පරිවර්තනීය යුගයක් සෑම විටම දුෂ්කර හා ජනප්‍රිය නොවන කාලයක් – ජනාධිපති
සමස්ත ශ‍්‍රී ලංකාව අද දිනයේ ඉල්ලා සිටින්නේ සෞභාග්‍යයේ නිදහස අත් පත් කර ගැනීමක් හා අල්ලසට, දුෂණයට, නාස්තියට එරෙහිවීමේ ජාතියක අනාගතය සඳහා වූ ආත්මාරක්‍ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද(08) පස්වරුවේ පාර්ලිමේන්තුවේ නව සභාවාරයේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් කරන ලද කතාව. අදින් ඇරඹෙන මෙම නව සැසිවාරය උක්ත අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ලැබෙන නව අවස්ථාවක් ලෙස සැලකිය …
Continue Reading
දුම්රිය: සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය ක්‍රියාත්මකයි; විදුලිය: අකුරට වැඩ
අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇති දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන බලධාරීන් අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ. අද(08) පෙරවරු 10.00 ට පැවති අදාළ සාකච්ඡාව සඳහා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ ප්‍රවාහන අමාත්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මෙන්ම වෘත්තිය සමිති නියෝජිතයින් සහභාගී වූ බව සඳහන්ය. කෙසේවෙතත් එම සාකච්ඡාවේදී සිය ඉල්ලිම්වලට සාධනීය පිලිතුරක් …
Continue Reading
ඔය ඉවත් වෙන අය ඇවිත් වාඩි වෙනකම් ෂුවර් නැහැ – ඒකාබද්ධය කියයි
ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනා පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි වන නමුත් ආණ්ඩුවේ සිටිමින් කතා කරන කිසිවකු පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි යැයි නුගවෙල පක්ෂ කාර්යාලයේදී පෙරේදා (05) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය. රටට සිදුව ඇති විපත්තිය පැහැදිලිව දර්ශනය වන බැවින් අමාත්‍ය ධුරය හා මෝටර් රථය පිළිබඳ සිතමින් නොසිට ආණ්ඩුවෙන් එළියට බැසීම වඩා සුදුසු යැයි කී මන්ත්‍රිවරයා මෙසේද …
Continue Reading
රවිට එරෙහි චෝදනා දෙසතියක් තුළ ගොනු කරන ලෙසට ඉල්ලීමක්
එක්සත් ජාතික පක්ෂ උප නායක රවි කරුණානායක මහතාට එරෙහිව චෝදනා ඇත්නම් සති 2ක කාලයක් ඇතුළත චෝදනා ගොනු කරන ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරු ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත. හිටපු මුදල් අමාත්‍ය රවි කරණානායක මහතාගේ නම සඳහන් වූ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර මාස 4ක් ගත …
Continue Reading
මෛත්‍රීගේ 2020 පුනරාගමනයත් සමඟ මහින්ද සලිත වෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020දී විශ්‍රාම නොයන බව මඩකළපුවේදී ප්‍රකාශ කළ බවත්, එතුමා එසේ ප්‍රකාශ නොකර ආණ්ඩුවේ මේ මොහොතේ සිටින පිරිස හෝ රැක ගැනීමට හැකියාවක් නැතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවැති මැයි රැළියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ‘‘මේ ආණ්ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි මැයි පළමු වැනිදා …
Continue Reading
රටේ ඉදිරිය වෙනුවෙන් 2020න් විශ්‍රාම නොයන බවට ජනපතිගෙන් ජනතාවට සහතිකයක්
තමන්ට රට වෙනුවෙන් සිදු කිරීමට තවත් බොහෝ දෑ ඇති බැවින් 2020 වර්ෂයේදී තමන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, පසුගිය සමයේ යුද අත්දැකීම් සමඟින් නැවත යුද්ධයක් ඇති නොවෙන්න අපි වැඩ කරන්න ඕනි. ජාතික සමඟිය ඇති කරන්න ඕනි. …
Continue Reading
අල්ලස, දූෂණය මුලිනුපුටා දැමීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා – ජනාධිපති
රාජ්‍ය සේවයේ මෙන්ම අනෙකුත් සියලු අංශවල තිබෙන දූෂණය සහ අල්ලස වැළැක්‌වීමට සහ මුලිනුපුටා දැමීමට රජයක් ලෙස ගතයුතු සියලු තීන්දු තීරණ නොපැකිළිවම ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. අල්ලස සහ දූෂණය වෙනුවෙන් කිසිදු භේදයකින් තොරව සහ කිසිවකුට සමාවකින් තොරව නීතිය නිසි ලෙසම ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ පෙරේදා (05 දා) …
Continue Reading
කාලය මාස 4 යිඃ අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීහු 11 ක් දැලේ
මෙම වසරේ (2018) ගතවූ මාස හතරේදී අල්ලස් ලබා ගනිද්දීම රාජ්‍ය නිලධාරීන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවැසීය. මේ අය අතරේ මෑතකදී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපතිවරයා වන බවද ඒ මහතා කීය. මීට අමතරව එම අත්අඩංගුවට ගත් පිරිස අතරේ පොලිස් නිලධාරීහු පස් දෙනෙක්‌ද වෙති. අල්ලස් …
Continue Reading
දෙවන පෙළ නායකත්වයක් සමඟින් එජාපයෙන් උද්වේගකර මැයි සැමරුමක් (Videos)
එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකත්වය කල එළි දක්වමින් එම පක්ෂයේ මැයි සැමරුම ඊයේ(06) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීය. මෙවර මැයි රැළියක් නොතිබුණු අතර එය මැයි දින සැමරුමකට පමණක් සීමා කර තිබුණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව දෙවන පෙළ නායකයින්ගේ සහභාගීත්වය සහ ඔවුන්ට ලැබුනු පිළිගැනීම කැපී පෙනුණු අතර එජාපයේ ප්‍රබලයින් පිරිසක් මැයි දින සැමරුමට එක් නොවීමද කැපී පෙනුණි. වසර පහක් …
Continue Reading
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා හා රාජ්‍ය සංස්ථා සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට (Video)
රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.අයි. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක යන අය ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ. ඊයේ(03) සවස අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා රාත්‍රී කොළඹ, සරණ පාරේ පිහිටි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ගේ …
Continue Reading