ගෝඨා ගෝ ගම ඉවත් කිරීම සම්බන්ධයෙන් සජිත් දැඩි කනස්සල්ලෙන්

ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට  අද අළුයම හමුදාව මගින් එලව දැමීම  සහ  ඊට නියෝග දුන්   සියලුම දෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ යුතු බව   විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය . මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව තමා දැඩි කම්පනයට පත්ව සිටින බවත්  ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් ඔහු  සඳහන් කළේය .රාජපක්ෂ සෙවනැලි   ආණ්ඩුවට එරෙහිව මුළු රටම නැගී …

Continue Reading

දිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය. දිනේෂ් ගුණවර්ධන මහතා 1983 අතුරු මැතිවරණයෙන් මහරගම මන්ත්‍රීවරයා ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබමිනි.ගුණවර්ධන මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස කටයුතු කරයි.

Continue Reading

ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිස ඉවත් කරයි

පොලිසිය සහ හමුදාව ,විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති ලේකම්කාර්යාලය අසල රැඳිසිටි අරගලකරුවන්  අද (22) අළුයම  එම ස්ථානයෙන් ඉවත් කර ඇත. අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගෙන ඇති අතර ගාලු මුවදොර බාලදක්ෂ මාවත දක්වා ම වූ භූමි ප්‍රදේශයේ සියලු කූඩාරම් ඉවත් කර එම ප්‍රදේශයේ ද අරගලකරුවන්ගෙන් නිදහස් කරගෙන ගෙන ඇති බව වාර්තා වේ. එහිදී ඇතිවූ ගැටුමින්  නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු …

Continue Reading

ධම්මික පෙරේරා ඉල්ලා අස්වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා එම මන්ත‍්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඒ වෙනුවට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත් කරන ලද අතර අනතුරුව ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද පත් කරන ලදී. නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගත වීමෙන් පසු ධම්මික පෙරේරා මහතා ඇමති ධුරයෙන් …

Continue Reading

සමන් ඒකනායක නව ජනාධිපති ලේකම්

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් ධුරය සඳහා සමන් ඒකනායක පත්කර ඇත.ඒකනායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කරන ලදී. මෙම පත්කිරීම සමගින් ගාමිණි සෙරනත් මහතා විසින් දරන ලද ජනාධිපති ලේකම් ධුරය අහෝසි වී යයි.

Continue Reading

රූපවාහිණියට කඩා පැන්න පිරිසක් සොයා මෙහෙයුමක්

පසුගිය පසුගිය 13 වැනිදා පැවති විරෝධතාවක් අතරතුරදී ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී බලහත්කාරයෙන් සජීවී වැඩසටහනකට එක්වූ පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිස් මූලස්ථානයට උපදෙස් ලබාදී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබාගත් උපදෙස් මත මෙම නඩු පැවරීම සිදු කිරීමට නියමිතය. ඒ අනුව රූපවාහිනි සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට කටයුතු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය අදාල වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරමින් …

Continue Reading

සජිත්ගේ විපක්ෂ නායකකම අනතුරේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ඉන් 08 දෙනෙකු දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් බවත් සෙසු පිරිස සිංහල අය බවත් හෙතෙම පැවසීය. නව ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී පිහිටුවන කැබිනට් මණ්ඩලය සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් ද එක්වීමට නියමිතව ඇති බවත් ඔවුනතරින් කිහිප දෙනෙකුට …

Continue Reading

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දියුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය. හය වරක් අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ ප්‍රථම වතාවටයි. ඊයේ පැවතී පාර්ලිමේන්තු ඡන්දයෙන් 8 වන විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදීම දිවුරුම් දීමට අවස්ථාව …

Continue Reading

මෙරට 8 වන විධායක ජනාධිපතිවයා ලෙස රනිල් පත්වේ

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම අද බදාදා පාර්ලිමේන්තුවේදි පැවැත්විය. ඡන්ද විමසීම සදහා අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත්වූ අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයින් විය.මෙම ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය  රහස් ඡන්දයක් ලෙස පැවැත්විණි. බහුතර ජන්ද 134 ක් ලබා ගනිමින් රනිල් …

Continue Reading

ඡන්ද 4 ක් අවලංගු වෙයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමේ ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු වනවා. ඒ අනුව මේ වන විට ප්‍රකාශිත ඡන්දවලින් 4 ක් අවලංගු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක නිවේදනය කළා. දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා.

Continue Reading