Covid-19: තත්ත්වය බරපතළයි – ‘වහා විසඳුමක් ගැන’ කතා කරමු

ඊයේ සවස් වනවිට කෝවිඞ්-19 වයිරසයෙන් ආසාදිත වූ සංඛ්‍යාව 368 ක් වූ අතර, පැය 24 ක් ඇතුළත අද පස්වරුව වනවිට එම සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගියේය. එයට හේතු වූයේ වැලිසර නාවික හමුදා කඳවුරද ආසාදනයට නතු වීමය.    වැලිසර නාවික හමුදා කඳවුරෙහි සෙබළුන් ඇතුලු 4,000 ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයට අද පස්වරුවේ යොමු කර ඇත. 4,000 ක් යනු අපගේ වැනි මිලියන 15 ක …

Continue Reading

රාජ්‍ය අංශයේ කොරෝනා හඳුනාගැනීමේ RT-PCR පරීක්ෂණ ධාරිතාවය අවභාවිතා වන බවට චෝදනා

කොරෝනා හඳුනා ගැනීමේ RT-PCR පරීක්ෂණය සිදු කිරීමේදී ඒ සඳහා  සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකර සිටීම සඳහා විවිධ උපක්‍රම යොදවන බව නිරීක්ෂණය වී අතැයි රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ විශේෂ ලිපියක සදහන් වේ. ජනපති ලේකම්, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු ආදාළ නිලධාරීන් වෙත යොමු කළ එම නිවේදනය මාධ්‍ය වෙත ද නිකුත් කර ඇත. කොවිඩ්-19 වසංගතය …

Continue Reading

ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් සැලසුම්

COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වෙළඳපොළ තත්ත්වයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල අපේක්ෂා කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු රාශියක් අවම කිරීම සඳහා වූ වෑයමක විදේශ අමාත්‍යාංශය නිරතව සිටිය ද, COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉස්මතුවී තිබෙන …

Continue Reading

Covid-19 පරීක්ෂණ වැඩපිළිවෙළ වහාම රටට හෙළි කරන්න – GMOA බලධාරීන්ගෙන් ඉල්ලයි

Covid-19 පරීක්ෂණ පහසුකම් පුළුල් කිරීමේ වර්තමානය තත්ත්වය පිළිබද තම ස්ථාවරය පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ද (24) සිය ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ප්‍රථමයෙන්ම ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 යනු අවිනිශ්චිතභාවය හා බැදුණු රෝගයක් බව තම සංවිධානය විසින් පෙන්වා දුන් බවයි. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ බහුතරයක් වූ රෝගීන් හදුනාගෙන ඔවුන් සමාජයෙන් ඉවත් …

Continue Reading

කරු ජයසූරිය ගැන ඉරිදා මව්බිම සහ CEYLON TODAY පුවත ‘අතේ රෝලක්’

අද දින (24) නිකුත් වූ ඉරිදා මව්බිම සහ එහි සන්ඩේ සිලෝන් ඉංග්‍රීසි පුවත්පතේ ‘ව්‍යවස්ථාදායක සභාවේදී මහින්දගෙන් කරුට මල්ටි බැරල් ප්‍රහාරයක්” යන සිරස්තලය යටතේ 2020.04.26 වන ඉරිදා දිනට නිකුත් වන  ජාතික පුවත්පතක සහ එම පුවත්පතෙහිම ඉංග්‍රීසි මුද්‍රණයෙහි  karuj comes under fire යන සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බව කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම …

Continue Reading

ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන්ට එන්නත් ලබා දීම සදහා ක්‍රමවත් වැඩපිළවෙළක්

ඇදිරි නීතිය නිසා නියමිත එන්නත් ලබා ගැනීමට නොහැකිව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීම සදහා ක්‍රමවත් වැඩ පිළවෙලක් සකසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ සෞඛ්‍ය බළධාරීන්ට උපදෙස් දෙයි. මේ සදහා  ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල සහාය ලබා ගන්නා ලෙසද ඇමතිවරයා මෙහිදී අදාල අංශ වෙත උපදෙස් ලබා  දුන්නේය. අද …

Continue Reading

උසස් පෙළ හා 5 වසර සිසු ගැටලු ගැන නලින්ද ජයතිස්සගෙන් අගමැතිට ලිපියක්

CORONA වසංගත තත්වය නිසා දුෂ්කරතාවයට පත්වී තිබෙන උසස් පෙළ හා 5 වසර දරුවන්ගේ ගැටලූ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය පහත දැක්වේ. වෛද්‍ය නලින්ද ජයතිස්සහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,464/20, පන්නිපිටිය පාර,පැලවත්ත,බත්තරමුල්ල ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,අරලියගහ මන්දිරය,කොළඹ. ගරු අගමැතිතුමනි, CORONA වසංගත තත්වය නිසා දුෂ්කරතාවයට පත්වී තිබෙනඋසස් පෙළ …

Continue Reading

COVID-19 සයිබර් තර්ජනවල ක්‍රියාකාරීත්වයේ ඉහළ යාමක්

COVID-19 වයිරස තත්වය යොදාගනිමින් සිදුවන සයිබර් ප්‍රහාර ඉහල යාමක් මේ දිනවල පෙන්නුම් කරනු ලබන අතර සයිබර් ආරක්ෂණ ආයතයක් විසින් හතලිස් දහසකට අධික COVID-19 සයිබර් තර්ජන හදුනාගැනීමට සමත්වී තිබෙනවා. සයිබර් ප්‍රහාර සිදුකිරීමට නිර්මාණය කර තිබෙන මෙම වෙබ් අඩවි වලට පිවිසෙන පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත, මුරපද සොරාගැනීමට සහ අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීමට සයිබර් ප්‍රහාරකයන් විසින් කටයුතු කරනු ලබයි.  ශ්‍රී ලංකාවෙහිද මෙවැනිම ආකාරයේ සයිබර් …

Continue Reading

වැලිසර නාවික හමුදා කදවුරේ නිවාඩු ගිය සියලු සෙබළු යළි කැදවා නිරෝධානය කරයි

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම සෙබළුන් හා නිලධාරීන් යළි කඳවුරට කැඳවා ඔවුන්ව නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විට  පියවර ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සිටි නාවික සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ …

Continue Reading

මැතිවරණයක් සදහා දින නියම වුණේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක් – රවී කරුණානායක

සෞඛ්‍ය බලධාරීන් මැතිවරණයක් පැවැත්වීමේ සුදුසු වාතාවරණයක් රට තුළ පවතින බවට පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නොතිබියදී මහ මැතිවරණයක් සදහා දින නියම වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමාට ගැටලුවක් පවතින බව හිටපු අමාත්‍ය රවි කරුණානායක පවසයි. ඊයේ (22) මැතිවරණ කොමිසමේ සාකච්ඡාවෙන් පසුව  මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සෞඛ්‍ය බලධාරීන්,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, මෙන්ම කොවිඩ් මැඩීමේ නියුතු කිසිම …

Continue Reading