මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල්යයි

මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය. ඒ එම පෙත්සම් සලකා බැලීම අද (20) තෙවැනි දිනයටත් සලකා බැලීම අවසන් කරමිනි. මෙම පෙත්සම් හි පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශව වල දීර්ඝ කරුණු දැක්වීම් සඳහා තවදුරටත් අවස්ථාව ලබා දීම සඳහා මෙම පෙත්සම් හෙට දක්වා කල් තැබීමට අගවිනිසුරු ජයන්ත …

Continue Reading

සංචාරක කර්මාන්තය නංවාලීමට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 3.5ක ප්‍රදානයක්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා යුරෝ මිලියන 3.5 ක් ප්‍රදානයක් ලබා දිමට යුරෝපා සංගමය තීරණය කරයි. ඊට අදාළ යෝජනා කඩිනමින් තම සංගමය වෙත ලබා දෙන්නැ‘යි යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi)  මහතා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියේය. යුරෝපා සංගම් තානාපතිවරයා හා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න …

Continue Reading

හෝටල් – ආපන ශාලා යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි

කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි. රට තුල සාමාන්‍ය ජන ජීවිතය යථාතත්වයට පත් කීරීමේ රජයේ වැඩපිලිවෙලට සමගාමීව මෙම ආපනශාලා කඩිනමින් විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නේය. …

Continue Reading

නායයාම් රතු නිවේදන තවදුරටත්

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුරදිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නාය යාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය තවදුරටත් දීර්ග කරන බව අද දින (20) නිවේදනය කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් …

Continue Reading

බොලිවුඩ් නිළියන් 09 දෙනෙක් තමන්ගේ පුද්ගලික රූපලාවන්‍ය රහස් හෙළි කරයි

Covid-19 නිසා රූපාලාවන්‍ය මධ්‍යස්ථාන බොහොමයක් වසා දමලා. එහෙම නැතිනම් එහි කටයුතු සීමා කරලා. ඒ නිසා බොහෝ කාන්තාවන්ට තමන්ගේ රූපාලාවන්‍ය කටයුතු කර ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා. මේකට හොද පිළියමක් පසුගිය දා ලෝ ප්‍රකට ‘ෆෙමිනා කාන්තා සගරාව යෝජනා කළා. ඒ නිවසේ සිට තමන් තනියම තමන්ගේ සුන්දරත්ව රැක ගැනීමට ගත හැකි පියවර අනුගමනය කිරීම. ඔවුන් කියන ආකාරයට මෙය ලාභයි වගේම කොවිඩ්වලින් ආරක්ෂා වීමටත් …

Continue Reading

‘අම්ෆන්’ දැඩි ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට පත් වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට

2020 මැයි මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 මැයි මස 20 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අතිප්‍රචණ්ඩ සුළි කුණාටුව (“අම්ෆන්”) මේ වනවිට ඉතා ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට පත් වී,19 වන දින ප.ව. 11.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 1250 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 18.4 ත් නැගෙනහිර දේශාංශ 87.1 ත් ආසන්නව …

Continue Reading

කලුගංගා ද්‍රෝණියේ ප්‍රදේශ කීපයකට ගංවතුර අවදානම් නිවේදන

පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලු ගංගා පිටාර තැන්නට අයත් පහත් බිම්වල සුලු ගංවතුර තත්වයන් ඇති වේ යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව …

Continue Reading

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05 කට නායයාම් රතු නිවේදන

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුරදිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නාය යාම් අධිඅවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙලුව සහ තවලම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, …

Continue Reading

Covid-19 World Review: බ්‍රසීලයෙන් සහ රුසියාවෙන් වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක්

අද (19) දින පෙ.ව 07.32 ( ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන්) වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 4,836,329ක් සහ මරණ 319,213ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කිසින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එම වාර්තාව අනුව අද දිනය තුළ 9263ක් වූ ආසාදිතයින් පිරිස රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකාවෙන් ආසාදිතයින් 7476ක් බ්‍රසීලයෙන් ආසාදිතයින් 6199ක් වාර්තා වී තිබෙනවා. වැඩිම …

Continue Reading

Covid-19 Update: ආසාදිතයින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළට

අද (19) දින ප.ව 18.05 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 28 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම් අනුව ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1020 දක්වා වර්ධනය වී තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව මේ වන විට අධීක්ෂණය යටතේ පුද්ගලයින් 135 දෙනකු සිටින අතර සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 569ක්.

Continue Reading