කාන්තාවන්ට වඩා කොරෝනාවලින් පිරිමින් මිය යන්නේ ඇයි ? විද්‍යාත්මක හේතු සොයා ගනී
දුම්පානය, මත්පැන් පානය, සාමාන්‍ය දුර්වල සෞඛ්‍යය පිරිමින් අතර බහුල හෙයින් පර්යේෂකයන් පවසන්නේ කාන්තාවන්ට වඩා පිරිමින් කොරෝන වෛරසයෙන් මිය යන්නේ ඇයිද යන්න පැහැදිලි කළ හැකි සාධක මේවා බවයි. ඉතාලිය වැනි රටවල වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කළ පුද්ගලයින්ගෙන් 60% කට ආසන්න සංඛ්‍යාවක් සහ මියගිය අයගෙන් 70% කට වැඩි පිරිසක් පුරුෂයින්බ ව ජාතික සෞඛ්‍ය ආයතනය (අයිඑස්එස්) පවසයි. වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ කාන්තාවන්ගේ අනුපාතය …
Continue Reading
Covid 19: අවුරුදු 80ට වැඩි නම් මරණ අවදානම සාමාන්‍ය ප්‍රමාණයට වඩා 10 ගුණයකින් ඉහළට
එක්සත් රාජධානියේ රජයේ වෛද්‍ය උපදේශකවරුන් විශ්වාස කරන්නේ නව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්විය හැක්කේ 0.5% ත් 1%ත් අතර ප්‍රමාණයක් පමණක් බවය. මෙම අගය දැනට තහවුරු වී ඇති ආසාදිතයන්ගෙන් මරණයට පත්වූ ප්‍රතිශතයට වඩා අඩු අගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ ලොව පුරා ආසාදිතයන්ගෙන් 4%ක් මරණයට පත් වී ඇති බවය. මාර්තු 23 වනදා වන විට එක්සත් රාජධානිය තුළ මරණ …
Continue Reading
ලංකාව ඉතාලියක් වනවා දකින්න කැමැති නැති නිසා ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව ජනපති කියයි
ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති කැබිනට් මණඩල රැස්වීමේදී පවසා තිබෙනවා. එහිදී රට තුළ පවතින වත්මන් තත්තවය ගැන පැහැදිලි කරමින් ජනපතිවරයා පවසා ඇත්තේ එම කාලසීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයා දෙන බවත්, සතොස හා සමුපකාරය සතු වියළි ආහාර …
Continue Reading
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය දිගටම
දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කිරිමට තිරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කරයි. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වෙනු ඇත. පුත්තලම, වවුනියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්‍ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 සිකුරාදා පෙ.ව 6.00ට …
Continue Reading
අද දින කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑ – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා
අද (25) දිනයේ පස්වරු 4.30 වනවිට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඊයේ (24) වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් ගණන 102කි.
Continue Reading
චාල්ස් කුමරුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වේ
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව ඔහුගේ නිල නිවස වන ක්ලැරන්ස් මන්දිරය තහවුරු කළේය. 71 හැවිරිදි කුමරු සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම “හැරුණුවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන” බව ප්‍රකාශකයකු පැවසීය. චාල්ස් කුමරුගේ බිරිය වන කෝන්වෝල්හි ආදිපාදවරිය කැමිලා පාකර් ද පරීක්ෂාවට ලක් කෙරුණත් ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැත. චාල්ස් කුමරු හා කැමිලා යන දෙදෙනා …
Continue Reading
පොදු ගැටළු ඇත්නම් පොලිසියේ මේ අංක අමතන්න
ඇඳිරි නීතිය බලපැවැත්වෙන මේ කාල වකවානුව තුළ මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් එය දැනුම්දීමට පොලීසිය විසින් දුරකථන අංක 03ක් නිකුත් කර ඇත. ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 0112444480 0112444481 යන අංක අමතා එම ගැටළු පිළිබදව දැනුම්දීමට මහජනතාවට අවස්ථාව හිමිවෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසන්නේ සෞඛ්‍ය ගැටළු , විදුලිය විසංදිවීම , ජලය අත්හිටුවීම් ඇතුලු සපුරාගත …
Continue Reading
චීනයේ මාධ්‍ය නිදහස තිබුණි නම් නව කොරානා රෝගය ගෝලීය වසංගතයක් නොවන්නට ඉඩ තිබුණි – දේශසීමා රහිත වාර්තාකරුවෝ්
චීනයෙහි බලධාරීන් විසින් පනවා ඇති වාරණය සහ පාලනය නොතිබුනි නම් චීන ජනමාධ්‍ය විසින් කොරොන වෛරස් වසංගතයේ බරපතලකම පිළිබඳව කල්තියා මහජනතාවට දැනුම් දෙන්නට තිබූ බවත් එමගින් ජීවිත දස දහස් ගණනාවක් බේරාගෙන වර්තමාන ගෝලීය වසංගතයෙන් වැළකීමට ඉඩ තිබූ බවත් “දේශසීමා රහිත වාර්තාකරුවෝ්” සංවිධානය (ආර්එස්එෆ්) පෙන්වා දෙයි. මාර්තු 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයක් මගින්, සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් යෝජනා කරන්නේ චීන බලධාරීන් ජනවාරි 20 වන දින ගනු ලැබූ පළමු පියවර ඊට සති දෙකකට පෙර ක්‍රියාත්මක කළේ නම් චීනයේ කොරොන වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව 86% කින් අඩු කළ හැකිව …
Continue Reading
නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහන ඇරඹේ
රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ …
Continue Reading
ලේ බැංකුවේ රුධිර සංචිත වේගයෙන් ක්ෂය වෙයි: රණ විරුවෝ ලේ පරිත්‍යාග කරති
මේ වන විට රටේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් රුධිර බැංකුවේ රුධිර සංචිතයන් වේගයෙන් ක්ෂය වෙමින් පවතින බැවින් ජාතික රුධිර බැංකුව වෙත අත්‍යවශ්‍ය වී ඇති රුධිර සංචිතයන් පරිත්‍යාග කිරිමේ අරමුණින් හොරණ දොඹගොඩ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්තශාලාවේ මෙන්ම යුධෝපකරණ පුහුණු පාසලේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික …
Continue Reading