ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුමදා ලාංකීය අභිමානය රැකූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ජනපති නියෝගයෙන් යළි සේවයට

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර තිබේ. ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුම් උත්සවයකදී මෙම බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන පිලිබඳව අවධානය යොමු කරමින් විදේශ අමාත්‍යංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි. මේ පිලිබඳව ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා …

Continue Reading

පුංචි ඡන්දේ ප්‍රචාරණ කටයුතු අද රාත්‍රී 12 න් අවසන්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද අපේක්ෂකයින් විසින් සිදුකරන ප්‍රචාරණ කටයුතු අද (07) මධ්‍යම රාත්‍රි 12.00න් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසයි. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රි රත්නායක මහතා පෙන්වාදෙන්නේ ඡන්ද දායකයින් හට ඡන්දය භාවිත කරන පාර්ශවය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා නිහඩ පරිසරයක් නිර්මාණය කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි.

Continue Reading

බෙල්ලන්විල අනුනාහිමියන් අපවත් වුණේ ඉලඇට බිඳීමෙන් වූ වේදනාව නිසා හටගත් හෘදයාබාදයකින්

බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ (77) මරණයට හේතුව ඇද වැටී ඉලඇට කැඩී යැමෙන් සිදුවූ තුවාල නිසා කම්පනය, වේදනාව හේතුවෙන් වූ හෘදයාබාධයක්‌ බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය. උන්වහන්සේගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පෙරේදා (3 වැනිදා) සවස පවැත්විණි. කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය …

Continue Reading

ජල සම්පාදන සේවකයෝ වර්ජනයක් අරඹති

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ අද දිනයේ සිට දින 03 කාලයක් දිවයින පුරා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. ඊයේ (04) දිනයේදී විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡා ද අසාර්ථක වූ බැවින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරිමට තීරණය කළ …

Continue Reading

බැඳුම්කර විවාදයට මාත් එනවා-හිටපු ජනපති

මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන වාර්තාව සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට තමා සහභාගී වීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාළ විවාදය පැවැත්වෙන දින ගණන දීර්ඝ කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවයි. මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් …

Continue Reading

හෙට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ පක්ෂ නායක රැස්වීමක්

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට(05) පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. එහිදී මහ බැංකු බැඳුම්කර සහ බරපතළ වංචා විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය. ලබන 06 වැනිදා අදාළ විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඒ සඳහා ඉදිරි දින යොදා ගන්නේ …

Continue Reading

බන්ධනාගාර ගතව සිටි රැඳවියන් 544 ක් විශේෂ ජනාධිපති සමාව ලබා අද නිදහස් වෙයි

70 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති විශේෂ සමාව යටතේ රැඳවියන් 544 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ සුළු වැරදි හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියන් පිරිසක් මෙලෙස නිදහස් කර ඇති බවයි. අනුරාධපුර, කළුතර, මීගමුව, මහර, ඇතුළු දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටි රැඳවියන් පිරිසක් අද දිනයේ ජනාධිපති විශේෂ සමාව යටතේ …

Continue Reading

බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (04) උදැසන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. කොල්ලුපිටිය මල්පාරේ පිහිටි  එම නිවෙස් වෙත අද (04) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පිටත්ව ගොස් තිබිණි. එහිදි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති …

Continue Reading

70 වැනි ජාතික නිදහස් සැමරුම අදයි

”එකම දැයක් ” තේමාව කොට ගත් 70 වැනි සංවත්සරික ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව කොළඹ ගාලු මුවදොර දී අද (4) පෙ.ව.8.00 ට පැවැත්වීමට නියමිතව තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවිධානයෙන් සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් නිදහස් උළෙල පවැත්වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාඅත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සහ රජයේ මැති ඇමැතිවරු ඇතුළු දෙස් විදෙස් විශේෂ ආරාධිත අමුත්තන්,රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකගේ සහභාගීත්වයෙන් …

Continue Reading

ආබාධිත පුද්ගලයින්ට ඡන්දය දාන්න නොමිලේ ප්‍රවාහන පහසුකම්: මැ. මහ ලේකම් කාර්යාලය

ආබාධිත පුද්ගලයින්හට ඡන්ද මධ්‍යස්ථාන වෙත යාම සඳහා හෙට දිනයට පෙර ප්‍රවාහන පහසුකම් ඉල්ලූම් කරන ලෙස  මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. ආබාධිත පුද්ගලයින්ට  නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ඉල්ලුම් කළ යුතු වෙයි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලබන 07 වනදා සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන  බව …

Continue Reading