LPL ටිකට් ගන්න විශේෂ කවුලුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර හෙට (30) පෙරවරු 10 සිට සවස 5 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විශේෂ කවුන්ටරයෙන් මිළදී ගත හැකි බව තරග සංවිධායකයෝ දැනුම් දෙති. 2024 ලංකා ප්‍රීමීයර් ලීග් තරගාවලිය තවත් දිනකින්, එනම් එළැඹෙන ජූලි මස 1දා සිට ආරම්භ වීමට නියමිතව ඇති අතර, පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි …

Continue Reading

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ලකුණු 65කින් එංගලන්තය පරදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා හේතුවෙන් එංගලන්ත යොවුන් පිල පරදා පළමු එක්දින තරගයන් ලකුණු 65ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් වූ ෂාරුජාන් ෂන්මුගනාතන්, මහිත් පෙරේරා හා දිනුර අබේවික්‍රමසිංහ අර්ධ ශතක වාර්තා කිරීමෙන් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස …

Continue Reading

පියුමි හංසමාලිට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමක්

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිතව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරයි. පියුමි හංසමාලි බැංකු නවයක පවත්වාගෙන යන ගිණුම් 19ක තොරතුරු ඉල්ලා ඇති අතර එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මේ වන විට  …

Continue Reading

ජූලි 02 දා SJB ප්‍රබලයෝ තුනක් ගන්න අලුත් තීන්දුව

ජූලි 02 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී සජබ මන්ත්‍රීවරුන් තිදෙනකු සමග තවත් මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි.‌ මෙම සිවු දෙනා මේ පිළිබඳව ආණ්ඩුව සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බව ද  අදාළ ආරංචි මාර්ග වැඩි දුරටත් ප්‍රකාශ කරයි. මේ අතර රාජිත සේනාරත්න, චම්පික රණවක සහ සරත් ෆොන්සේකා ද ආණ්ඩුව සමඟ …

Continue Reading

ජූනි 30 වැනිදාට කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දැනුම්දීමක්

ජූනි 30 වැනිදාට වසර දහයකට පසු කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍ර වසරක් දක්වා නොමිලේ දීර්ඝ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නව ඉලෙක්ට්‍රොනික චිප් ඇතුළත් කර ඇති විද්‍යුත් ගමන් බලපත්‍රය ලබන වසරේ ජනවාරි මාසය වන විට මහජනතාවට නිකුත් කෙරෙන අතර, නව විදේශ ගමන් බලපත්‍රය විද්‍යුත් ගමන් බලපත්‍රයක් බවට පත් කර ගැනීමට මහජනතාව උනන්දු කරනු ලැබේ. ලබන වසරේ ජනවාරි …

Continue Reading

රිචඩ් පීරිස් සමූහයේ සභාපතිට ලිංගික අතවර චෝදනා

රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ කාන්තා ව්‍යාපාරික විශ්ලේෂකවරියකට ලිංගික අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති සේන යද්දෙහිගේට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ, කොළඹ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වින්දිත කාන්තාව විසින් පසුගිය මැයි මස 7 වනදා කොල්ලුපිටියේ තරු පන්තියේ හෝටලයකදී සභාපතිවරයා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර …

Continue Reading

මැකොමෙන් ප්‍රධාන ආයතන කිහිපයකට නිල දැනුම්දීමක්

ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස මැතිවරණ කොමිසම ප්‍රධාන ආයතන කිහිපයකට දැනුම් දී තිබේ. ඒ් අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මෙම දැනුම් දී කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ මැතිවරණ කටයුතු සුමටව සිදු කිරීම සහතික කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි. ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 …

Continue Reading

LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්

පස්වැනි වතාවටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2023′ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ඒ අනුව ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ඉහළම පිළිගැනීමකට පාත්‍රව සිටින ප්‍රභූ තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා ද පස්වැනි තරගාවලියේදීද තරග නිලධාරී මණ්ඩලයේ ප්‍රධානියා ලෙසින් …

Continue Reading

ජූලි 01 දා සිට පුද්ගලික බස් ගාස්තුවලට වෙන දේ

ජූලි 01 දින සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් රුපියල් 28ක් දක්වා පහළ යාමක් සිදුවන බවත් පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව එම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.

Continue Reading

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ‘රනිල් නොවෙයි‘: උදයංග හෙළිකළ රහස

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව ‍රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්ව වෙමිනි. ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙවන විට රාජපක්ෂලාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බවද උදයංග කීවේය. විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස විසින් පිහිටුවන ලද සර්වජන බලය කණ්ඩායමද …

Continue Reading