තැපැල් වෘත්තීය සමිති විරෝධතාවකට සැරසෙයි

අද දහවල් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවට සේවයකයින් බඳවා ගැනීම් පටිපාටයේ පවතින ගැටළු මුල්කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන බව එහි සම කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශයන් දැනුම්වත් කිරීමට කටයුතු කළ ද ඒ සඳහා මෙතෙක් නිශ්චිත විසඳුමක් ලබා දී නොමැති බව ඔහු සඳහන් …

Continue Reading

හෘද රෝග සහ අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛනය අවම කරන්න යයි

දිවයින පුරා රෝහල්වල පවතින හෘද රෝග සහ අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛනය ලබන වසරේ දී අවම කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම සැත්කම් සඳහා රජයේ රෝහල්වල ශල්‍යාගාර මෙන්ම පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර භාවිත කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී පෞද්ගලික රෝහල්වල සිදුකරන ශල්‍යකර්මයකට සෞඛ්‍ය අමාතාංශයෙන් මුදල් ලබාදීමට කටයුතු තරක බව ද අමාත්‍යවරයා …

Continue Reading

නිලධාරින් ඇවිත් නෑ.උතුරේ ඉඩම් අර්බුද විසඳන්න තිබූ සාකච්ඡා අතරමග නවතියි

උතුරේ ඉඩම් අර්බුද හා ආරවුල් පිළිබදව සාකච්ඡා කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් 16 දා කැදවා තිබූ විශේෂ සාකච්ඡාවට උතුරු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරු හා වනජීවී නිලධාරීන් විශාල ප්‍රමාණයක් සභභාගි නොවීම නිසා එම සාකච්ඡාව අසාර්ථක වී තිබේ. ප්‍රධාන අමාත්‍යවරයාගේ යාපනයේ පිහිටි කාර්යාලයේදී මේ සකච්ඡාව සංවිධානය කොට තිබුණි. සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුව ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍යයට පවසා තිබුණේ තමන්ට උතුරු පළාත් සභාවේ කටයුතු …

Continue Reading

මුදල් යොදවන්න කිසිම ගිවිසුමක් නැති වුවත් විමර්ශන අරඹද්දී මුදලින් කොටසක් ආපසු ගෙවලා

වීරකැටිය, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපන සහ සංස්කෘතික පදනමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් යෙදවීමේදී සංස්ථාව සමග වාචික හෝ ලිඛිත කිසිදු ආකාරයක ගිවිසුමක් ඇති කරගෙන නැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. ඒ පිළිබඳ විමර්ශන ආරම්භ වූ වහාම එකී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් …

Continue Reading

ඡන්ද අල්ලසක් ලෙස දීමට සූදානම් කල මහන මැෂින් බෙදීම වළකයි

ගලේවෙල නෑබඩගහවත්ත පදිංචිකාරියන් සියදෙනකුට ඡන්ද අල්ලසක් ලෙස බෙදාදීමට සූදානම් වූ මහන මැෂින් සියයක් බෙදාදීම ගලේවෙල පොලිසිය වැළැක්වීය. මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පොලිසියට දුන් උපදෙසක් මත ‍පොලිසිය ක්‍රියාත්මක විය. නෑබඩගහවත්ත ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ දී මැෂින් බෙදාදීමට සැලසුම් කර තිබිණි. මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන යටතේ මේ මැෂින් මිලදී ගෙන ඇත. අලුතින්ම බිහි වූ පක්ෂයකින් ගලේවෙල ප්‍රාදේශීය සභාවට ඉදිරි මැතිවරණයට …

Continue Reading

ලංකාවෙන් රුසියාවට යැවූ තේ තොගයක කුරුමිණියෙක්

ශ්‍රී ලංකාවේ තේ ඇතුළු වැවිලි නිෂ්පාදන ආනයන මත රුසියානු සමූහාණ්ඩුව තාවකාලික තහනමක් පනවනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවෙන් රුසියාවට යවන ලද තේ තොගයක තිබී කුරුමිණියකු හමු වීමත් සමඟ රුසියානු සමූහාණ්ඩුව එම පියවර ගෙන තිබේ. මේ අනුව ලබන සඳුඳා සිට ශ්‍රී ලංකාවෙන් තේ සහ අනෙකුත් වැවිලි නිෂ්පාදන ආනයනය කිරීම තාවකාලිකව නවතා දැමීමට රුසියානු සමූහාණ්ඩුව තීරණය කර ඇත. මෙරටින් යවන ලද තේ තොගයක …

Continue Reading

ගෝඨාට එරෙහි අතුරු තහනම දිගුවෙයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ලබන ජනවාරි 25 වැනිදා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (15) අතුරු තහනම් නියෝගය දීර්ඝ කළේය. වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටියි. මෙම තහනම් නියෝගය …

Continue Reading

උත්සව සමයට සහන මල්ලක්‌

එළැඹෙන උත්සව සමය ඉලක්‌ක කරගෙන ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක්‌ වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් “සහන මිල වෙළෙඳසල්” ඇති කිරීමටත් එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්‌සන්, ලූනු, අර්තාපල් හා ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ වර්ග 08 ක්‌ ඇතුළත් සහන මල්ලක්‌ වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ. මේ වනවිට වෙළෙඳපොළෙහි මිල ඉහළ ගොස්‌ ඇති අත්‍යවශ්‍ය …

Continue Reading

පොහොට්‌ටුවේ 6 ක්‌ ශ්‍රීලනිපයේ 2 ක්‌ නාම යෝජනා ප්‍රතික්‌ෂේපයි

පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර 06 ක්‌ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නාම යෝජනා පත්‍ර 2ක්‌ ඊයේ (14 දා) ප්‍රතික්‌ෂේප කර ඇත. පළාත් පාලන ආයතන 93 ක්‌ සඳහා නාම යෝජනා පත්‍ර භාරගැනීම ඊයේ මධ්‍යහ්න 12.00 ට අවසන් වූ අතර එහිදී ඉදිරිපත් වූ විරෝධතා සැලකිල්ලට ගෙන නාම යෝජනා පත්‍ර ප්‍රතික්‌ෂේප කිරීමට දිස්‌ත්‍රික්‌ …

Continue Reading

නාමල් ඇතුළු 5කට එරෙහි නඩුව-දෙසැ.20 සිට30 දක්වා විදේශගත වීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේෂන් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙනුවකදී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස උපයාගැනීම සම්බන්ධයෙන් එම සමාගම නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීම අද (14) සිදු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඊයේ (13) තීරණය කෙළේය. මෙම ගණුදෙනුවේදී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස …

Continue Reading