දිවි පිඳු රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් මහා සංඝගත දක්ෂිණාවක් ජනපති සහභාගිත්වයෙන්

රට දැය වෙනුවෙන් දිවි පිඳු රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංවිධානයෙන් පවත්වන ලද මහා සංඝගත දක්ෂිණාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් අද (19) දහවල් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. සියලු මහවැලි කලාප ආවරණය වන පරිදි සංඝයා වහන්සේ 200 නමක් පමණ මෙම දානමය පුණ්‍ය කර්මයට වැඩම කර සිටියහ. අමරපුර නිකායේ ඌව උඩුකිඳ මහා නායක හා ගලඋඩ ශ‍්‍රී ධර්මනිකේතන පිරිවෙන් …

Continue Reading

මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ යෝජනා නැති බවට ජනපති සහතික වෙයි

ඇතැම් මාධ්‍ය මඟින් සහ ඇතැම් සංවිධාන පවසන ආකාරයට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා තුළ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී නොමැති බවට තමා සහතික වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (19) පැවති ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවයට එක් වෙමින් එතුමන් මේ බව ප්‍රකාශ කළේය. මෙම රණවිරු සමරුව අඛණ්ඩව වසර 9 ක් …

Continue Reading

ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඕනෑ- හිටපු ජනපති

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයෙන් පසුව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව (බී.බී.සී) විසින් කරන ලද විමසුමකදී මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පවසා තිබේ. පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බවත් පවසා ඇති රාජපක්ෂ මහතා මෙම මැතිවරණයේ ප්‍රතිඵලයත් …

Continue Reading

පොලිස්‌ ආරක්‌ෂාව අදත් දැඩිවේ ජය සැමරුම් පෙළපාලි රැස්‌වීම් අදත් බැහැ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (12) වැනිදා දිනයේදී පොලිස්‌ ජංගම සංචාර කැරළි මර්දන කණ්‌ඩායම් හා මාර්ග බාධක ආරක්‌ෂක කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි. ඒ අනුව පක්‌ෂ ජය සමරමින් පෙළපාලි යාම රැස්‌වීම් පැවැත්වීම දින තුනක්‌ යනතුරු සපුරා තහනම් බවද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවැසීය. දිවයින පුරා පවතින පොලිස්‌ කොට්‌ඨාස 42 ක ඡන්ද …

Continue Reading

වසර 3ක්‌ ජනතාව වින්ද පීඩනය ඡන්දයෙන් පෙන්නුවා – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

වසර තුනක්‌ මේ රටේ ජනතාවට වත්මන් ආණ්‌ඩුවෙන් විඳින්නට සිදූ වූ වේදනාව කෙතරම්ද යන්න පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සඳහන් කළේය. විරුද්ධ පක්‌ෂයට හිමි අයිතිවාසිකම් පවා ලැබී නොමැති විටක මෙවැනි ජයග්‍රහණයක්‌ ඉතිහාසයේ කිසිදා නොලැබූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබාදුන් සියලු ජනතාවට සහ ඡන්ද රාජකාරි කටයුතුවල යෙදුණු සියලු නිලධාරීන්ට …

Continue Reading

බීමතින් ඡන්දය දෙන්නවත්, ගණින්නවත් එන්න එපා; දඬුවම් සැරයි. පොලිසියෙන් තරවටුවක්.

ඡන්ද මධ්‍යස්ථාන වලට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට බීමතින් පැමිණෙන පුද්ගලයින්ට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙවැනි පුද්ගලයින්ට දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පතනතේ ප‍්‍රතිපාදන වලට අනුව නීතිය කි‍්‍රයාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය. මෙවැනි බීමත් පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන වලට හා ගණන් කිරීමේ …

Continue Reading

උදයංග රැගෙන ඒම රාජතාන්ත්‍රික අර්බුදයක්‌ වෙයි

හිටපු තානාපති උදයංග වීරතුංග ලංකාවට රැගෙන ඒම රාජතාන්ත්‍රික අර්බුදයක්‌ බවට පත්ව තිබේ. යුක්‌රේන රජය අබුඩාබි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ උදයංග තමන්ට භාරදෙන ලෙසයි. උදයංග වීරතුංග යුක්‌රේන පුරවැසියෙක්‌ වන නිසා එරටින් ඔහු ලංකාව වෙත එවන ලෙස ඉල්ලා තිබේ. උදයංග වීරතුංග ඩුබායි බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය ඉරිදාය. හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීමට ඊයේ දිනයේදී මෙරට පොලිස්‌ නිලධාරින් පිරිසක්‌ ඩුබායි බලා පිටත්ව යාමට …

Continue Reading

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉදිරි පැය 48 තුල අපේක්ෂකයින් ප්‍රවර්ධන කටයුතු තහනම්- මැ.කො.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසුව අද (08 දා ) සිට එළැඹි පැය 48 ක නිහඬ කාල සීමාවේදී තරග කරන දේශපාලන පක්‍ෂ හෝ ස්‌වාධීන කණ්‌ඩායම් හෝ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනයට හේතු වන පරිදි ආගමික සිද්ධස්‌ථානවලදී හෝ පිටතදී ආගමික වතාවත් හෝ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි. නීතිවිරෝධී ලෙස ක්‍රියා කරන අයට එරෙහිව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් …

Continue Reading

බෙල්ලන්විල හිමිගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් හෙට පාරවල් වැහෙන්නෙ මෙහෙමයි

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිගේ ආදාහන පූජෝත්සවය හෙට දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර, බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිට හෙට දින පස්වරු 1 ට බොරලැස්ගමුව හංදියේ සිට 120 බස් මාර්ගයේ රත්නපිටිය හංදියට පැමිණ රත්තපිටිය හංදියෙන් විශ්වවිද්‍යාල මාවත ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට පැමිණීමට නියමිතව තිබේ. ආදාහන පෙරහර හේතුවෙන් …

Continue Reading

පොහොට්ටුවේ අපේක්ෂයාගේ මවට අයත් ලී මෝලෙන් ලක්ෂ 1 ½ දැව තොගයක් අත්අඩංගුවට

වෙන්නප්පුව ප්‍රදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයෙකුගේ මවට අයත් බව කියන ලී මෝලක තිබී රුපියල් ලක්ෂ 1 ½ ක් පමණ වටිනා දැව තොගයක් හලාවත අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) දිනයේ දහවල් මෙම වැටලීම සිදු කර ඇත. ලුණුවිල – කිරිමැටියාන ප්‍රදේශයේ මෙම මෝල පවත්වා ගෙන ගොස් ඇති අතර මැතිවරණයට ඉදිරිපත් වී …

Continue Reading