අලි පරයා ලැබෙන ඇප!

Spread the love

elephantsනීති විරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ලබාදුන් ඇපය අවලංගු කරමින් තිළිණ ගමගේ මහතා රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (21) නියෝග කර ඇත.

නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ලබාදුන් ඇපය කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් පසුගිය 13 වැනිදා අත්හිටුවමින් අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව නියෝග කර තිබූ අතර ඒ අනුව කොළඹ අලුත්කඩේ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද කොළඹ අලුත්කඩේ මහාධිකරණයට පැමිණියේය.

ඇපකරුවන් රජයේ විධායක නිලධාරීන් විය යුතු බවටද සැකකාර විනිසුරුවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කර ඇත. සෑම සතියකම ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙසටද නියෝග කර ඇති අතර ඇප තැන්පත් කිරීම නුගේගොඩ ගංගොඩවිල උසාවියේදී සිදුකිරීමට නියමිතය.

මේ අතර පොදු දේපළක් වූ අලි පැටවකු නිසි බලපත්‍රයක් රහිතව ළඟ තබාගැනීම ඇතුළු චෝදනා දෙකක් මත උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව ඊයේ (20) අධිචෝදනා භාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ධම්මාලෝක හිමියන් රුපියල් ලක්ෂ දෙසීයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට නියෝග කළ විනිසුරුවරයා මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා ලබන අගෝස්තු 02 හා 03 දිනයන්ට විභාගයට ගැනීමට ද ඊයේ (20) තීරණය කළේය.

RSL

Related Posts