85 වැනි ජන්ම දිනය සමරන ෆිදෙල් කැස්ත්‍රෝ

කියුබානු විප්ලවයේ නියමුවා වන ෆිදෙල් කැස්ත්‍රෝගේ 85 වැනි ජන්ම දිනය පසුගිය දා (13 අගෝ. සෙනසුරාදා) යෙදී තිබිණි. සිය දේශපාලන නායකයාගේ උපන්දිනය නිමිත්තෙන් කියුබානු ජනතාව විසින් පසුගිය සතිය පුරාම උත්සව සංවිධානය කර තිබිණි. මේ නිමිත්තෙන් ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග ඇතුළු උත්සව ගණනාවක් හවානා ඇතුළු නගර ගණනාවකදී පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. 1926 අගෝස්තු මස 13වැනිදා ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේදී උපත ලද …

Continue Reading

සෝමාදේවී පරණයාපා මහත්මිය විසින් රචිත “මධුසමය” එළිදකියි.

ප්‍රවීණ පුවත්පත් කලාවේදිනියක හා නවකතාකාරියක වන නැසී ගිය සෝමාදේවී පරණයාපා මහත්මිය විසින් කලකට පෙර රචිත “මධුසමය” නම් වූ නවකතාව පසුගිය දා පැවති එතුමියගේ 20 වැනි සමරු සංවත්සරය නිමිත්තෙන් එළි දැක්විණි.

Continue Reading

සෝමාදේවී පරණයාපා මහත්මිය විසින් රචිත "මධුසමය" එළිදකියි.

ප්‍රවීණ පුවත්පත් කලාවේදිනියක හා නවකතාකාරියක වන නැසී ගිය සෝමාදේවී පරණයාපා මහත්මිය විසින් කලකට පෙර රචිත “මධුසමය” නම් වූ නවකතාව පසුගිය දා පැවති එතුමියගේ 20 වැනි සමරු සංවත්සරය නිමිත්තෙන් එළි දැක්විණි.

Continue Reading

සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කළහොත් ලංකාව ජාත්‍යන්තරය හමුවේ හුදකලා විය හැකියි – මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන්

ජාත්‍යන්තරව එල්ල වන පීඩනය හමුවේ සුදුසු ප‍්‍රතිචාරයක් ලබා නොදී සියලූම චෝදනා ප‍්‍රතික්ෂේප කළහොත් කුඩා දූපතක් වන ලංකාව ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ හුදකලා බවට පත්වනු ඇතැයි අතිඋතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් පවසයි.බීබීසී සංදේශය වාර්තා කරන්නේ පුරා සතියක් තිස්සේ පැවති මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්‍යය අවසන් කරමින් බැතිමතුන් ලක්‍ෂ ගණනාවක පිරිසක් අමතමින් උන්වහන්සේ ඒ බව කියා සිටි බවයි. අවිආයුධ මඟින් සිදුකළ යුද්ධය අවසන් වූවද, …

Continue Reading

සුදු කොඩි නඩුවේ විත්තියේ නීතීඥාට අපහස කළැයි ෆෙඩ්‍රිකාට සහ සමාගමට නඩු ගාස්තු ගෙවන්නැයි නියෝග

සුදු කොඩි නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතාට අපහාස වන පරිදි එම නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකාරිය වන සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ෆෙඩ්‍රිකා ජෑන්ස්‌ මහත්මිය විසින් ද්වේෂ සහගත අයුරින් ප්‍රවෘත්ති පළ කරන්නේ යැයි පෙන්වා දෙමින් පෝල් රත්නායක නීතිඥ සමාගම මගින් ගොනු කර තිබූ පැමිණිල්ලක් අනුව‌ ඒ මහතාට රු 25,000ක නඩු ගාස්තු ගෙවන ලෙස සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන …

Continue Reading

ජ.වි.පෙ. බෙදුවාක් මෙන් එ.ජා.ප. යද බෙදීම ආණ්ඩුවේ අරමුණයි – දයා ගමගේ

ඊයේ (අගෝ. 15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නැගෙනහිර පළාතේ විපක්‍ෂ නායක දයා ගමගේ මහතා පවසා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ තවදුරටත් සිටිය යුතු බවත් වික‍්‍රමසිංහ මහතා යනු ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් ඉටු කරන රූකඩයක් නොවන බවත්ය. ජනතා විමුක්ති පෙරමුණ බෙදා වෙන්කොට විනාශ කිරීමෙන් පසුව ආණ්ඩුවට දැන් අවශ්‍යව ඇත්තේ එජාපයද විනාශ කොට අතීතයේදී පැවති රජවරුන්ගේ වැනි ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට …

