අද සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පමණයි

අද දින, (ජූනි 06 සෙනසුරාදා) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එහි වැඩි දුරටත් සදහන් වන්නේ, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බවයි. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල …

Continue Reading

උතුරු මැද පළාතේ රෝහල් සංවර්ධනයට සුව ඇමැතිනියගේ අවධානය

මෙරට විශාලතම පළාත වන උතුරු මැද පළාතේ රෝහල්වල පවතින සෞඛ්‍ය ගැටළු පිළිබද සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සහභාගීත්වයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විනි. උතුරු මැද පළාතේ ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්ක 02 වන අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක තුල මූලික …

Continue Reading

2178/18 ගැසට් පත‍්‍රයෙන් රාජ්‍ය සේවය හමුදා පාලනය යටත් කරලා – කිරිඇල්ල

අංක 2178/18 දරණ ගැසට් පත‍්‍රය මගින් ස්වාධීන රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට පත්කොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරසිටියේ මැතිවරණය දිනය පිළිබද තීන්දුව ලබාදෙන දවසේ රාති‍්‍රයේ මෙම ගැසට් පත‍්‍රය නිකුත් කොට ඇතිබවයි. රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළ මට්ටමක සිටි බවත් මෙම ගැසට් පත‍්‍රය …

Continue Reading

කොවිඩ්වලිනුත් ගසා කෑමක් – වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් විසින් කොවිඩ්19 RT-PCT පරීක්ෂාව සඳහා අවශ්‍ය වන වෛරස ප්‍රවාහන මාධ්‍යය සහිත නිදර්ශක එකතු කිරීමේ කට්ටල රුපියල් 350ක් වැනි මිලකට නිපදවමින් සිටියදී වෛද්‍ය සැපයුම් අංශය හරහා වෙනත් නිෂ්පාදන වැඩි මිලකට මිලදී ගැනීම තවදුරටත් සිදු වන බවත් මේ ගැන තම සංගමයට බලවත් සැකයක් පවතින බවත් වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අද (4) මාධ්‍ය නිවේදනයක් …

Continue Reading

එතෙර සිට එන අයගේ PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට

සියරට පැමිණීමට කැමැති සියලු දෙනාට අවස්ථාව …ගුවන් තොටුපොළ පරිශ්‍රයට පරීක්ෂණාගාරයක් …අදාළ රටේදීම PCR පරීක්ෂණ හැකියාව විමසුමට … විදේශ රටවල සිට පැමිණෙන්නන්  PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා …

Continue Reading

මෙරට ආයෝජන – සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ සහාය

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට ආයෝජන , සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පළ වේ. ඒ අනුව ඒ සදහා අවශ්‍ය මූල්‍යමය, තාක්ෂණික හා වෙනත් අවශ්‍ය සහයෝගයන් ඉදිරියේ දී ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහතික වෙයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග එම …

Continue Reading

චීන ‘අඳුරු ණයවලින්’ ලංකාව ඇතුළු රටවල් 23ක් නන්නත්තාර වෙලා!

චීනයේ ” අඳුරු ණයදීම” හේතුවෙන්, මෙම රටවල් 68 අතුරින් රටවල් 23 ක් ඉහළම පීඩනයකට  ලක් වී තිබේ. එම රටවල් 23 ඉහතින් දැක්වූ කලාප හතරම නියෝජනය කරයි. ගෝලීය යටිතල පහසුකම් සහ සම්බන්ධතා වැඩ සටහන (BRI ) යටතේ චීනය විසින් සිදු කරණු ලබන ”  අඳුරු ණයදීම ” හේතුවෙන් වැඩිම ණය අවදානමකට ගොදුරු වී ඇත්තේ උප සහරා අප්‍රිකාවයි. චීන ජාතිකයන්ගේම වාර්තා වලට අනුව …

Continue Reading

Covid-19: වෙන්ටිලේටර් වෙනුවට ශ්වසන අපහසුතා පාලනය කරන්න බෙහෙතක්?

Ibuprofen නමැති ඖෂධය කොරෝනාවෛරසයට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි ද යන්න තහවුරු කර ගැනීම සඳහා අත්හදා බැලීම් සිදුකිරීමට විද්‍යාඥයින් පිරිසක් සූදානම් වෙති. ලන්ඩන් නුවර Guy’s, St Thomas’ රෝහල සහ King’s College යන විද්‍යායතනවල කණ්ඩායමක් විශ්වාස කරන්නේ, වේදනා නාශකයක් ලෙස භාවිත කරන අදාළ ඖෂධය ශ්වසන අපහසුතාවන්ට ප්‍රතිකාර වශයෙන් ලබා දිය හැකි බවටය. මෙම වියදම් අඩු ඖෂධය භාවිත කිරීමෙන් වෙන්ටිලේටර් භාවිතය නතර …

Continue Reading

චිත්‍රපට බලද්දී ඔබත් අඬල තියෙනව ද? රසිකයන් අඬවන චිත්‍රපට කීපයක්

ඔබ සිනමා ලෝලියකු නම්, බොහෝ චිත්‍රපට නරඹා ඇත්නම්, ඇතැම්විට කඳුළින් යුතුව නරඹන ලද සිනමා හෝ ටෙලි නිර්මාණ ගැන මතකයේ රැඳී තිබීමට ඉඩ ඇත. නරඹනු ලැබීමෙන් පසු ‘ඔබ වැඩියෙන් ම දුකට පත් සිනමා නිර්මාණය කුමක්දැයි’ කෙනෙකු ප්‍රශ්නයක් ඇසූ විට, යම්කිසි සිනමා නිර්මාණයක් ඔබගේ මතකයට ඒමට ද ඉඩකඩ පවතී. සිනමා ශාලාවන් තුළ චිත්‍රපට නරඹන අතරතුරදීම ඇතැම් සිනමා ලෝලීන් සෙමෙන් ඉකිබිඳිමින් හඬනු සෙසු …

Continue Reading

කොරොනාවලින් බැට කෑ අග්නිදිග ආසියානු ගොවීන්ට E-commerce පිහිටට එයි !

කොවිඩ්-19 වසංගතය මර්ධනය කිරීම සදහා මැලේසියාව අගුළු දැමූ විට කැමරන් හයිලන්ඩ්ස් (Cameron Highlands) හි ගොවීන්ට නැවුම් එළවළු ටොන් ගණනක් ඉවත දැමීමට සිදුවිය. වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා සමාජ සීමාවන් හඳුන්වා දීම නිසා එළවළු වෙළෙඳපොලවල් වසා දමන දැමීමට ඊට හේතුවයි. වෙළෙදපොළවල් වසා දැමීම නිසා පීඩාවටත් දුෂ්කරතාවට පත්ව සිටි ගොවීන්ට ගැළවුම්කාරයෙක් හමු වුණේය. ඒ අන්තර්ජාලය හරහා අලෙවිය නැතහොත් බොහෝ දෙනා දන්නා කියන E-commerce …

Continue Reading