Covid-19 ගැන චීනය කියන කතා ඇත්තද? – බටහිර ලෝකය සැක මතු කරයි

කොරෝනාවෛරස් (කොවිඩ්-19) වසංගතය චීනයෙන් පැතිරයාම ආරම්භ වූ මුල් අවස්ථාවේ බීජිං බලධාරීන් විසින් එදා පැවැති තත්ත්වය පාලනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) ප්‍රශ්න කරයි. වෛරසය ආරම්භ වූ විගස, එම අර්බුදකාරී මොහොතේ චීනය තත්ත්වය පාලනය කරනු ලැබීම සඳහා උපරිම මට්ටමින් ක්‍රියාත්මක වී ඇතැයි පැවසීම ව්‍යාජ බොළඳ ක්‍රියාවක් යයි ප්‍රංශ ජනාධිපතිවරයා ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතට ප්‍රකාශ කර …

Continue Reading

ප්‍රියංකා චොප්රාගෙන් ඉන්දීය රසිකයින්ට ‘ආදරණීය පණිවුඩයක්‘

සුපිරි බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රා ජීවත් වන්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර. ඒත් ඇය තම මවුබිම සහ තම රසිකයින් ගැන දක්වන උනන්දුවක් කිසිසේත් අඩුවී නැහැ. එනිසාම ඇය ඇගේ මිතුරන්, පවුලේ අය සහ රසිකයන් සමඟ නිරන්තරයෙන් ඇයගේ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වෙනවා. මේ අතර ඉන්දියාවේ පැවැතිර යමින් තිබෙන කොරෝනා වසංගතය ගැනත් ඇය දැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම කොරෝනා වෛරසය පාලනයට අගමැති …

Continue Reading

‘නැවත දැනුම් දෙන තුරු’ IPL අත්හිටුවයි

“නැවත දැනුම් දෙන තුරු” ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවා ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. පසුගිය මාර්තු 29 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබු ‘විස්සයි විස්ස’ තරඟාවලිය අත්හිටුවා ඇත්තේ කොරෝනාවෛරස් වසංගතය හේතු කොට ගෙනය. වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාව ‘ලොක්ඩවුන්’ කෙරුණු අතර එය මැයි මස 3 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. “අපේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ ජාතියේ සහ මේ …

Continue Reading

ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 244ක් දක්වා ඉහළට

ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (17) දින ප.ව 22.04 වන විට 244 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන්නේ අද දින ආසාදිත පුද්ගලයින් 06 දෙනකු හදුනා ගත් බවයි. එම වාර්තාව අනුව මේ වන විට රෝහල්වල ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 160ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 148ක්. සුවය …

Continue Reading

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය Covid-19 අවසන් වන තෙක් දීර්ඝ කරයි

කල් ඉකුත් වූ රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව Covid-19 තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතු වැඩපිළිවෙළට අදාළව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග එම අමාත්‍යාංශයේදී අද (17) දින පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේ. මේ සම්න්ධයෙන් ආරක්ෂක …

Continue Reading

මැනිං වෙළඳපොළ තවත් සතියක් වසා දමයි: ගොවීන්ට සහ වෙළඳුන්ට විශේෂ දැනුම් දීමක්

පිටකොටුව මැනිං තොග වෙළඳපොළ තුළ කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් එය තවත් සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ. මේ තත්ත්වය මත දැනට එළවළු හා පලතුරු නිෂ්පාදන මැනිං වෙළඳපොළ වෙත රැගෙන ගොස් අලෙවිකරන ලද සියලුම ගොවි මහතුන් හා වෙළඳ මහතුන් නැවත දැනුම්දෙනතුරු තම නිෂ්පාදන මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙසද,  මැනිං …

Continue Reading

නියමිත කාලයේ මහ මැතිවරණය නැති වුණොත් ව්‍යවස්ථා අර්බුදයක් – කරු

ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් අද (17) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා. පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳ තත්ත්වය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සමබනන්ධයෙන් මේ වන විට රටේ විධායකය සහ මැතිවරණ කොමිසම අතර පැන නැගී ඇති ගැටලූකාරී තත්ත්වය පිළිබඳව බොහෝ ආගමික …

Continue Reading

Covid-19: පීඩාවට පත් ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 423,179 කට මිලියන 3974.44 අධාර

කෝවිඩ් 19 හෙවත්  කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4,23,179 කට  රුපියල් මිලියන 3974.44 ක අධාර ලබා දී ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ  මෙම වසංගතය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්වූ පිරිස් වලට රුපියල් 5000ක ආධාරයක්  ලබා දීමේ වැඩ සටහනට අමතරව මෙම ආධාර ලබා ඇති බවයි. අවදානම් …

Continue Reading

තාරුණ්‍යයේ වගකීම් හා අයිතීන් මොනවාද?

කෙනෙකුගේ ජීවිතයේ වඩාත් ම සුන්දර, ජවයෙන් සපිරි හා අර්ථ වත් කාල පරිච්ඡේදය තාරුණ්‍ය යි. මිනිසා ජීවිතයේ විවිධ අවස්ථාවන් පසු කරයි. ළදරු, ළමා, නව යොවුන්, යෞවන, වැඩිහිටි හා වයෝවෘධ යනුවෙන් මෙම අවධි සාපේක්ෂව වෙන්කර දැක්විය හැකිය. නව යොවුන් වියෙන් (එනම් ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයේම මල්වර වීමේ වයසේ සිට) ආරම්භ වන තාරුණ්‍ය නොහොත් යෞවනය වැඩිහිටියෙකු බවට පත්වනතෙක් වූ කාල පරාසය තෙක් ලෙස දැක්විය හැක. …

Continue Reading

රට විරුවෝ රකින්න ආණ්ඩුව කිසිදු දෙයක් කරන බවක් පේන්න නෑ – බිමල් රත්නායක

කොරෝනා මර්දනය කිරීම මෙන්ම ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලින් අපහසුතාවයට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීමත් ආණ්ඩුවේ වගකීමක් බව ජ.වි.පෙ. ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අවධාරණය කරයි. බිමල් රත්නායක මහතා මේ බව අවධාරණය කළේ අද (17) දින බත්තරමුල්ල, පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී බිමල් රත්නායක මහතා කළ සම්පූර්ණ කතාව පහත පළ වේ. අපේ රටේ කොරෝනා වෛරසය …

Continue Reading