රන්ජන්ට නාම යෝජනා ලැබෙයි – හිරුණිකා

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරදක් කර නැතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හිරුණිකා මහත්මිය සදහන් කළේ රන්ජන් රාමනායක මහතාට ඇප හිමිවීමත් සමඟ ඉදිරියේදී ඒ මහතාගේ තවත් හඬපට පිටතට එනු ඇති බවයි.

Continue Reading

රැකියා බෙදිල්ලේ අවුල ගැන දුමින්දගෙන් විවේචන

රජයේ රැකියා මුළු ලංකාවට ලබාදිය හැකකේ ලක්ෂයක් පමණක් වුවත් සමහර පුද්ගලයන් මේවන විට අනුරාධපුරය තුළ පමණක් රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් පමණ බෙදා දී තිබෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (26) මිහින්තලේදී හෙළි කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසුවා. ‘‘දෙන්න ඉඩමක් නෑ, ඉඩම් බෙදනවා කියලා ලැයිස්තු හදනවා.තව කට්ටිය සමිති වලට පුටු බෙදනවා, තව …

Continue Reading

දිස්ත්‍රික්ක 4ක මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනයට

මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 4ක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළා. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සදහන් කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී අසුන බැගින් අඩුවන බවත් බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී අසුන බැගින් වැඩිවන බවයි. ඒ අනුවල ගාල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 10 …

Continue Reading

හෙට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්හි උෂ්ණත්වය හෙට (27) දිනයේදී ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබේ. විශේෂයෙන්ම වයඹ හා බස්නාහිර පළාත්වලත්, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි ඇතැම් ප‍්‍රදේශවලත් අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා උෂ්ණත්වය ඉහළ යා හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. අධික උණුසුම පවතින අවස්ථාවලදී විවිධ ක‍්‍රියාකාරකම්වල නිරත වීමෙන් විජලනය වී …

Continue Reading

සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හරීවි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

තවත් සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කරයි. විසුරුවා හරින දිනයේ සිට දින 52කුත් දින හැටහයකුත් (66) අතර කාලය තුළ මැතිවරණය පැවැත්විය හැකි බවත්, මේ අනුව අප්‍රේල් 22 සිට මැයි 04 වන දින හෝ එදිනට පෙර දිනයක මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය …

Continue Reading

ලියන් සුරලියන් කරන ‘බොලිවුඩ් රූපලානව්‍ය රහස්’

ලියන් සුරලියන් කරන ‘රූපලාවන්‍ය’ ගැන ‘රහස්’ වැඩියෙන්ම දන්නේ කවුද ? තර්කයක් නැහැ. ඒ බොලිවුඩ් සුරූපිනියන්ම තමයි. ඉතිං බොලිවුඩයේ සුරූපිනියන් විසින් දිනපතා අත්හදා ලබන ඒ රූපලාවන්‍ය රහස් ඔබ දැන ගන්න කැමැති ද ? එසේ නම් ආරම්භ කරමු… භූමි පද්නෙකර් Bhumi Pednekar ඔබේ සම සජලීකරණය  hydrated කර හැකිතාක් ඔබේ ශරීරය ඩෙටොක්සයිෆ් detoxify කරන්න. ජැකලින් ෆර්නැන්ඩස් Jacqueline Fernandez හොඳ හිස් අවකාශයක සිටින්න. මානසික ආතතිය යනු …

Continue Reading

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරි ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වෙයි

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් පරිදි ඊයේ (25) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසියේ රැස්විය. කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වීමට ප්‍රධාන හේතුව වූයේ කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල් කිහිපයක කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙනි. මෙම කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය …

Continue Reading

ළමා මන්දපෝෂණය පිටුදැකීමට යයි

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය පිටුදැකීමට ඉහළම ප්‍රමුඛත්වය දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේ දී එකඟත්වය පළ විය. වසර 2030 වන විට ළමා මන්දපෝෂණය පිටු දැකීමට එක්සත් ජාතීන්ගේ සහ ලෝක බැංකුවේ හදිසි ඉල්ලීමට සවන් දීමට තම කාලය කැපකිරීම පිළිබඳ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හැනා සිංගර් මහත්මිය සිය …

Continue Reading

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව අපචාර වැළැක්වීම සදහා පුළුල් වැඩපිළිවෙලක්

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නීතිවිරෝධි ක්‍රියාකාරකම් හා අපචාර වැළැක්වීම සදහා පුළුල් වැඩපිළිවෙලක් සැකසේ. ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශව සමග ඒකාබද්ධව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී අද (26) පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සාකච්ඡාව කැදවා තිබුණේ ඇමති මහින්ද යාපා …

Continue Reading

සංචාරක සංවර්ධන බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහන කාලය දීර්ඝ කරයි

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන වලට සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහන කාලය තවත් මාස 04 කින් දීර්ඝ කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව  සංචාරක කර්මාන්තයේ සිදු වූ කඩා වැටීමත් සමගම මෙම සහනය සැලසුණු අතර …

Continue Reading