අද පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

අද  (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

Continue Reading

මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා කිරීමට පියවර

කොරෝනා වසංගතය හේතුවෙන් විනිමය අනුපාතය සහ මූල්‍ය වෙළෙඳ පොළ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වයන් හි පීඩනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර කිහිපයක් ගෙන තිබේ. 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනත, 1988 අංක 30 දරණ බැංකු පනත සහ 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතෙහි විධිවිධානවලට අනුව මෙම පියවරයන් ගන්නා ලද බව ශ්‍රී ලංකා මහ …

Continue Reading

කොරෝනා මර්ධනය ඉන්දියාවෙන් ‘දැඩි’ තීන්දු : මුළු ඉන්දියාවටම ඇදිරි නීතිය

කොරෝනා වයිරසය මර්ධනය කිරීම සදහා වන කඩිනම් පියවරක් ලෙස ඉන්දීය අගමැතිවරයා විසින් මුළු ඉන්දියාවටම බලපාන පරිදි ඇඳිරි නීතිය Janta Curfew’ පනවා තිබෙනවා. මේ දක්වා කොරෝනා මර්ධනය සදහා යම්කිසි රටක් විසින් ගත් දැඩිම තීන්දුව මෙය බවයි විදෙස් මාධ්‍ය කියන්නේ. කොරොන වයිරස් (කොවිඩ් -19) වසංගතය ඉන්දියාවට ද බලපා ඇති හෙයින් අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉරිදා උදේ 7 සිට රාත්‍රී …

Continue Reading

ජා-ඇල හා වත්තලට රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය

අද (19) රාත්‍රී 10.00 සිට – ඇල හා වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Continue Reading

නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ විශේෂ චක්‍ර ලේඛයක්

කොරෝනා හෙවත් COVID -19 වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (19) සිට සතියක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්නායක ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් නිකුත් කර තිබේ. වාණිජ මහා අධිකරණ, මහා අධිකරණ, සිවිල් අභියාචනාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවල අද (19) සිට 27 දක්වා පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කර චක්‍රෙල්ඛය නිකුත් කර …

Continue Reading

COVID 19 ලෝක පුවත් Update: ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර 90%කට කොරෝනා ආසාදනය වීමේ අවදානමක්

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර සියයට 90කට කොරෝනා ආසාදනය වීමේ අවදානමක් / ඇමෙරිකාවේ කොරෝනා මරණ වේගයෙන් ඉහළට / සිංගප්පූරුවේ කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් ඉහළට / කොරෝනා වසංගතයෙන් මිලියන 25කට රැකියා අහිමි වීමේ අවධානමක් /ග‍්‍රීසියේ කොරෝනා මර්ධනයට නව නීති සහ දඩ ඉරානයේ සෑම විනාඩි 10කට වරක් කොරෝනා මරණයක් කොරෝනා වෛරසය වේගයෙන්ම ව්‍යාප්ත වන රටක් බවට මේ වන විට ඉරානය පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය …

Continue Reading

Full Story: Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුව

රාජගිරියේ පිහිටි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය, යුද්ධ හමුදාපතිවරයා, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැක් වූ අදහස්වල සාරාංශය. ජනතාව හැසිරෙන්නේ කිසිම වගකීමක් නැති ආකාරයෙන් – සෞඛ්‍ය ඇමැතිනිය මෙරට ජනතාවට තවම මේ පවතින කෙරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිම වගකිමක් නැති බව ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අනුව පෙනි යන බව සෞඛ්‍ය …

Continue Reading

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහ මැතිවරණයට අදාළ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප‍්‍රකාශයට පත්කළා. ඒ අනුව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා මහලේකම් නීතීඥ සාගර කාරියසම්, ජනාධිපති නීතීඥ අලී සබ්රිල මහාචාර්ය වරිත හේරත්, හිටපු ආණ්ඩුකාරවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණල සීතා අරඹේපොළ, ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්, ටිරාන් අලස් සහ මොහොමඩ් මුස්ම්මිල් යන මහත්ම මහත්මීන් ද ශ්‍රී …

Continue Reading

රතන හිමිගේ පක්ෂයේ කොළඹ, කුණෑගල හා මොනරාගල නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලැයිස්තු මන්ත‍්‍රී අතුරලියේ රතන භික්ෂුව විසින් නා​යකත්වය ලබා දෙන ‘අපේ ජන බල පක්ෂයේ’ කොළඹ, කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. බොදුබල සේනා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරන ආන්දොලනාත්මක සිදුවීම් රැුසකට මුල් වූ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම ​සඳහා නාමයෝජනා අත්සන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් රතන …

Continue Reading

සියලු රාජ්‍ය සේවකයන්ට 23වනදා වැටුප් ගෙවන්න – අගමැති මහින්ද

සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දී තිබේ.  ඒ අනුව ලබන 23 වැනි දින රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමට අදාල කටයුතු මුදල් අමාත්‍යංශය මඟින් සිදුකරනු ලැබේ. කොවිඞ් 19 වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීමට රට වෙනුවෙන් තමන් අතින් සිදුවිය යුතු කාර්ය …

Continue Reading