සිංහල ජාතිය කිසිදා සිඟමන් යැද්දේ නැහැ

වගකීම් භාරගත හැකි මෙන්ම සත්‍ය නොබියව ප්‍රකාශ කළ හැකි දේශපාලන නායකයන් රටට අවශ්‍යයි. සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන ඉදිරියට යමු. ඇතැමුන් ආදර්ශයට ගන්නා ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් අසාර්ථක පුද්ගලයෙක්.  අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් තුළින් මෙරට ආර්ථිකය ඉහළට ඔසවා තබනවා. එම වැඩපිළිවෙළේදී බැංකු පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙනවා – බැංකුකරුවන්ගේ සංසඳයට එක් වෙමින් ජනපති පවසයි. රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට …

Continue Reading

ජනපති මැතිවරණ කොමසාරිස්ට කළ දැනුම් දීම

නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී  කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  සංඝ මූලස්ථානය  වෙත …

Continue Reading

ආණ්ඩුව මම භාරගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයා ගත නොහැකි වූ කාලයක

නියම සමාජවාදය ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමයි. මම ආණ්ඩුව භාර ගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයාගත නොහැකි වූ කාලයකයි. රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම ආරම්භ කර තිබෙනවා. රටට නව ආර්ථිකයක් සමඟ කුරණෑගලට නව සංවර්ධන සැලැස්මක් – ජනපති. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ …

Continue Reading

ජනපතිවරණය එපා කියන ‘ලේනව‘ පිටුපස ඉන්නේ කවුද ? ජී.එල්. හෙළිකළ රහස

ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙරේදා (03) ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය චමින්ද දයාන් ලේනව මහතා ජනාධිපතිවරණය කල් දැමීමට තමන්ව පොළඹවන්නේ කවුරුන්ද යන්න පැහැදිලි කළ යුතු බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය. මෙම මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රයට (SC FR 177/2024) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධය ප්‍රතික්ෂේප කරන ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිකුත් කළ විශේෂ නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව ද ඔහු …

Continue Reading

ජුලි මස 06 දිනය සඳහා කාලගුණ අනාවැකිය

2024 ජුලි මස 05 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලද කාලගුණ අනැවැකිය අනුව හෙට (06) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි …

Continue Reading

‘ලේනව‘ ගැන SJB මාධ්‍ය ප්‍රකාශක හෙළකළ රහස

ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කළ චමින්ද්‍ර දයාන් ලේනව මහතා සමග තම පක්ෂයට කිසිදු සම්බන්ධයක් නොමැති බව SJB මාධ්‍ය ප්‍රකාශක සුජීව සේනසිංහ මහතා අද (05) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. “සමහරු ලෙනව SJB එකත් එක්ක සම්බන්ධ කරන්න හදනවා. අපිට එයා එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. එයාව අපිත් එක්ක සම්බන්ධ කරන්න හදන අය මඩ ගහන එක විතරයි කරන්නේ” සේනසිංහ අවධාරණයෙන් …

Continue Reading

සිවු දෙනකුට දිවි අහිමි කළ ‘මාරක ලොරිය‘

බදුල්ල, සොරණතොට ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරලීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ස මිය ගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. ලොරි රථය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

Continue Reading

බ්‍රිතාන්‍යය මහ මැතිවරණය: කම්කරු පක්ෂයට අතිවිශිෂ්ට ජයක්

එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ ශ්‍රීමත් කියර් ස්ටාර්මර් නව අග්‍රාමාත්‍යවරයා බවට වනු ඇත. මේවන විට කම්කරු පක්ෂය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා දිනාගෙන ඇති අතර මෙතෙක් බලයේ සිටි අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ නායකත්වයෙන් යුත් කොන්සර්වේටිව් පක්ෂයට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ ආසන 110කට වැඩි …

Continue Reading

ජනාධිපතිවරණය පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. ඒ අනුව අදාළ …

Continue Reading

රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ (GTEX2) දෙවන අදියර ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් ඇරඹේ

GTEX2 ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ස්විට්සර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය අතර අවබෝධතා ගිවිසුමක් රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ (GTEX2) දෙවන අදියර ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් සමාරම්භ කිරීම අද කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි. මෙම උත්සවයට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු දිලුම් අමුණුගම,ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය, ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන …

Continue Reading