ජනපති රනිල් තරුණයින්ට දුන් ‘අපූරු අවවාදය‘

අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රටේ සාර්ථක නායකයෙක්, දක්ෂ දේශපාලනඥයෙක් ලෙස ලද අත්දැකීම් අනුව අනාගත පරම්පරාවේ සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන උපදෙස කුමක්දැයි මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුවේදී, තරුණියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මඩකලපුව …

Continue Reading

වෛද්‍යවරුන්ගෙන් 25%ක් කරන්න යන වැඩක් ගැන GMAO අනතුරු අඟවයි

වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සියයට 25ක් දැනටමත් විදේශ රැකියා සොයා ගැනීම සඳහා අවශ්‍ය විභාගවලට මුහුණ දී ඇති බැවින්, ආර්ථික අර්බුදය මත පදනම් වූ බුද්ධි ගලන රැල්ලක් වෛද්‍ය වෘත්තිකයන් අතර පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය. “පසුගිය වසර දෙක තුළ තත්ත්වය සලකා බැලුවහොත් 2022 සහ 2023 වසරවලදී වෛද්‍යවරුන් 1800කට වැඩි පිරිසක් රට හැර ගොස් තිබෙනවා” වෛද්‍ය චමිල් විජේසිංහ …

Continue Reading

යොවුන් පිල මෙහෙයවීමේ වගකීම දිනුර කලුපහනට

ජුනි සහ ජූනි මාසවලදී එංගලන්තයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දිනුර කලුපහනව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ගාල්ල මහින්ද විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට ප්‍රවිෂ්ඨව සිටින දිනුර වේග පන්දු යවන දකුණත් පිතිකරුවෙකි. ජුනි මස 22 වැනිදා එංගලන්තයට බලා යන මෙම කණ්ඩායම ක්‍රීඩකයින් 18 …

Continue Reading

යොවුන් පිල එංගලන්තය බලා පිටත්ව යයි

දිනුර කළුපහනගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (22) දහවල් එංගලන්තය බලා පිටත්ව ගියහ. ක්‍රීඩකයන් දහ අට දෙනෙකුගෙන් සමන්විත යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ අද පැවැති ආගමික වතාවත් වලින් අනතුරුව එංගලන්ත සංචාරය සඳහා නික්ම ගියහ. යොවුන් කණ්ඩායම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත වෙයි. නම් කරන ලද ක්‍රීඩකයින් අතර දිනුරට අමතරව පුළිඳු පෙරේරා, හිරාන් ජයසුන්දර, දිනිරු …

Continue Reading

පිල්ලෙයාන්ගෙන් ජනපතිට සහතිකයක්

පසෙන් යැපෙන නැගෙනහිර ජනතාව දෙපයින් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ජනපති සතුයි. රටේ ආර්ථිකය ගොඩනගන අතරම ජනවාර්ගික ප්‍රශ්නයට ද ස්ථීර සාර විසඳුමක් ලබා දෙනවා. ඉදිරි වසර 05තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයකට ගෙන ඒමේ අභියෝගය ජය ගන්නවා – ජනපති. ජනපති සහ එස්. වියාලේන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සංගමයේ සාමාජිකයන් අතර ද හමුවක්. එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය …

Continue Reading

ශ්‍රී ලංකාවේ බංකලොත්භාවය අවසන් වන දිනය ගැන ජනපති හෙළි කරයි

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාම අරමුණයි බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට ප්‍රතිලාභ ලබා දෙනවා. වසර 30ක යුද්ධයෙන් පීඩා විඳී උතුරේ ජනතාවට නව සංවර්ධනයක් අත්කර දීමට කැප වෙනවා – 2024 සමස්ත ඉන්දීය හවුල්කාර හමුව අමතමින් ජනපති පවසයි. ඉදිරි සතිය වන විට හෝ ඉන් පසුව, …

Continue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල අපරාධ සම්බන්ධයෙන් පියුමි ගැන පරීක්‍ෂණ

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘ලොලියා’ ආයතනය මගින් සිදුකර ඇති ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. පියුමි හංසමාලිගේ “LOLLIA” Skin Care (Pvt) Ltd. ආයතනය මගින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු, ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම අදාළ …

Continue Reading

රාජිත ‘ජනපතිව මුරුංගා අත්තේ තබා කළ‘ සම්පූර්ණ කතාව

‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෙතරම් කෙටි කාලයකින් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකිවෙයි කියා අප ද සිතුවේ නැහැ. නමුත් අපට අද එය පිළිගැනීමට සිදු වී තිබෙනවා. ඇස් පෙනෙන කන් ඇසෙන කෙනෙක් නම් එතුමා අපේ රට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා කියා පිළි ගන්න වෙනවා‘ මේ ප්‍රකාශය සිදුකළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතායි. රාජිත සේනාරත්න මේ බව සඳහන් කර …

Continue Reading

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත ඊයේ (ජුනි 20) පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. 2024 මැයි මස 7 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය ජූනි 4 වැනිදා පවත්වා කල්තබන ලද අතර විවාදය ඊයේ (20) දෙවැනි දිනටත් පැවැත්විණි. මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත මගින්   කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම …

Continue Reading

ජූනි 22 දිනට ‘කාලගුණ අනාවැකිය‘: තද වැසි සහ තද සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2024 ජුනි මස 21 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණතද වැසි ඇතිවිය හැකිය. මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය වැසිතත්ත්වය:පුත්තලම සිට කොළඹ සහ …

Continue Reading