මහ මැතිවරණයට නාම යෝජනා කැඳවන්න මැතිවරණ කොමිසම සූදානම්

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධායක බලය ඊයේ (01) මධ්‍යම රාත‍්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවීම සමග අද (02) මධ්‍ය රාත‍්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සහ මහ මැතිවරණය සදහා දින නියම කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන අංශ විශ්වාසය පළ කරනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයට දින නියම කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති …

Continue Reading

පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනපතිට: ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට හිමි වුණා. ඒ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි. පාර්ලිමේන්තුව තේරී පත්වී වසර 4 ½ ක කාලසීමාවකින් පසුව එය විසුරුවා හැරීමේ බලය 19 වැනි සංශෝධනය අනුව ජනපතිට හිමිවෙනවා. වසර 2015 අගෝස්තු 16 වැනිදා පැවති මහා මැතිවරණයෙන් ජයගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව එම වසරේ සැප්තැම්බර් 1 වැනිදා පළමුවරට …

Continue Reading

මැතිව්ස්ගේ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ තරගාවලි ජයක්

වසර 5 කට පසු එක්දින තරගයකදී පන්දුවාර 10 ම ක්‍රියාත්මක කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 06 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01 දා) හැකියාව ලැබිණ. ඒ අනුව 2015 පරිදිම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාව ජය වාර්තා …

Continue Reading

ශ‍්‍රී ලංකාව එක්දින තරගාවලිය 3:0ක් ලෙස ජයගනී

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ සත්කාර ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (01) මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ‘තියුණු’ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය ශ‍්‍රී ලංකාව විසින් 3:0ක් ලෙස ජයග‍්‍රහණය කළා. එය සම්පූර්ණ තරගාවලි ජයග‍්‍රහණයක් වෙනවා. කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට …

Continue Reading

කොදෙව්වන්ට ලකුණු 300 ට වැඩි ඉලක්කයක්

තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජයට පත්ව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගෞරවාන්විත තරගාවලි අවසාන කර ගැනීම වෙනුවෙන් ඉතිරි අවසන් තරග අවස්ථාව බවට පත්වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සත්කාරක ශ්‍රී ලංකා පිතිකරුවෝ පිට පිටම දෙවැනි වතාවටත් ලකුණු 300 කට එහා ඉලක්කයක් ලබා දීමට අද (මාර්තු 01 දා) සමත්වූහ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ඉසුරු උදානව අවසන් …

Continue Reading

‘ගෙයක් – රටට හෙටක්’ පළමු නිවස විවෘත කෙරේ

“ගමට ගෙයක් – රටට හෙටක්” රජයේ නිවාස වැඩ පිළිවෙල යටතේ ඉදිකෙරුණු පළමු නිවස විවෘත කෙරේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඕජඩ්වත්ත ප්‍රදේශයේ මෙම නිවස ඉදිකර තිබුණේ දින 29 කින් වීම විශේෂත්වයකි. නිවස විවෘත කිරීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. පෙබරවාරි මස 01 වෙනි දින මුල්ගල තැබුණු  නිවසේ  හිමිකරු වුයේ රමිලා පතිරණ මහත්මියයි. …

Continue Reading

ජනපති රුව ප්‍රදර්ශනයෙන් වළකින්නැයි ඉල්ලීමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද ජනපතිවරයාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශ අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ. ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනයත් සිදුවන බව නිරීක්ෂණය කර ඇත. තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ …

Continue Reading

හෙට මධ්‍යම රාත්‍රියේ දී වත්මන් පාර්ලිමේන්තුව අනිවාර්යෙන් ම විසුරුවා හරිනවා – ඇමැති ප්‍රසන්න

ජනාධිපතිවරයා එක් පක්ෂකයිනුත්, අගමැතිවරයා තවත් පක්ෂයකිනුත් පත් වී ජීවිතේට රටක් ගොඩ නැගිය නොහැකි බවත් රට ගොඩ නැගීමට නම් දෙදෙනා ම එක් පක්ෂයකින් පත් වි ස්ථාවර ආණ්ඩුවක් බිහිවිය යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. හෙට (02) මධ්‍යම රාත්‍රියේ දී වත්මන් පාර්ලිමේන්තුව අනිවාර්යෙන් ම විසුරුවා හරින බව පැවසු රණතුංග මහතා එළඹෙන පාර්ලිමේන්තු …

Continue Reading

හිටපු නිවාස ඇමැති සජිත්ගේ වැඩ ‘මුල්ගල්වලට පමණයි’ – නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික

වත්මන් රජය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිවකුගේ රැකියා අහිමි නොකළ බවත්, හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොන්ත්‍රාත් පදනමින් ලබා දුන් පත්වීම් නිසා තරුණ තරුණියන්ට රැකියා අහිමි වු බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.      තරුණ ජීවිත රවටා එතුමන් අද සිදුකළ දෙයම එදා ඔහුගේ පියාණන්ද බලය ලබා ගැනීම සඳහා තරුණ ජීවිත යොදාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. …

Continue Reading

මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ඇමති ප්‍රසන්න හා ගුවන් සමාගම් අතර සාකච්ඡා

මත්තල හා රත්මලාන ගුවන්තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඔන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ඉල්ලයි. මෙම ගුවන් තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඔන සමාගම් වෙනුවෙන් රජය විශේෂ සහන ලබාදීමට තීරණය කර ඇතැයි ද ඇමතිවරයා කියා සිටී. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් වල මෙරට කළමනාකරුවන් හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය සිකුරාදා …

Continue Reading