ආහාරවල සෞඛ්‍ය සම්පන්න බව පමණක් පරීක්ෂා කිරීම ප්‍රමාණවත් ද ?

අපෙන් බොහෝ දෙනෙක් අප මිලදී ගන්නා ආහාර සෞඛ්‍ය සම්පන්නද කියා ලේබල් පරීක්‍ෂා කරති. නමුත් අපෙන් කී දෙනෙක් අප ගන්නා දේ පරිසරයට හිතකර වන අයුරින් නිපදවනවාදැයි පරීක්‍ෂා කරනවාද? සමහර කෘෂිකාර්මික ක්‍රම ඇත්ත වශයෙන්ම කාබන් විමෝචනය අඩු කිරීමට උපකාරී වේ. උදාහරණයක් ලෙස වායුගෝලයෙන් කාබන් ඉවත් කර පසෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට එවැනි කෘෂිකාර්මික ක්‍රම උපකාරී වේ. බොහෝ කුඩා පරිමාණ ගොවීන් මෙම ‘පුනර්ජනනීය ගොවිතැන …

Continue Reading

මහ බැංකුව භාර ගන්න රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වෙයි ?

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ‍ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉවත් වී මහ බැංකු අධිපති ලෙස දිවුරුම් දීමට නියමිත බව ඩේලි මිරර් වෙබ් අඩවිය සදහන් කරයි. වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සදහා භාර ගැනීමට නියමිත බව ද එම වාර්තාව සදහන් කළේය. ඩේලි මිරර් වෙබ් අඩවිය මේ …

Continue Reading

වසර දෙකකට පසු ‘ප්‍රථම වරට එකිනෙකාගේ මුහුණ දුටු’ නිවුන් දැරියන් දෙදෙනා

හිසෙන් එකිනෙකා බද්ධ වී සිටි දෙහැවිරිදි නිවුන් දැරියන් දෙදෙනකු සාර්ථක සැත්කමකින් වෙන් කිරීමට ඊශ්‍රායල් වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. පසුගිය සතියේ ඊශ්‍රායලයේ බියර්ෂෙබා නගරයේ පිහිටි සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානයේ පැය 12ක සැත්කම සඳහා මාස ගණනක සූදානම් වූ අතර දැරියන්ට හිස කෙස් බද්ධ කිරීම ද සැත්කමට ඇතුළත් විය. ඊශ්‍රායලයේ සහ විදේශයන්හි විශේෂඥයින් විශාල පිරිසක් මෙම දුර්ලභ සැත්කම සදහා සහභාගී වූහ. නම් සඳහන් …

Continue Reading

වත්මන් ටෙලිනාට්‍ය ජන විඥානය පෝෂණය කිරීමට දක්වන උපයෝගීතාවය ප්‍රමාණවත්ද?

ටෙලිවිෂනය සමාජ ජිවීතයට මෙන්ම ජන විඥානයට බලපෑම් කරන මාධ්‍යයකි. එහිදී රටක වටිනාකම්, ධර්මතාවන්, ජන චින්තනය, සමාජ හැසිරීම්, අන්තර් ක්‍රියාවන්ට ටෙලිනාට්‍ය කරන බලපෑම ද සුවිශාල වේ.නිර්මාණාත්මක බවින් හා ජන විඥානය ධනාත්මක මඟකට නැඹුරු කරන ටෙලිනාට්‍ය කලාවක් බිහිවීමේ අවශ්‍යතාව අද්‍යතන සමාජය සතුව පවතී. මානව සංහතියේ ආරම්භයේ සිට මානවයා අනවතර ලෙස සන්නිවේදන ක්‍රියාවලියක නිමග්ගව සිටී. සන්නිවේදනය මිනිසුන්ගේ අනෝන්‍ය ක්‍රියාකාරිත්වයේ සුවිශේෂී ස්වරූපයක් වන අතර …

