එතෙර සිටින ගෝඨාට රජයෙන් විදයම් නෑ

විදේශ සංචාර සඳහා වියදම් කරන්නේ සිය පෞද්ගලික මුදල් බවත් ඒ සඳහා රජයේ මුදල් වියදම් කරන බවට පළ වන පළ වන මාධ්‍ය වාර්තාව අසත්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්න් සඳහන් කරයි. වර්තමාන සහ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් වරප්‍රසාද හිමිවන බවට කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් වැරැදි …

Continue Reading

නිමල් සිරිපාල සම්බන්ධයෙන් අල්ලස් විමර්ශනයක්

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව  එල්ලවූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (15) විමර්ශනයක් ආරම්භ කළේය. කොමිසම මේ  විමර්ශනය අරඹා ඇත්තේ  දූෂණ විරෝධී පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය. මේ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන්ද  ඉදිරියේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක්  ලංකාදීපයට පැවැසීය. කටුනායක ගුවන්තොටුපොළ  …

Continue Reading

විසි දෙකට කඹ ඇදිල්ලක්

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර කඹ ඇදීමක් හටගෙන තිබෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ එම කාලය වසර හතර හමාරක් දක්වා දීර්ඝ විය යුතු බවයි. එහෙත් සමගි ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ පාර්ශ්වය වසර දෙකහමාරකට කැමැත්ත පළ කර …

Continue Reading

ධානිෂ් අලීට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලීට ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

Continue Reading

රාජපක්ෂලාගේ කුණු අදින ලොරි බවට සජබ කිසිවකු පත් වන්නෙ නෑ

රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ  රාජපක්ෂ පාලනය බවත්, ඒ රාජපක්ෂලාගේ කුණු අදින කුණු ලොරි බවට සමගි ජනබලවේගයේ කිසිවකු පත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. අද මුළු රටම ආර්ථික සමාජ දේශපාලනික ඛේදවාචකයකට ලක්ව ඇති බවත්,ඊට හේතුව 2019 සහ 2020 මැතිවරණ දෙකකදී ජනතාව විසින් හරි පාර වෙනුවට වැරදි පාර උරා ගැනීමේ හේතුව බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රක්වාන සමගි …

Continue Reading

අර්බුදයෙන් ගොඩයන්න තවම වැඩපිළිවෙළක් නෑ

ජනාධිපතිවරයා පත්වී සැළකිය යුතු කාලයක් ගත වුවත් රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට තවම පාර්ලිමේන්තුවට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැතැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද  පැවසීය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දළ රාමුවක් ,දළ අදහසක් ඉදිරිපත් කළත් කළ යුත්තේ කුමක්ද? කෙසේද ? කවදා ද? යන්න සම්බන්ධයෙන් කිසිවක් දැනුවත්ව නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ණය …

Continue Reading

වියදම් සීමා කරන්න ජනපතිගෙන් නියෝග

රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ. වියදම් සීමා කිරීම පිළිබඳව භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩිව පිලිපදින ලෙස ද  දැනුම් දී ඇත. රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ …

Continue Reading

කෝප් සහ කෝපා සභාපති ධුර සඳහා සජබයේ නම් යෝජනා වෙයි

නව වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූර සඳහා විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ නම් දෙකක් යෝජනාවී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යෝජනාවී ඇති බවයි සඳහන් වන්නේ. එසේම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය …

Continue Reading

ජීවන්ත පීරිස් පියතුමාට ඇප

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  අද  නියෝග කළේය. සැකකාර පියතුමාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හෙට දින (13) ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද ඇප කොන්දේසියක් නියම …

Continue Reading

දේශපාලන සිරකරුවන් 46කට කඩිනමින් නිදහස

සුළු සුළු වැරදිවලට බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනකු නිදහස් කිරීම සඳහා වන මුලික වැඩකටයුතු ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේෂ්වරන් මහතා වෙත පවසා ඇත. මෙම සිරකරුවන් සම්බන්ධයෙන් හිටපු අග විනිසුරු අශෝක ද සිල්වා මහතාගේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බවත් අමාත්‍යවරයා තමාට පැවසු බවද විග්නේෂ්වරන් මහතා සදහන් …

Continue Reading