රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු හදිසියෙන් කොළඹට කැඳවයි
දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද දින කොළඹට කැඳවන ලදී. මෙම අධ්‍යක්ෂවරුන් කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රවණාගාරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ඉදිරි දින කිහිපයේදී මෙම වෛරසය පැතිරයාම වැළැක්වීම …
Continue Reading
Political Week Review: දුමින්ද ඇතුළු කල්ලිය ප්‍රසන්න දැක්ක ගමන් තුෂ්නිම්භූත වෙයි
-
RSL
-
March 20, 2020
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
සටහන – ගජබා නාගහවත්ත පසුගිය සදුදා නෙළුම් මාවත කාර්යාලයට යමින් සිටි ඇමති ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණි. එහා කෙළවරේ සිටියේ අගමැති මහින්දය. “ප්‍රසන්න කොහෙද ඉන්නේ….” මහින්ද ඇසුවේය. “සර් මම නෙළුම් මාවතට යන ගමන්….” ප්‍රසන්න උත්තර දුන්නේය. “මම මේ කථා කළෙත් ඒකට තමයි. ගම්පහ විතරක් නෙමෙයි අනිත් ඒවත් පොඩ්ඩක් බලන්න…” මහින්ද ප්‍රසන්නට කීවේය. “හරි සර්… මම ඒ ගැන බලන්නම්. බැසිල් සර්රුත් මට …
Continue Reading
Political Week Review: සජිත් – මංගල ගිය එක එජාපෙට ආශිර්වාදයක් වුණා – වජිර
මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දීමට තිබුණද කොරෝනා වසංගත උණුසුම හේතුවෙන් ඡන්ද උණුසුම යටපත්වී ගියේය. ජනතාවට දේශපාලන උණුසුම නොතිබුණ ද නාම යෝජනා බාර දීමට තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂයට ද ඉකුත් සතිය කාර්ය බහුල විය. නායකයාද සිරිකොතෙහි රැදී සිටිමින් නාම යෝජනා කටයුතුවල නිරත වූවේ ඉකුත් බ්‍රහස්පතින්දා නාම යොජනා බාර දෙන අවසන් දිනය වූ නිසාවෙනි. වෙනදා මෙන් මන්ත්‍රීවරුන් …
Continue Reading
‘Lock down Sri Lanka’ සහ Food city හිස් කිරීම
-
RSL
-
March 20, 2020
-
විද්වත් කථිකාව
-
featured
-
0 Comments
සමස්ත හෝ තාවකාලික “ලොක් ඩවුන්” කිරීමක සමාජයීය සහ ආර්ථිකමය පල විපාක පිළිබඳ මනා තක්සේරුවකින් තොරව හුදෙක් එය මන්ත්‍රයක් ලෙස ජප කිරීම අතිශය දේශපාලන වගකීම් විරහිතභාවයක්ද වේ. ඒ සියල්ල ආණ්ඩුව විසින් බලා ගත යුතුය යන ආකල්පය වනාහී යළිත් වරක් පරම බලැති අධිකාරීමය පාලකයෙකු පිළිබඳ ෆැන්ටසිය තුළින් ගලා එන්නකි. දැන් ගෝලීයවත් ජාතිකවත් හදිසි තත්ත්වයක් උදා වී ඇත. ජියෝජි අගම්බෙන්ගේ වචනයෙන් කිව හොත් …
Continue Reading
සියලුම අධිවේගී මාර්ග වසා දමා දුම්රිය ධාවනය ද නතර කරයි
-
RSL
-
March 20, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍යහමුවේදී සදහන් කළා. අමාත්‍යවරයා කිසා සිටියේ විශේෂයෙන් සෞඛ්‍ය අංශය, ආරක්ෂක සේවා අංශය, පුද්ගලික ආරක්ෂක සේවාවන්, වරාය යන අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන යන සේවාවන්ට මෙම ඇඳිරි නීතියෙන් බාධාවක් ඇති නොවන බවයි. සියලුම අධිවේගී මාර්ග …
Continue Reading
කිසිදු බාහිර පුද්ගලයෙන් මහරගම අපේක්ෂා රෝහලට යන්න එපා
මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු රෝගීන්ගේ ඥාතීන්ගෙන් සහ සෙසු පුද්ගලයින්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා. වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින වෛද්‍යවරු රෝහලේ සිටින රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙනවා. පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එවැන්නක් …
Continue Reading
විනෝද චාරිකා, වන්දනා සහ සංචාරක ගමන් වහාම තහනම්
කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කරයි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මේ තීරණය ගෙන තිබේ. ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටී. බස්රිය සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මේ පිළිවෙත …
Continue Reading
කොරෝනා වසංගතයේදී ලංකාවේ ආරම්භය ඉතාලියටත් වඩා භයානකයි – GMOA
Italy vs Sri Lanka situation (Chart) We are in a worst situation compared to Italy at the end of first 7 days(from 1st Local Case)Peak of the COVID-19 in Sri Lanka can be expected during New Year Season if we do not take more aggressive decisions as suggested by WHO. ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් …
Continue Reading
Covid 19 World Hot News: ඇමෙරිකානු කෙල්ලෝ – කොල්ලෝ නීතියට ඔච්චම් කරති
ලොව පුරා කොරෝනා වෛරස ව්‍යාප්තියේ නවතම සාරාංශය ඔස්ට්‍රේලියානු මගී නෞකාවක් වන Ruby Princess නෞකාවේ මගීන් 2,700 ක් පමණ හදිසියේම ස්වයං හුදකලා වීමට නියෝග කර තිබේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ විදේශයන්හි සිටින ඇමරිකානුවන් වහාම සිය රට බලා යා යුතු බවයි කැලිෆෝනියාවේ මිලියන 40 ක ජනතාව සඳහා නිවාසවලට වී සිටින ලෙස නියෝගයක් ප්‍රකාශයට පත් කරයි ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් Gavin Newsom පවසන්නේ …
Continue Reading
කොරෝනා වයිරස භීතිය මැද නිවසේ රැඳී සිටියදී ව්‍යායාම කරන්නේ කෙසේද?
-
RSL
-
March 20, 2020
-
ක්‍රීඩා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොරෝනා වෛරසයේ අවදානම ඉහළ යාම සමග ඔබට සුපුරුදු ව්‍යායාම කළ නොහැකියි. ඒ අතර නිවස තුළම සිටින තත්ත්වයක් තුළ මානසික ආතතිය ද වර්ධනය විය හැකියි. ඉතිං මෙවැනි අවස්ථාවක සුපුරුදු ව්‍යායාම වෙනුවට විකල්ප ව්‍යායාම කරමින් මානසික හා කායික සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නේ කෙසේද ? මේ ඒ ගැන විධිමත් දැනුවත් කිරීමක්. නිවසේ රැඳී සිටීම පිළිබඳ නව උපදෙස් පිළිපදින අතරතුර නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව …
Continue Reading