Covid-19 Update: ලංකාවේ ආසාදිතයින් 690යි – ලෝකයේ මරණ 235,290යි

අද (01) දින ප.ව 22.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 25 දෙනකු වාර්තා වූ බවත් ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 690 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි වැඩි දුරටත් සදහන් වන්නේ අද දිනය අවසන් වන විට රෝහල් තුළ රෝගීන් 521ක් ප්‍රතිකාර ලබමින් සිටි අතර රෝහල් තුළ විමර්ශනය යටතේ පුද්ගලයින් …

Continue Reading

කොවිඩ් – 19 වැළැක්වීමට අනුගතව වෙසක් සමරමු – සෞඛ්‍ය ලේකම්

අප රටේ පවතින කොවිඩ් – 19  රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය වෙනස් ආකාරයනට සැමරිය යුතු වේ.සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර  වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කරන්නෙමු. මෙම උපදෙස් ඔබ අප සියලුදෙනා  කොවිඩ් – 19  රෝගයෙන් ආරක්ෂාවීම පිණිසයි. හැකිතාක් දුරට නිවස මූලික කරගත් ආමිස හා ප්‍රතිපත්ති …

Continue Reading

බස්නාහිර පළාතේ Covid-19 යම් තරමකට පාලනය කළා

අවශ්‍ය නම් දිනකට සිදුකරන PPR පරීක්ෂණ සංඛ්‍යාව 3000 ක් දක්වා වැඩිකිරීමේ සැලසුමක් බස්නාහිර පලාතේ කොරෝනා ( කොවිඩ් -19) තත්වය පාලනයට යටත් කොට  කොට තිබෙන බව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මේ වන විට බස්නාහිර පලාතේ විශාල වශයෙන් පී. සී. ආර් . පරීක්ෂණ සිදුකරයි. මේ වන විට විවිධ අවදානම්  කණ්ඩායම තෝරා ගෙන පී. සී. ආර් .පරීක්ෂණ සිදු කරමින් පවතී. එහෙත් තත්වය …

Continue Reading

සෞඛ්‍ය ඇමැති පවිත්‍රා විදෙස් සෞඛ්‍ය අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ඡාවක

COVID-19 වෛරසය මැඩලීම, ව්‍යාප්තිය පාලනය, සෞඛ්‍ය ප්‍රතිකාරක සේවාවන් සහ ඉදිරි සැළසුම් පිළිබදව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (2020.04.30)  රාත්‍රියේ දී පැවැත්විනි. කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිතවරියගේ කාර්යාලයේ දී පැය 02 කට ආසන්න කාලයක් නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්විනි. රටවල් 15 ක සෞඛ්‍ය අමාත්‍යවරුන් …

Continue Reading

දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙයි. මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන …

Continue Reading

‘හිටපු මන්ත්‍රී හමුවට’ අපි නෑ – ජවිපෙ අගමැතිට දැනුම් දෙයි

මැයි මස 04 වැනිදා අරලියගහ මැදුරේ පැවැත්වීමට නියමිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවට සහභාගී නොවීමට තම පක්ෂය තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම මගින් ආණ්ඩුව විසින්ම නිර්මාණය කරමින් තිබෙන අර්බුදය පිළිබඳව හිටපු මන්ත්‍රීවරු දැනුවත් කිරීම ප්‍රතිඵලදායක නොවන බව ජවිපෙ විශ්වාස කරන හෙයින් එම හමුවට …

Continue Reading

රජයෙන් කිසිම සහනයක් නැති ‘මැදි ආදායම් ජනකොටස හාන්සියි’

ලෝක කම්කරු දිනය හෙටට යෙදී තිබේ. මෙවර කම්කරු දින උණුසුම නැත. පසුගිය වසර ගණන තුළ ක‍්‍රමයෙන් කම්කරු දින සැමරුම ගැන තිබුණ උනන්දුව හීන වෙමින් තිබුණි. ජන සමාජයේ සිදුවන පරිවර්තනය එයට ප‍්‍රබල හේතුවකි. අධිරාජ්‍යවාදී යුගයේ වැඩකරන ජනතාවට දිනාගන්නට අයිතිවාසිකම් තිබිණ. හාම්පුතුන් හා කම්කරුවන් අතර ගැටුම් පැවතින. ධනවාදය සම්බන්ධ ආකල්ප තුරන් වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථික ක‍්‍රමය ගැන බලවත් විවේචන ඇත. …

Continue Reading

Covid-19 Update: ශ‍්‍රී ලංකාව තුළ ආසාදිතයින් 663ක් – ගෝලීය වශයෙන් මරණ 61,288ක්

ශ‍්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදතයින් සංඛ්‍යාව අද දින ප.ව 23.04 වන විට 663 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි. ඒ අනුව අද දිනය තුළ නව ආසාදිතයින් 14 දෙනකු වාර්තා වී ඇත. මේ අතර අද දිනය වන විට ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ගැන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම වාර්තා දක්වන්නේ ගෝලීය …

Continue Reading

කෘෂි සහ වෙනත් භාණ්ඩ වෙළෙඳ හුවමාරුව සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ජනපති විමසුමට

ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි. කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා  අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. වෙළෙඳ, අපනයන, පොහොර ඇතුළු සේවා සැපයුම්, තොග සැපයුම්කරුවන්,තොග ගැනුම්කරුවන්, භාණ්ඩ …

Continue Reading

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකියි – ජනපති සජිත්ට කියයි

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට ඊයේ (29) පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දුන්නේය. විපක්ෂයේ ප්‍රකාශනයට අත්සන් තබා ඇති පාර්ශ්ව මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැතැයි කල්පනා කරන බව නිරීක්ෂණය වන්නේයැයි හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වෙයි. කොවිඩ් …

Continue Reading