බලය බෙදන්නේ නම් රට ගොඩනගන්න උදව් කරනවා

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් උපකාර කිරීමට ඩයස්පොරා ප්‍රජාව සුදානමින් සිටින බවත් ඒ සඳහා මෙරට බලය බෙදීමේ ක්‍රියාවලිය කඩිනම් වනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්ම් සානක්‍යන් මහතා පවසයි.එමෙන්ම සියලුම පාර්ශව පිළිගත හැකි ජාතික වැඩපිළිවෙලක් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම ඉවත් …

Continue Reading

ගෝඨා ’ග්‍රීන් කාඩ්’ ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි ‘ඩේලි මිරර්’ පුවත්පත අනාවරණය කරයි. ඇමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්‍රීන්කාඩ් පහසුකම හරහා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ඇමෙරිකානු පුරුවැසිභාවය ඇති අයෙකු වීම නිසා එම පහසුකම ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයාට හැකි බවත් පැවසෙයි. ගෝඨාභය …

Continue Reading

ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය හා විදුලිබල ඇමති අතර හමුවක්

ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර හමුවක් පවත්වා තිබෙනවා. ඒ අනුව ප්‍රතිසංස්කරණ සඳහා කැපවන බවට ඔවුන් සහතික වූ බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සහය ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්,  

Continue Reading

ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානයේ සභාපතීත්වය විමල්ට

විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවති විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. නව සන්ධානයේ සභාපතීත්වය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට හිමිව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර වැඩිදුරටත් …

Continue Reading

රනිල්-රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව අන්තරේ අද කොළඹට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන විරෝධතාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා. “ඩීල් රනිල්-රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව” මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ. ඒ අනුව අද දහවල් 01.00 ට ලිප්ටන් වටරවුම අසළින් මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Continue Reading

දේශපාලන පක්ෂ වලට රට නටවන්න ඉඩ දෙන්න බෑ

එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහට රටෙි ප්‍රතිපත්ති මාරු කිරීමට ඉඩ ලබානොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශව වසර 25 කට වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට එක්විය යුතු බව ද  එජාප සභාපතිවරයා පැවසීය. දේශපාලන පක්ෂ නායකයන්  ළඟ රට ගොඩනැඟීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් තිබේ නම් ඒවා හංගාගෙන …

Continue Reading

මේ වෙලාවේ දේශපාලනඥයන්ගේ කළු සුදු බලන්න හොඳ නෑ

රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි  හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. සියලු දෙනා පක්ෂ පාට මේ අවස්ථාවේදී ඔලු වලින් අයින් කළ යුතු බවද ඔහු සඳහන් කළේය. වර්තමාන ජනාධිපතිවරයා සමග තමා වසර පහක් ආණ්ඩු කළ බවත්  තමා එතුමාගේ හැටිද  එතුමා තමාගේ හැටිද හොඳට දන්නා  බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය. ඔහු මෙසේ …

Continue Reading

රාජ්‍ය ආයතනවල මුල් පුටු වෙනුවෙන් නව පත්කිරීම් සිදුකිරීමේදී අනුමැතිය ලබාගැනීම සඳහා කමිටුවක්

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදුකිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන පුද්ගලයින් පත් කර …

Continue Reading

අරගලයේ ඉදිරි පියවර ලෙස මහජන කවුන්සිලය ගොඩනැගීම ඇරඹේ

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් අරගලයේ නිරත වූ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුනොවන බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීන් පවසනවා. අරගලයේ ප්‍රධාන යෝජනාවක් වන මහජන කවුන්සිලය ජනතාවට තීරණ ගැනීමේ බලය සතු ව්‍යුහයක් ලෙස ගොඩනැගිය යුතු බවයි අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ලහිරු වීරසේකර පෙන්වා දෙන්නේ. ඒ අනුව අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලය ගොඩනැගීම මේ වන විට ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Continue Reading

අදානි සමාගමට සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා තාවකාලික අනුමැතිය

අමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව මන්නාරමේ 286MW සහ පුනරීන් ප්‍රදේශයේ 234MW සුළං ව්‍යාපෘති 2ක් සඳහා මෙලෙස අනුමැතිය ලබාදුන් බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Continue Reading