Covid-19 Update: ලංකාවේ ආසාදිතයින් 702යි – ලෝකයේ මරණ 240,654යි
ශ්‍රී ලංකාවෙන් අද (2) දිනය තුළ (ප.ව 22.05 වන විට) කොවිඩ්-19 ආසාදිතයින් 12 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 702 දක්වා වර්ධනය වී තිබෙනවා. මේ අතර ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් අද (2) දිනය අවසානයේ නිකුත් කළ වාර්තාවල ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් හා මරණ පිළිබද නිල දත්ත දක්වා තිබෙනවා. …
Continue Reading
මැයි 04 වැනිදා තැපැල් කාර්යාල විවෘත කරන්නේ නැහැ – තැපැල් වෘත්තීය සමිති
කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලට භාර දෙන ලිපි ඇතුළු සියලු තැපැල් භාණ්ඩ ආරම්භක හා ගමනාන්ත කාර්යාලවලදී විෂබීජහරණය කිරීමට පහසුකම් සපයන තුරු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත නොකිරීමට තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ ඒකමතිකව තීරණය කළ බව එම පෙරමුණ විසින් තැපැල්පතිවරයා වෙත ලිපියක් මගින් දන්වා යවා තිබෙනවා. එම ලිපියේ සදහන් වන්නේ රජය විසින් ගත් තීරණය අනුව කොළඹ …
Continue Reading
නොගියොත් චෝදනා කරන නිසා එජාපය මහින්දගේ මැයි 04 හමුවට යනවා – අකිල
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 04 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇති පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හමුව සදහා එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (2) පැවසුවේය. එජාපය විසින් එම තීරණය ගැනීමට හේතු පැහැදිලි කරමින් මහ ලේකම්වරයා කියා සිටියේ අදාළ හමුව වර්ජනය කළහොත් එය හේතු කොට ගෙන ආණ්ඩුව දිගින් දිගටම එජාපයට චෝදනා …
Continue Reading
මහ මැතිවරණය ගැන නිශ්චිත තීන්දුව තව සති දෙකකින්
මහ මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගැනීම සදහා තව සති දෙකකින් මැතිවරණ කොමිසම රැස්වන බව මැතිවරණ කොමිෂන් සභාව අද (2) පැවසුවා. දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් තීරණය ගත් බවයි වාර්තා වන්නේ. දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අද පැවැති සාකච්ඡාවේදී නියම කළ පරිදි ජූනි 20 වැනිදා මහ මැතිවරණය …
Continue Reading
‘මනාප අංක’ මැතිවරණ දිනය නිශ්චිතව තීන්දු කළාට පසු – දයාසිරි ජයසේකර
මැයි 04 වැනි දින මහ මැතිවරණය සදහා තරග කරන අපේක්ෂකයින් හට අපේක්ෂක අංක ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වුවත් එදිනට එය සිදු නොවනු ඇති බව ඇමැති දයාසිරි ජයසේකර මහතා අද (2) මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවසුවා. දේශපාලන පක්ෂ නායකයින් සහ මැතිවරණ කොමිෂමේ සාමාජිකයින් අතර අද දින පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් පවසා සිටියේ මහ මැතිවරණය …
Continue Reading
විරෝධතා රැසක් සමග ‘සමගි ජන බලවේගයත්’ මහින්දගේ මැයි 04 හමුව ප්‍රතික්ෂේප කරයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාටම මැයි 4 වැනි දා අරලිය ගහ මන්දිරයට පැමිණෙන්නට සිදු කළ ආරාධනය සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කරන බව සදහන් කරමින් එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. සමගි ජන බලවේගය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි. විපක්ෂය වගකීමෙන් හැසිරුණා කොරෝනා ව්‍යසනය පිළිබඳව වූ අනතුර …
Continue Reading
ඔබ දිනකට කොපමණ ජල ප්‍රමාණයක් පානය කළ යුතුද ? ‘මිත්‍යා මත වෙනුවට විද්‍යාත්මක කරුණු’
ඔබට තෙහෙට්ටුවක් හෝ වියළි සමක් තිබුණත්, ප්‍රතිකාරයක් ලෙස වැඩිපුර ජලය පානය කරන ලෙස ඔබට බොහෝ දෙනෙක් පවසා ඇතිවාට සැක නැත. නමුත් මෙම උපදෙස් ලැබෙන්නේ දශක ගණනාවක් පැරණි මග පෙන්වීමෙනි. ඇතැම් විට එහි විද්‍යාත්මක පදනමක් නොමැති විය හැකිය. 19 වන ශතවර්ෂයේ මුල් භාගයේදී මිනිසුන්ට ජලය පානය කිරීමට පෙර මරණයට සමීප වීමට සිදුවිය. ජල ද්‍රාවණයේ නිර්මාතෘ වින්සන්ට් ප්‍රයිස්නිට්ස් (Vincent Priessnitz, the founder of …
Continue Reading
රිෂී කපූර් ගැන ඔබ නොදත් බොහෝ දේ සමග ඔහුගේ දුර්ලභ ඡායාරූප…
රිෂි කපූර් 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නගරයට ගියේය . වසරකට වැඩි කාලයක් සාර්ථක ප්‍රතිකාරවලින් පසු රිෂි කපූර් 2019 සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණියේය. එතැන් සිට බොහෝ වාරයක් අසනීපව සිටි ඔහු බදාදා රාත්‍රියේ මුම්බායි හි ශ්‍රීමත් එච්එන් රිලයන්ස් පදනම් රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහු බ්‍රහස්පතින්දා උදෑසන අභාවප්‍රාප්ත විය. අතිෂය ජනාදරයට පත් බොලිවුඩ් නළුවෙක් වූ රිෂි කපූර් Rishi Kapoor පසුගිය …
Continue Reading
චීනයට හොදටම විදවන්න වේවි ! – ට්‍රම්ප්ගෙන් චීනයට දැඩි විවේචනයක්
-
RSL
-
May 2, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
කොරෝනාවෛරස් වසංගතය මැද ‘බෙයිජිං පාලනය’ට එල්ල කරන විවේචන තවත් දැඩි කරමින් ප්‍රකාශයක් කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මීළඟ ජනාධිපතිවරණයේදී චීනය තමා පරාජය කිරීම සඳහා ”ඔවුන්ට හැකි ඕනෑ ම දෙයක්” සිදු කරනු ඇතැයි කියා සිටියේය. ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ, ධවල මන්දිරයේදී ‘රොයිටර්’ පුවත් සේවය සමඟ අදහස් දක්වමිනි. කොරෝනාවෛරසය (Covid 19) එක්සත් ජනපදයෙහි පැතිර යාම සම්බන්ධයෙන් ”බොහෝ” ප්‍රතිවිපාකවලට මුහුණ දීමට බෙයිජිං පාලනයට සිදුවනු ඇතැයි …
Continue Reading
Covid-19 World Hot: මුළු ලෝකයේම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ගැන අලුත්ම දත්ත
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව අද දිනය අවසන් වන විට ගෝලීය වශයෙන් ආසාදිතයින් 3,303,296ක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 235,290ක් ලෙස වාර්තා වෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව තව දුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 1,082,411ක්. වැඩිම මරණ සංඛ්‍යාව ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර අද දිනය අවසන් වන විට එය 63,127ක් දක්වා වර්ධනය වී තිබෙනවා. …
Continue Reading