කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

කොළඹ වරාය නගරය  ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත්  කෙටුම්පත  සඳහා   2026.01.20  දින සිය සහතිකය සටහන් කළ  බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා අද (ජන. 21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. මෙම  පනත් කෙටුම්පත 2025.12.05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026.01.07 වන දින  විවාදයට ගෙන  පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත, 2021 අංක 11 …

Continue Reading

අගමැති හරිනි IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක

ස්විට්සර්ලන්තයේ නිල සංචාරය අතරතුර අගමැතිනිය ඊයේ (20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වූවාය. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ද  සහභාගී විය.

Continue Reading

රුපියල් 2000 සංසරණ සමරු මුදල් නෝට්ටුවේ ආරක්ෂණ සලකුණු

රුපියල් 2000 සංසරණ සමරු මුදල් නෝට්ටුවේ ආරක්ෂණ සලකුණු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දා ප්‍රසිද්ධ කළේය. එම සටහන පහත දැක්වේ.

Continue Reading

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රියදුරන්ගෙන් මගීන් ආරක්ෂා කිරීම සඳහා ජංගම රසායනාගාර සේවාවක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින රියදුරන් සහ බස් කොන්දොස්තරවරුන් හඳුනා ගැනීම අරමුණු කරගත් ජංගම රසායනාගාර සේවාවක් අද (21)දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් පර්යන්තයේදී නිල වශයෙන් දියත් කරන ලදී. පසුගිය දින 14 තුළ පරිභෝජනය කරන ලද මත්ද්‍රව්‍ය වර්ග හතරක් හඳුනා ගැනීමට ජංගම රසායනාගාරයට දැනට හැකියාව ඇති අතර, පරීක්ෂණ ප්‍රතිඵල මිනිත්තු කිහිපයක් ඇතුළත ලබා ගත හැකිය. මෙම සොයාගැනීම් මත පදනම්ව, මගීන්ගේ …

Continue Reading

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නිල අනුග්‍රාහකයා ලෙස IFS

කෘතිම බුද්ධිය (AI) මෘදුකාංග සපයන ලොව ප්‍රමුඛතම සැපයුම්කාර ආයතනයක් වන IFS ආයතනය ලබන මසදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වය අතර ඇති කරගත් හවුල්කාරීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (19 දා) නිවේදනය කළේය. මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා IFS …

Continue Reading

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුමේ සාමාජිකත්වය මෙරටට ලබාගැනීමට ඕස්ට්‍රේලියානු රජයේ එකඟතාව

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන Regional Comprehensive Economic Partnership – RCEP හෙවත් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය සඳහා සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) මහතා පැවසුවේය. ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ  අද (19) වෙළෙඳ, වාණිජ,  ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එම අමාත්‍යංශයේදී …

Continue Reading

විපක්ෂ නායක සජිත් නන්දන ගුණතිලකට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පැමිණියේය. කුමන දේශපාලන මතයක් දැරුවත් ජනතාව වෙනුවෙන් වැඩ කළ දේශපාලනඥයකු ලෙස නන්දන ගුණතිලක මහතා හැදින්විය හැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.

Continue Reading

එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට වෙළඳ වාසියක්

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් වෙළඳ හවුල්කරුවකු වන අතර දැනට ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා දෙවන විශාලතම අපනයන ගමනාන්තය වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, එක්සත් රාජධානිය 2023 ජුනි 19 සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) හඳුන්වා දුන් අතර, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් 65කට …

Continue Reading

ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ අදහස් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක්

ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳව ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් දිස්ත්‍රික් මට්ටමින් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් ජනවාරි මස 30 වැනිදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශාලාවේදී පැවැත්වීමට නියමිත බව එම සංසදයේ සභාපති,  පාර්ලිමේන්තු මන්ත්‍රී  සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන …

Continue Reading

අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය මුල්‍ය වංචා ගැන පොලිසියෙන් යළි දැනුවත් කිරීමක්

නාඳුනන පුද්ගලයෙකු හෝ ආයතනයක් ආකාරයෙන් සමාජ මාධ්‍ය පණිවුඩයක් මගින් හෝ දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔබට රැකියා අවස්ථාවක් ලබා දෙන බැව පැවසුවොත්, ත්‍යාග දිනුම් ඇදී ඇති බව පැවැසුවොත්, අසත්‍ය චෝදනා ඉදිරිපත්කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ගිණුමකට මුදල් බැර කරන මෙන් පැවසුවොත් මුදල් තැන්පත්කිරීමට ඉක්මන් නොවී සුපරීක්ෂාකාරීව සොයා බලන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවට දැනුම් දෙයි. යම් හෙයකින් ඔබට මෙවන් රැවටීමකට ලක්ව …

Continue Reading