද වැඩම කරන ලද්දේ, බක් පුන් පොහෝ දිනයක බව දැක්වෙයි.
