කොටි යළි පෝෂණය කළේ යහපාලන ආණ්ඩුවයි – ඇමති ප්‍රසන්න

පරාජය ක‍ල කොටි ත්‍රස්තවාදය කිරි පොවා යලි පෝ‍ෂණය කලේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්‍ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අව‍ධාරණය කලේ 2009 දි රණවිරුවන් දිවි පුදා රටට ලබා දුන් යුධ ජයග්‍රහණය රනිල් මෛත්‍රි යහ පාලන ආණ්ඩුව විසින් ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බවයි. දිවයින පුරා සෑම මැතිවරණ බල ප්‍රදේශයකම පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම …

Continue Reading

අධිරාජ්‍යවාදීන්ට එරෙහි දේශප්‍රේමීන් සිටී ද?

එක්සත් ජාතික පක්ෂය යනු උපන් ගෙයිම ධනපති පංතිය නියෝජනය කළ පක්ෂයකි. එක්සත් ජාතික පක්ෂය හැදූ ආණ්ඩු , හැමදාමත් ඔවුන්ගේ ආර්ථික මූලෝපාය ලෙස තෝරා ගත්තේ , ධනපති පංතියට වැඩි වාසි අත්වෙන ධනවාදී ආර්ථික ක්‍රමයයි. ලෝකය තුළ ධනවාදයට විරුද්ධව කොමියුනිස්ට්වාදය පැතිරෙන විට , ඒ ආස්වාදයෙන් පිබිදුණු ලංකාවේ මධ්‍යම පංතියේ පිරිස් වල දරුවන්, විදෙස්ගත ඉගෙනුම නිමා කොට පැමිණියේ කොමියුනිස්ට්වාදය ලංකාව තුළ ක්‍රියාත්මක කිරිරීමේ …

Continue Reading

කොරෝනා තුළින් රටේ හැම දේම යටපත් කරන්න හදන්නෙපා – රවී කරුණානායක

මේ වනවිට රටේ බොහෝමයක් සත්‍ය විකෘති කරලා තමයි වැඩකටයුතු සිදුකරන්නේ. මේ වනවිට ජනතාවට පොහොර ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අපි 2015 බලයට පත්වූ අප ඒ වස්ථාවේ ජනතාවට හොහොර සහන ලබා දුන්නා. අද වනවිට මේ ආණ්ඩුව තුළින් ජනතාවට මුදල් වියදම් කරලාවත් පොහොර ලබාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. ජනතාවට ලබා දෙන්න තිබුණ පොහොර කෝ කියලා මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි. ඒ වගේම ගෑස් මිල. 2015 දී අපි ගෑස් …

Continue Reading

EPF සහ සමෘද්ධි අරමුදල ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ආයෝජනයට සැලසුම් ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත විය. රට තුළ ඖෂධ සැපයුම සකස්වී ඇත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඖෂධ සැපයුම ක්‍රම 03කට සිදුවන බව කීය. ඒ රාජ්‍ය අංශයේ නිෂ්පාදන, පෞද්ගලික අංශයේ නිෂ්පාදන සහ …

Continue Reading

දුප්පත් රටවල් 100ක මිලියන 60ක් ‘අන්ත හිගන්නෝ’ වෙනවා – ලෝක බැංකුව සහතිකව කියයි

ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාව විසින් තවත් මාස කිහිපයකින් ගෙවීමට ඇති ඩොලර් බිලියන 4.5ක ණය වාරික සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් උද්ගත විය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි කොරෝනා ගෝලීය වසංගතය හමුවේ දැඩි සේ පීඩා විදින දිළිදු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී …

Continue Reading

ඇම්ෆාන් බටහිර බෙංගාලය වනසා දමයි !

ඇම්ෆාන් සුළි කුණාටුවෙන් නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරය බලවත් විනාශයක් සිදු වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඊයේ (20) දිනයේ දී සුළි කුණාටුව නැගෙනහිර ඉන්දියාවට සහ බංග්ලාදේශයට කඩා වැටුණු අතර සුළි කුණාටුවෙන් සහ අධික වර්ෂාවෙන් සහ වෙරළබඩ ප්‍රදේශවල අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොල්කටා හි මිලියන 14 ක ජනතාවගෙන් බොහෝ දෙනෙක් විදුලිය නොමැති අතර සන්නිවේදනය කඩාකප්පල් වී ඇති …

Continue Reading

බොලිඩුව් සුපිරි නිළි අයිශ්වර්යා රායිගේ සුපිරි විලාසිතා 32ක් !

අයිශ්චර්යා‘ ඇය නම අනුව ම ලොව ලස්සනම කාන්තාව ලෙස සැලකෙන අතර 1994 දී ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳින දා සිට අයිශ්වර්යා රායි බච්චන් කිසිදු පසුබෑමකට මුහුණ දී නැහැ. ඇය එදා අත්කර ගත් කීර්තිය අදත් නොනැසී පවත්වා ගෙන යන අතර බොලිවුඩයේ බලවත්ම පුද්ගලයාගේ ලේලිය (අමිතාබ් බචන්ගේ) ලෙසත්, බොලිවුඩයේ කඩවයම්ම නළුවකුගේ (අභිෂේක් බච්චන්) බිරිද ලෙසත් තවත් බලවත් හා කීර්තිමත් වී සිටිනවා. …

Continue Reading

Covid-19 Global Update: අද වැඩිම ආසාදිතයින් රුසියාවෙන් – ඉන්දියාව ලක්ෂයේ සීමාව පනී

අද (20) දින පස්වරු 09.22ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,931,057ක් සහ මරණ සංඛ්‍යාව 324,240ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩියේ සදහන් වෙනවා. ඒ අනුව අද දිනය තුළ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 94,728ක් සහ මරණ 5027ක් වාර්තා වී තිබෙනවා. ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 8764ක් රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකා එක්සත් …

Continue Reading

කොරෝනාවලින් ආරක්ෂා වෙන්න ‘දිනකට හය වරක්වත්’ හොදින් දෑත් සෝදන්න !

දිනකට අවම වශයෙන් හය වතාවක් හෝ උරිම වශයෙන් 10 වතාවක් අත් සේදීමෙන් කොරෝනා වැනි ආසාදන ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව එක්සත් රාජධානියේ පර්යේෂකයන්ගේ අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පර්යේෂකයින් වත්මන් කොවිඩ්-19 වෛරසය සහ 2006-09 සිට වාර්තා වූ වෛරස් පිළිබඳ දත්ත ව්‍යුහාත්මක සසදා බැලීමකින් පසුව මෙම නිගමනයට පැමිණ ඇත. Coronaviruses යනු සෙම්ප්‍රතිශ්‍යාව වැනි මෘදු රෝගාබාධ ඇති කරන වෛරස් කාණ්ඩයක් / පවුලක් …

Continue Reading

COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ‘ඉටුකම’ සන්නාමයෙන් ඉදිරියට

“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය ඇතිවය. දැන් එය “ඉටුකම – COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” යනුවෙන් නම්කර ඇත. දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් තවත් ආකර්ශනය කරගනු පිණිස සන්නාමය හඳුන්වාදෙනු ලැබීය. ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 23 දා අරමුදල ස්ථාපනය කෙරිණ. එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක් ප්‍රදානය කළේය. …

Continue Reading