කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇත. මහජන සුභසිද්ධිය සහතික කිරීම සඳහා පොදු සෞඛ්‍ය හා සෙසු සේවාහි මනා සම්බන්ධීකරණයකින් යුත් නිවාරණ හා කළමනාකරණ පියවර ගන්නා බවට සහතික කිරීමේ අරමුණෙන් මධ්‍යස්ථානය ස්ථාපනය කරනු ලැබීය. …
Continue Reading
පොහොට්ටුවෙන් ද ? – අතෙන්ද ? ශ‍්‍රීලනිප තීන්දුව අද දවල්
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී මහ මැතිවරණයට තරග කිරීමේදි අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ ඇතිව තිබෙන ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (17) දහවල් පැවැත්වෙන ශ‍්‍රීලනිප දේශපාලන මණ්ඩල රැුස්වීමේදී විශේෂ තීන්දුවක් ගැනීමට ඉඩ ඇතැයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය. ශ‍්‍රීලනිපය දැනටමත් මහනුවර,කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා වෙනම තරඟ කිරීමට තීරණය කර ඇති බවත් අද …
Continue Reading
ජනපති අද පස්වරු 8.00ට ජාතිය අමතයි
-
RSL
-
March 17, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිත බවත් කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව මෙහිදී ජනපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් ජනපති මාධ්‍ය අංශය සදහන් කරයි.
Continue Reading
දින 3ක විශේෂ නිවාඩුවක්
අද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බවත් මෙම නිවාඩු තුන ප්‍රසිද්ධ නිවාඩු (public holidays) ලෙස නොසැලිය යුතු බවද රජය නිවේදනය කරයි. සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින …
Continue Reading
කොරෝනා වයිරස්: ඔබේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නේ කෙසේද?
කොරෝනා වයිරසය ලෝකය අවිනිශ්චිතතාවයකට ඇද දමා ඇති අතර වසංගතය පිළිබඳ නිරන්තර ප්‍රවෘත්ති වලට නිර්දය බවක් දැනිය හැකිය. මේ සියල්ල මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කරයි, විශේෂයෙන් දැනටමත් කාංසාව සහ මනස කලඹන ගුප්ත රෝගාබාධ / උමතු-සම්පීඩන ආබාධය Obsessive–compulsive disorder (OCD) ඇති අයට ඉන් දැඩි බලපෑමක් සිදුවේ. (උමතු-සම්පීඩන ආබාධය ( OCD ) යනු මානසික ව්‍යාධියකි. යම් යම් ක්‍රියාකාරකම් නැවත නැවත සිදු කිරීමේ අවශ්‍යතාවය මෙම ආබාධය ඇති පුද්ගලයෙකුට දැනේ (“බලකිරීම්” ලෙස හැඳින්වේ), හෝ යම් …
Continue Reading
Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළට
ශ‍්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තහවරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනය කරයි. ආසාදිතයින් සියලු දෙනා පිරිමින් වන අතර එක් පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර අද (16) හදුනා ගත් අනෙක් ආසාදිතයින් සිවු දෙනා නිරෝධාන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බවත්, අනෙක් පුද්ගලයා කේරළයේ සිට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් බවත් ජාසිංහ මහතා වැඩි දුරටත් පැවසීය. මේ …
Continue Reading
මහජන ගැවසීම අඩු කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා සීමා කෙරේ
බැංකු ගනුදෙණු, වෙළෙඳ සහ වාණිජ කටයුතු සාමාන්‍ය පරිදි කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ. හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ. අද (16) රැස් වූ අධිකරණ සේවා කොමිසන් සභාව මාර්තු 17 සිට 20 දක්වා දිනවල සිදුකිරීමට නියමිත අධිකරණ කටයුතු පිළිබඳව …
Continue Reading
Covid 19 – අද දින දේශීය නිල පුවත් එකතුව
උසස්පෙළ – ශිෂ්‍යත්ව අයැදුම්පත් කැඳවීම මාර්තු 31 තෙක් කල් යයි මේ වසරේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසාන දිනය මාර්තු 31 දින දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් විභාගයට අයැදුම් කිරීමට නොහැකි වූ අපේක්ෂකයන් වේ නම් ඔවුන් අන්තර්ජාලයෙන් පමණක් අයදුම් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් …
Continue Reading
මැතිවරණය පිළිබඳව දෙගිඩියාව නැති කළ යුත්තේ මැතිවරණ කොමිසමයි – ජවිපෙ නායක අනුර දිසානායක
-
RSL
-
March 16, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
අද දින (මාර්තු 16 ) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුවේ සම්පූර්ණ කතාව ඇතැම් දේශපාලන ව්‍යාපාරවලට තමන් විසින් අත්පත් කරගත් මාධ්‍ය ආයතන හරහා ප‍්‍රචාරණය ගෙනයාමේ හැකියාව තිබුණත් එම දේශපාලන ව්‍යාපාරවල පහළ මට්ටමේ අපේක්‍ෂකයින්ට පවා තමන් පිළිබඳව, තමන්ගේ මනාප අංකය පිළිබඳව ජනතාවට පණිවුඩ ගෙනයාමේ දුෂ්කරතාවයක් ඇතිවෙනවා. මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට තිබෙන මාසයකට ආසන්න කාලයෙන් …
Continue Reading
රියදුරු බලපත්‍ර ආශ්‍රිත කටයුතු හා විභාග මාර්තු 31 දා තෙක් අත්හිටුවීමට පියවර
කොරෝනා (COVID-19) වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කළ හැකි වන පරිදි, මහජනයා කණ්ඩායම් ලෙස එක්රැස් වීම වලකන සියලු අවස්ථාවෝචිත ක්‍රියාමාර්ග ගැනීම රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර ඇත. ඒ අනුව, එහි මුලික පියවරක් ලෙස රියදුරු බලපත්‍ර ලබාගැනීම, අලුත්කිරීම හෝ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මහජනතාව වේරහැර රියදුරු බලපත් ප්‍රධාන …
Continue Reading