විසි දෙකට කඹ ඇදිල්ලක්

Spread the love

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර කඹ ඇදීමක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ එම කාලය වසර හතර හමාරක් දක්වා දීර්ඝ විය යුතු බවයි.

එහෙත් සමගි ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ පාර්ශ්වය වසර දෙකහමාරකට කැමැත්ත පළ කර ඇති බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අප අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම කාල සීමාව සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්වයක් පවතින බවයි.

එය නිරවුල් කර ගැනීමට සාකච්ඡා පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමේ බලය විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටද ඇතුළත් වූවකි.

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

එම පනත් කෙටුම්පත නුදුරේදීම විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.

 

RSL

Related Posts