Continue Reading

සියලුදෙනාට ගෞරවයෙන් යුක්තව ජීවත් වියහැකි සමාජයක් ගොඩ නැඟීමට ශී‍්‍ර ලංකාවට සහාය දෙනවා – ඉන්දීය මහකොමසාරිස්

ඊයේ (අගෝ. 16) දිනයට යෙදෙන ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් අශෝක් කේ. කාන්ත මහතා සඳහන් කරන්නේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් ශී‍්‍ර ලංකාව අවංකව කටයුතු කරනු ඇති බවයි. අතීතයේ කැළැල් මකා ගැනීම සඳහා සහ සියළුම පුරවැසියන්ට සමානාත්මතාවයෙන් හා ගෞරවයෙන් යුක්තව ජීවත් වියහැකි සමාජයක් ගොඩ නැඟීමට ශී‍්‍ර ලංකාවට සහාය වීම ඉන්දියාව තවදුරටත් සිදු කරන බව ඔහු පවසා සිටියි. ඉන්දියාවේ …

Continue Reading

උසස් පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු රැසක්

මෙවර නව නිර්දේශය යටතේ ලබාදුන් ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රය ගැටලු රැසකින් යුක්ත බවට චෝදනා නගන උසස් පෙළ සිසුන් තවදුරටත් පවසන්නේ තමන් අධ්‍යයනය කළ අනුරූප ප්‍රශ්න පත්‍රයේ අඩංගු ක්‍රමවේදයෙන් බැහැරව එම ප්‍රශ්න පත්‍රය සකසා ඇති බවයි. මේ පිළිබඳව විද්‍යාල කිහිපයක ගණකාධිකරණ විෂය භාර ආචාර්යවරුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් ද පැවසුවේ එම චෝදනා සත්‍ය බවයි. සිසුන් නඟන චෝදනා සතය නම් ඒ පිළිබඳව සළකාබලන බව …

Continue Reading

ඉන්දීය ධජය එසවීමට ගත් උත්සහයෙන් 43 දෙන්නෙකු අත්අඩංගුවට

කච්චතිව් දූපතෙහි ඉන්දීය ධජය එසවීම සඳහා පිටත්ව යෑමට උත්සාහ දැරූ හින්දු මක්කල් කච්චි නමැති පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් 43 දෙනෙකු තමිල්නාඩු පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කරයි. වඩාත් විශේෂත්වය වන්නේ ඊයේ (15 අගෝ.) දිනය ඉන්දියාව සිය ජාතික දිනය සමරන දිනයද වීමයි. අත්අඩංගුවට පත්වූවන් අතර තමිල්නාඩු ප‍්‍රාන්තයේ සිටින එම පක්‍ෂයේ සභාපති අන්නදුරෙයි ද අයත් වේ. වසර 1974දී ශී‍්‍ර ලංකාවට පවරාදුන් …

Continue Reading

ච්ම්පන්සියා `සිය හය වන උපන් දිනය සමරයි

දෙහිවල ජාතික සත්ව උද්‍යානයෙන් ඊයේ (15 අගෝ.) ඉතා අපූරු තොරතුරක් වාර්තා විය. එනම් සත්තු වත්තේ ජීවත්වන චිම්පන්සියා විශාල ජනතාවකගේ සුභපතුම් මැද සිය හය වන උපන් දිනය උත්සවාකාරයෙන් සැමරීමයි. ඡායාරූපයේ දැක්වෙන්නේ සත්ව උද්‍යානයේ අධ්‍යක්ෂ බී. එස්. ගුණවර්ධන සහ සත්ව පාලක තිලක් ප්‍රියන්ත යන මහත්වරුන්ගේ සහයෙන් චිම්පන්සියා තම උපන් දින කේක් ගෙඩියේ ඉටිපන්දම දැල්වූ අවස්ථාවයි.

Continue Reading