20-27 යන දිනවල ගෙදර සිට රාජකාරී කරන ආකාරය රජය කියා දෙයි

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය සියලු පියවර ගෙන තිබේ.‍ එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියා කිරීම සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල මෙන්ම මහජනතාවගේ වගකීමයි. සියලු කරුණු සැලකිල්ලට ගෙන මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. …

Continue Reading

අප්‍රේල් 25 මහ මැතිවරණය කිසිසේත් පැවැත්විය නොහැකියි – මැතිවරණ කොමිෂම

සැලසුම් කර තිබූ ආකාරයට අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මහ මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව අද (19) මැතිවරණ කොම්සමේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසුවා. වත්මන් තත්ත්වය අනුව අපේ‍්‍රල් 25 වැනි දින සිට දින 14ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා වැඩිදුරටත් …

Continue Reading

තෙල් මිල අඩු වීමේ ඍජු වාසිය ජනතාව දෙනවා වෙනුවට ආණ්ඩුවෙන් වෙනත් වැඩපිළිවෙළක්

කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුව තිබුණත් වර්තමානයේ පවතින තෙල් මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට ර​ජය තීරණය කර තිබේන අතර එසේ ඉතිර වන මුදල් යොදාගනිමින් පස් ආකාරයේ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමුකර තිබේ. ඒ පහත සදහන් වැඩපිළිවෙළයි 01 මාර්ග තදබදය අවම කිරීම හා පොදු මහජනතාවගේ මෙන්ම පෞද්ගලික වාහනවල ප්‍රවාහනය පහසු කිරීම අරමුණු කරගෙන වර්තමාන වෙළඳපොළ තුළතෙල් මිල …

Continue Reading

20 සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස නම් කෙරේ

මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. මේ පිළිබඳ වැඩි විස්තර පසුව දැනුම් දෙනු බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

Continue Reading

කොරෝනා උණුසුම් ලෝක පුවත් Update : හෙට සිට ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ඇතුළු වීම තහනම්

ඉතාලියේ කොරෝනා වසංගතය පාලනයෙන් තොර වෙයි ඇමෙරිකානු ජනපතිගෙන් තරුණ ප්‍රජාවට ඉල්ලීමක් මරණ සංඛ්‍යාව ඉහළ යාම සමග මහා බ්‍රිතාන්‍යයේ පාසල් වසා දමයි චීනයෙන් එකදු කොරෝනා ආසාදිතයෙක්වත් වාර්තා වී නෑ ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 218,000ක් සහ මරණ 9000ක් දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ විශාලතම අභියෝගය කොරෝනා හෙට සිට ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ඇතුළු වීම තහනම් අද (19) සිට බලපැවැත්වෙන පරිදි නවසිලන්තයටත් හෙට (20)සිට …

Continue Reading

සංචාරක ශ්‍රී ලාංකිකයින්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකාව විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලයි

දැනට තම රටවල සංචාර සඳහා පැමිණ,  COVID-19 කොරෝනා වෛරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට යාම පිළිබඳ අපහසුතාවයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් ලබා දෙන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශ රජයන්ගෙන් ඉල්ලා තිබේ. දැනට මෙරට තුළ සිටින විදේශීය ජාතිකයින් සඳහා, තම වර්තමාන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ දින සිට …

Continue Reading

COVID 19- ඔබේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නේ කෙසේද?

කොරෝනා වයිරසය ලෝකය අවිනිශ්චිතතාවයකට ඇද දමා ඇති අතර වසංගතය පිළිබඳ නිරන්තර ප්‍රවෘත්ති වලට නිර්දය බවක් දැනිය හැකිය. මේ සියල්ල මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කරයි, විශේෂයෙන් දැනටමත් කාංසාව සහ මනස කලඹන ගුප්ත රෝගාබාධ / උමතු-සම්පීඩන ආබාධය Obsessive–compulsive disorder (OCD)  ඇති අයට ඉන් දැඩි බලපෑමක් සිදුවේ. (උමතු-සම්පීඩන ආබාධය ( OCD ) යනු මානසික ව්‍යාධියකි. යම් යම් ක්‍රියාකාරකම් නැවත නැවත සිදු කිරීමේ අවශ්‍යතාවය මෙම ආබාධය ඇති පුද්ගලයෙකුට දැනේ (“බලකිරීම්” ලෙස හැඳින්වේ), හෝ යම් …

Continue Reading

කොරෝනාවලින් ආරක්ෂාවන්න පෝෂණ වෛද්‍ය සංගමයෙන් උපදෙස්

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 රෝගය ව්‍යාපත්වීමත් සමගින් එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙහිදී එදිනෙදා සෞඛ්‍ය සම්පන්නව ගත හැකි ආකාරය පිළිබඳව ඔවුන් පැහැදිලි කර තිබේ. දිනකට ජලය ලීටර් දෙකක් පානය කිරිම. ප්‍රධාන ආහාර වේල් තුන නියමිත පරිදි ලබා ගැනිම. විටමින් සී බහුල දෑ ආහාරයට ගැනීම (පේර, නෙල්ලි, ජම්බෝල, කැරට් …

Continue Reading

නිතර නිතර මුහුණ ස්පර්ශ කරන විද්‍යාත්මක හේතු හෙළි වෙයි

කොවිඩ් -19 වැනි රෝග පැතිරීමේදී මිනිසුන්ට ඒවාට පහසුවෙන් ගොදුරු වීමට හේතුවක් තිබේ. ඒ මිනිසුන් ස්පර්ශ කිරීමයි. අපි දිගටම අපගේ මුහුණු ස්පර්ශ කරමු. මිනිසුන් එසේ කරන්නේ ඇයි ? මේ ඒ ගැන.. මිනිසුන්ට වෙනත් බොහෝ සතුන් සමඟ බෙදා නොගන්නා තරමක් අසාමාන්‍ය පුරුද්දක් ඇති අතර අවාසනාවකට මෙන් ඇතැම් රෝග පැතිරීමේදී එය අපව විශේෂයෙන් අවදානමට ලක් කරයි. ඒ මුහුණ ස්පර්ශ කිරීමයි. අපගේ විශේෂය සත්ව රාජධානියේ …

Continue Reading

නාම යෝජනා උණුසුම් පුවත්: මහරාජාගේ ගෝලයෙක් සහ මර්වින් සිල්වා එජාපයෙන් එයි

මර්වින් සිල්වා එජාපයෙන් අනුරාධපුරයට හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාඅනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චිය ආසන සංවිධායකවරයා ලෙසද ඔහුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ. තම දේශපාලන පුනරාගමනය ගැන සදහන් කරමින් මර්වින් සිල්වා පවසා ඇත්තේ තමන් දුටු ගැමුණු රජතුමන් නතරකළ තැන සිට රට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම තම අපේක්ෂා කරන බවයි. තමන් හම්බන්තොට, ගම්පහ දිස්ත්‍රික්ක …

Continue Reading