ආණ්ඩුවේ සංවර්ධනය කටයුතු අඩපණ වීමට හේතුව ‘ජනපති මහ නාහිමිවරුන්ට පැහැදිලි කරයි‘

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට කියයි. එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට …

Continue Reading

අධි-සැකසූ ආහාරවලට මෙතරම් ලොල් ඇයි?

මිනිස් වර්ගයා ගින්දර සහ කුළුබඩු වර්ග සොයාගනු ලැබීමෙන් අනතුරුව යළි අතීතය දෙසට බැල්මක් හෙලා නැත. මිනිසුන් වන අප විසින් දිගටම අවධානය යොමු කරන්නේ ආහාර ද්‍රව්‍ය වෙන්කරනු ලැබීම සහ ඒවා නැවත එකට සම්මිශ්‍රණය කිරීමේ අලුත් මාදිලි පිළිබඳවය. ආහාර සම්මිශ්‍රණය සහ අලුත් රසයන් මැවීම අතින් මිනිසා ලබා ඇති ආහාරමය අත්දැකීම් සම්භාරය ඇදහිය නොහැකිතරම් නිර්මාණශීලී වූවකි. එසේවී නමුත් අප අනුභවකරන ආහාර විශේෂයෙන්ම විශේෂ …

Continue Reading

බාලාංශ පන්තියේ ක්‍රීඩා විලාසයෙන් T20 තරගාවලියෙන් ‘ශ්‍රී ලංකාව කුජිත වෙයි’

විස්සයි-20 තරගාවලියේ පරාජය යම් තරමකින් අවම කර ගැනීමට තිබූ අවසන් අවස්ථාවේදීද කිසිදු අවස්ථාවක් ලබා නොදුන් එයන් මෝගන්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම අද (26 දා) පැවැති තෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කර දැමූහ. සදම්ටන්හි පැවැති මෙම තරගයෙන්ද ලකුණු 89 ක ජයක් වාර්තා කළ සත්කාරකයෝ තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ජය ගනු ලැබුවේ 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ‘පූර්ණ සුද්දයක්’ (වයිට් වොෂ්) …

Continue Reading

‘මේ රටේ රාජපක්‍ෂවරු විතරද රටට වැඩක් කරන්න පුළුවන් අය ඉන්නේ ?’

හැම මොහොතකම පෙන්නුම් කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව යැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂය විසින් අද (25) පෙරවරුවේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කර අතර එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික ජන බලවේගයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික මහින්ද රත්නායක එම මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් …

Continue Reading

‘සමහර දෙනෙකු ‘පුද්ගලික ඉල්ලීම් ඉටු නොවුනාය කියා’රජය සමඟ අමනාප වී සිටිනවා’- ජනපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි,අන්‍යාගමික පූජකතුමණි,ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියණි, මිත්‍රවරුණි, ආදරණීය දූ දරුවණි. අපේ රටට පමණක් නොව දියුණු, නොදියුණු සෑම රටකටම මේ අවස්ථාවේ තිබෙන බරපතලම ප්‍රශ්නය කොවිඩ් 19 ගෝලීය වසංගතයයි. ලෝකය පුරා මිලියන 180 කට මේ රෝගය වැලඳී තිබෙනවා. මිලියන 3.9 කට ආසන්න ජනගහනයක් මේ වන විට ඉන් මියගොස් තිබෙනවා. මුල් කාලයේ …

Continue Reading

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට – ආර්ථික සංවර්ධන කැබිනට් ඇමැතිකමත් සූදානම් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජූනි මස 06 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රමුඛ දේශපාලන වෙබ් අඩවි කිහිපයක් අද (25) වාර්තාකර තිබෙනවා. තහවුරු නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් එම වෙබ් අඩවි සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාට පත්වීමට ඉඩ දී මේ වන විට ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින මහාචාර්ය රංජිත් බණ්ඩාර …

Continue Reading

T20 තරගාවලිය ‘කලින්ම’ එංගලන්තය ජයගනී

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදී අපරික්ෂාකාරී ලෙස පිති හැසිරීම නිසා කාඩිෆ්  නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන්ද එංලන්තය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද (24 දා) අත්වින්දේය. ඒ අනුව තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්වූවේය. පළමු තරගයේ කාබන් කොපියක් බඳු ලෙසින් දුර්වල ලෙස පිති හැසිරවූ ශ්‍රී ලංකා …

Continue Reading

‘ඝාතකයා නිදහස් කළා‘ භාරත ප්‍රේමචන්ද්‍රගේ වැන්දඹු බිරිය විරෝධය පළ කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ජනාධිපති සමාවක්‘ ලැබූ දුමින්ද සිල්වා නිදහස් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ප්‍රේම්චන්ද්‍රගේ වැන්දඹුව අද (24) සමාජ මාධ්‍ය ඔස්සේ සිය කෝපය ප්‍රකාශ කළාය. “ඝාතකයා නිදහස් කර ඇත. යුක්තියට ගරු නොකරන රටක් මත හිරු බබළන්නේ නැත” යනුවෙන් ඇය පැවසුවාය.  මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ තීන්දුවලට අගෞරව කරමින් අධිකරණයට ගරු නොකරන රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වී ඇති බව …

Continue Reading

1818 දී ඉංග්‍රීසීන් විසින් කළ ‘අංගම්පොර තහනම‘ ඉවත් කරන බව ක්‍රීඩා ඇමැති නාමල් කියයි

දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. කොරතොට අංගම් සටන් පාසල නැරඹීමට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා මේ බව සඳහන් කළේය. මෙරට සාම්ප්‍රදායික අංගම්පොර සටන් …

Continue Reading

දුමින්ද සිල්වාට ‘ජනාධිපති සමාව‘ දීම අනුමත කරන්න බෑ – ඇමෙරිකාව

මරණ දඩුවම නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව ලබාදීම මගින් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් Alaina B Teplitzමහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා. මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු නිදහස් කිරීම අනුමත කළ නොහැකි බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් පිරිසකට සමාව …

Continue Reading