කුඩා රටක් සංවර්ධනය කළ හැකි මග හඳුනාගන්න – ජනපති පර්යේෂකයන්ට කියයි

“ශ්‍රී ලංකාව කුඩා රටක්. කුඩා ආර්ථිකයක්. ජනගහණයත් විශාල නැහැ. එවැනි රටක් ඉහළ සංවර්ධන මට්ටමකට ඔසවා තබන්නේ කෙසේදැයි පර්යේෂණ කරන්න”  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී. අද ලෝකයේ ඇත්තේ දැනුම පදනම් කොටගත් ආර්ථිකයක් බැවින් පහසුවෙන් පුහුණු කළ හැකි ශ්‍රම බලකායක් සිටින අප රටේ ආර්ථිකය දියුණු කළ යුත්තේ ඔවුන් කේන්ද්‍ර කොටගෙන බව ද එතුමා පෙන්වා දෙයි. පර්යේෂණ ක්ෂේත්‍රයේ ආයතන …

Continue Reading

කොරෝනා වෛරසය ගැන කාර්ය මණ්ඩල දැනුවත් කිරීම ඇරඹේ

කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇරඹේ. එහි පළමුවැන්න අද (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. රෝගය හඳුනාගැනීම ඉන් වැළකී සිටීම මෙන්ම ආරක්ෂාකාරීව ක්‍රියාකිරීම පිළිබඳව වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා කාර්ය මණ්ඩලය දැනුවත් කළේය. මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සෑම ආයතනයකම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත. ආයතන කාර්ය මණ්ඩල තමන් ලබා ගන්නා දැනුම …

Continue Reading

අපි පත්කර ගන්නේ රට ගැන හිතන නායකයින් පමණයි – ඇමති ප්‍රසන්න රණතුංග

සන්ධානයක් ගහන්න හදනවිට මෙහි සම නායකයින් පත්කරන්න ගිය විට මම ඒකට විරුද්ධ වුණා. මහින්ද මහත්තයාට සම කරන්න මේ රටේ කිසිම නායකයෙක් නැහැ. මහින්ද මහත්තයා අසමසම නායකයා. එතුමා විතරයි සන්ධානයේ නායකයා වෙන්න පුළුවන් කියා මම කිවුවා. “ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමින් අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා …

Continue Reading

වනඅලි අසල ම නිදා ගන්න කැමති නම් මෙන්න අවස්ථාව

සංචාරක ව්‍යාපාරය කියන්නේ වේගයෙන් නව ඉසව් සොයා යන ක්ෂේත‍්‍රයක්. එවැනි තත්ත්වයක් තුළ පමණයි අතිෂයින් තරගකාරී මෙම කර්මාන්තය තුළ පැවැත්මක් තියෙන්නේ. මේ එවැනි නව අත්හදා බැලීමක් ගැන කතාවක්. තායිලන්තයේ චියැං රායි හි පිහිටි අනන්තාරා ගෝල්ඩන් ට්‍රයිකොන් එලිෆන්ට් කෑම්ප් ඇන්ඩ් රිසෝට් Anantara Golden Triangle Elephant Camp & Resort’s තමන් වෙත සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට ටිකක් පමණක් වුණත් අලූත් තාලේ වැඩක් ආරම්භ කරලා …

Continue Reading

පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ‘රටට ආදරේ කරන’ මිනිසුන්වයි – ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි

“ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමින් කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියන්, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති හඟුරන්කෙත චන්ද්‍රරතන නාහිමි සහ වාසුදේව නානායක්කාර මහතා කළ සම්පූර්ණ කතාව දිඟු කලක සිට ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පවුලේ අය සමඟ අපි සමීප සබඳතා තිබෙනවා. …

Continue Reading

කොරෝනා: ජාතික වැඩපිළිවෙළකට එක්වෙමු – JVP

කොරෝනා තත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළකට එක්වෙමු යැයි ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. කොරෝනා රෝගී තත්ත්වය ගෝලීය වශයෙන් වසංගත මට්ටමට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ තත්ත්වය තුළ සෑම රටක්ම විසින්  කොරෝනා රෝගය මැඩපැවැත්වීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම තවදුරටත් අවධාරණය වී ඇත. මේ අතර …

Continue Reading

අපිව පාරේ අවිද්දනවා කිව්ව අයත් අද අපෙන් නාම යෝජනා ගත්තා – බැසිල්

අපිට තවත් වරක් පරදින්න බැහැ. පැරදුනොත් ආයෙත් රටක් ඉතිරි වන්නේ නැහැ. අපි ළඟ යම් යම් අඩුපාඩු ඇති. ඒවා විසඳාගෙන ඉදිරියට යන්න ඕන. අපේ පක්ෂය බොහොම විවෘතයි. අපේ අඩුපාඩු හදාගෙන ප්‍රසන්න වැනි අය සමඟ ඉදිරියට යමු. ඉහළම ඡන්ද ප්‍රමාණයකින් ගම්පහ දිස්ත්‍රික්කය දිනාගත යුතු වෙනවා. ‘ප්‍රසන්න – පොදුජන අරගලයේ නොකී කථාව ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයේදි බැසිල් රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව වැරදි …

Continue Reading

දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර

දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. මව්පියන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ. 2020 වසරේ පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු …

Continue Reading

ආනයනික ජපන් වාහන මිල ඉහළට

ජපානයෙන් මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟ එරටින් ආනයනය කරන වාහන වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් පීරිස් පවසනවා. ඒ අනුව වැගන් ආර් රථයක මිල රුපියල් 170,000 කින්, පැසෝ රථයක මිල 160,000 කින්, විට්ස් මෝටර් රථයක මිල 240,000 කින්, ඇක්සියෝ මෝටර් රථයක මිල 375,000 කින් සහ වෙසල්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ …

Continue Reading

සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා අත්හිටුවන්න

පන්ති කාමරයෙන් එපිට සිදු කරන බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන් බවත් ඔවුන් විසින් අදාළ නියෝග විදුහල්පතිවරුන් වෙත දැනුම් දෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද සඳහන් කළා. එමෙන්ම පාසැල් අධ්‍යාපන චාරිකා සහ ක්ෂේත්‍ර චාරිකා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව ද ඒ මහතා කියා සිටියා. මේ අතර විදේශ රටවල සිට දිවයිනට පැමිණෙන ළමුන් හා දෙමාපියන් දින …

Continue Reading