ඩීල්කාරයින් කවුරුන්ද යන්න හෙළි වුණා
විශ්වාසභංග යෝජනාවෙන් ඩීල්කාරයින් කවුරුන්ද යන්න රටට ජනතාවට හෙළිවූ බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. මෙම ඡන්ද විමසීමේදී ආණ්‌ඩුව සමග ඡන්දය දෙන ව්‍යාජ විපක්‍ෂය හා සැබෑ විපක්‍ෂය කුමක්‌ද යන්න ඔප්පු වූ බවත් ඒකාබද්ධ විපක්‍ෂය ඉලක්‌කම්වලින් පරාජයට පත්වුවත් දේශපාලන වශයෙන් ජයග්‍රහණය ලැබූ බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා තමා මුලසිටම කියූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුලින් දැරූ මතයේ …
Continue Reading
රනිල් සමඟ පෙරට යන එජාපය විශ්වාසභංගයේ ජය සැමරු හැටි (Video)
වසර 25කට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂයේ ජය පරාජයන් හමුවේ නොසැලී ඉදිරියට යන එක්සත් ජාතික පක්ෂයේ අසහාය, සදාකල් නායක මෙන්ම බයනැති අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඔහුට එරෙහි විශ්වාසභංගය පරාජයට පත්කරගනිමින් ලැබුවා වූ විශිෂ්ට විජයග්‍රහණය ඊයේ රාත්‍රීයේ සිට අද දහවල් වන තුරුත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබිණ. එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගැනීම වෙනුවෙන් අද(05) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති …
Continue Reading
එජාපය ශ්‍රීලනිපයට එරෙහි ප්‍රහාරයකට සැරසෙයි
විශ්වාසභංගයට පක්ෂවත්, අගමැති රනිල්ට එරෙහිවත් ඊයේ(04) ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානමින් සිටිති. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෙට (06) දිනයේ කාතානායකවරයාට බාරදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික …
Continue Reading
SLFP ඇමතිවරු 6ක් ආණ්ඩුවෙන් ඉවත් කරන්න – UNP මන්ත්‍රීවරු කියති
අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මඟින් දැනුම්දී තිබේ. පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත. ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේනය …
Continue Reading
පාර්ලිමේන්තුව ගිනියම් කරමින් මිනීමරු ගෝඨා ඇතුළු බත් ගොට්ටන් කුපිත වූ ෆීල්ඩ් මාෂල්ගේ කතාව (Video)
“අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා.” යැයි අද පාර්ලිමේන්තුවේ විස්වාසභංග විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් ෆොන්සේකා සිය කතාව කරමින් සිටියදි එයට බාදා කල විමල් විරවංශට දැඩි ලෙස චොදනා කර සිටියා. අප පසුගිය මාර්තු 22 වැනිදා විමල්ගේ ගෙදර හොල්මන ගැන අනාවරණය කර සිටියා……. විමල්ගේ …
Continue Reading
විමල්, ගම්මන්පිල, ඩලස් Bite වෙයි… විස්වාසභංග විවාදය අස්සේ බැසිල් පෙරමුණෙන් “Bite Call”
රනිල්ට එරෙහි විස්වාසභංග විවාදය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවය එම කණ්ඩායමේම තවත් මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඒ අය දේශපාලන වශයෙන් හාස්‍යට ලක් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ “ලොබිය” උණුසුම් වී එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබු බව පාර්ලිමේන්තුවේ විශේෂ වාර්තාකරුවෙකු සදහන් කළා. මේ “Bite Call” ලැබි ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක …
Continue Reading
රනිල්ට එරෙහි විශ්වාසභංගයෙන් රනිල් ජයගනී; එජාපය රනිල්ගේ නායකත්වයෙන් පෙරටම..
අග්‍රාමාත්‍යධුරයේ රැඳි සිටි රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුණි. ඒත් සමඟම රනිල් වික්‍රමසිංහ මහතා යළි සිය අග්‍රාමාත්‍යධුරයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේද බලය තහවුරු කරගැනීමට සමත් විය. විශ්වාසභංගයට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 කි. විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුණි. ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි සංඛාව 26කි. එමෙන්ම හෙට(05) පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු කල් දමා …
Continue Reading
එජාපයේ 28ක් රනිල් ගැන නැතිවෙන්න ගිය විශ්වාසය යළි ඇති කර ගනී (Video)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇතුළු එජාප මන්ත්‍රීන් 28 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කළ බව මාධ්‍ය හමුවක් පවසමින් පැවසීය. ඉදිරි සතියේදී සිදු කරන බව කියන එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය දෙස බලාපොරොත්තු සහගතව බලා සිටින බවත් ඔවුන් කීහ. තමන් සමග එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 28 …
Continue Reading
ශ්‍රීලනිපයේ ලෙඩ සුව වෙයි.. මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පැමිණෙති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් රනිල්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂව හෝ විපක්ෂයව ඡන්දය දීමෙන් වැලකී සිටීමට ගත් තීරණය නිල තීරණයක් නොවන බවත්, එය ඒ.එච්.එම්.ෆවුසිගේ පෞද්ගලික මතයක් බවත් සඳහන් කරමින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විශ්වාසභංගය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇත. අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනා ඡුන්ද විමසීම වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර නැතැයි රාජ්‍ය ඇමති ලක්‍ෂමන් …
Continue Reading
ශ්‍රීලනිප මන්ත්‍රීවරු ලෙඩ වන ලකුණු..
අගමැතිවරයාට එරෙහිව අද(04) දිනයේදී පැවැත්වෙන විශ්වාස භංගයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් මේ වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවසන් ස්ථාවරයකට පැමිණ නැත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කොට ඇත. තවදුරටත් සම්මුතිවාදී රජය පවත්වාගෙන යාම හා තමන්ගේ අමාත්‍යධූර ආරක්ෂා කර ගැනීම සදහා මෙම තීරණයට පැමිණ ඇතැයිද වාර්තාවේ.
Continue Reading