Continue Reading

‘ත්‍රිරෝද රථ හිමියන්ට‘ සතුටුදායක පුවතක්

ත්‍රීරෝද රථ සඳහා සැරසිලි ලෙස යම් යම් උපකරණ සවි කිරීමට රජය විසින් අවසර ලබා දී ඇති බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා අද (06) මාධ්‍ය වෙත පැවසුවේ ත්‍රීරෝද රථ සංගම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි. මෙම වසංගත තත්ත්වය තුළ ත්‍රීරෝද රථ ඉතා පහසු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස සලකා මෙම අවසරය …

Continue Reading

තරුණයින්ට ‘ෆයිසර් එන්නත ලබාදීම අතාර්කික වැඩක් – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

සිනොෆාම් එන්නත මඟින් ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලබා ගත හැකි වයස අවුරුදු 20-30 අතර නිරෝගී තරුණයින් සඳහා ෆයිසර් එන්නත ලබා දීම අතාර්කික හා අවිද්‍යාත්මක බව විශේෂඥ වෛද්‍යවරුනගේ සංගමය පවසයි.  නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටියේ ප්‍රතිශක්තිකරණය විද්‍යාත්මක ආකාරයකින් සිදු කිරීම ඉතා වැදගත් බවත්, එන්නත ලබා නොගත් අවදානම් සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාවයක් ලෙස ප්‍රතිශක්තිකරණය ලබා දීම සහ පසුව දරුණු රෝග වලට …

Continue Reading

විනාඩි 30ක කතාවකින් වාක්‍යයක් අල්ල ගෙන මඩ ගහනවා – මහාචාර්ය නීලිකාගෙන් මාධ්‍යට චෝදනාවක්

මට අප්‍රියජනක හැගීමක් එන්නේ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය මට මේ කරන දේ ගැන මට ඇති වෙලා තිබෙන්නේ. මෙය නැවැත්විය යුතුයි! ඇයි ඔවුන් මෙහෙම කරන්නේ? මෙහි ඉවරයක් නැද්ද?” යනුවෙන් මහාචාර්යවරිය ප්‍රශ්න කරයි කොවිඩ් සම්බන්ධයෙන් තමා පළ කළ අදහස් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වැරදි ලෙස උපුටා දක්වන බවට මහාචාර්ය නීලිකා මලවිගේ චෝදනා කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ …

Continue Reading

හදිසි නීති රෙගුලාසිවලට පක්ෂව 132යි – විපක්ෂව 51යි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වැනිදා පනවන ලද අත්‍යාවශ්‍ය ආහාර සැපයීම සඳහා වන  හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය වැඩි ජන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත විය. ඊට පක්ෂව ජන්ද 132 ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ජන්ද සංඛ්‍යාව 51 කි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයන් හදිසි නීති රෙගුලාසිවලට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේය.

Continue Reading

යාපනේ මිදී වලට ඉහළ ඉල්ලුමක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 06 දින අලුයම හතරට විවෘත කිරීමත් සමග එළවළු ලැබීම අලෙවි වීම සහ මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. පෙරදින එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමග දිවයිනේ නන් දෙසින් පැමිණි වෙළෙන්දන් එම එළවළු තොග රැගෙන යෑමත් සමග මෙදින ලැබෙන එළවළු සඳහා මිල පහත ගොස් ඇති බව ඔවුහු පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පෙරදා අලෙවි වූ …

Continue Reading

මෝරුන් සහ මඩුවන්ගෙන් 40%ක් වඳවීමේ අවධානමක් – ජාත්‍යන්තර වාර්තාවක් හෙළිකරයි

සැප්තැම්බර් 3 සිට 11 දක්වා ප්‍රංශයේ මාර්සෙයි නගරයේ පැවැත්වෙන ලෝක සංරක්ෂණ සම්මේලනය ආරම්භයේදී ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ ලැයිස්තුව නිකුත් කරන ලදී. මත්ස්‍යයින් වඳවීමේ අද්දරට පැමිණ සිටියත් ටූනා මසුන් යළි යථා තත්ත්වයට පත් වීමට පටන් ගෙන ඇති බව විද්‍යාඥයින් හෙළි කර තිබේ. දශකයක සංරක්‍ෂණ ප්‍රයත්නයෙන් පසු ටූනා මත්ස්‍ය ගහනයේ ගෝලීය සංඛ්‍යා නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතින …

Continue Reading