ගෝඨාට ආරක්ෂාවදීම රජයේ වගකීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට අයිතියක් සහ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය. ඔහු මෙරටට පැමිණෙනු ඇතැයිද කාරියවසම් මහතා විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය කිරීමට කැමතිනම් පිළිගැනීමට සූදානම් බව හෙතෙම වැඩිදුරටත් …

Continue Reading

ජනපති කාර්යාලයට මුලින්ම පැන්න අරගලකරුවා අල්ලයි

අරගල කරුවන් විසින් ඉකුත්  ජූලි මස 09 දින  කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ, පිරිස කුපිත කරමින්  එහි ආරක්ෂක වැට බිඳ දමමින් පළමුවරට  එම පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයා ඊයේ පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහරගම  ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. මුලින්ම ඇතුළු වූ මෙම පුද්ගලයා වැලැක්වීමට එහි සිටි නිලධාරීන් උත්සාහ ගත් අවස්ථාවේ සැකකරු පිහියක් පෙන්වා තමාට ඇතුළුවීමට නොදෙන්නේ නම් …

Continue Reading

ගෝඨාට එන්න සුදුසු කාලය මෙය නොවේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණියහොත් නැවත දේශපාලන නොසන්සුන්තාවයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.ගෝඨාභය රාජපක්ෂ මහතා ඉක්මණින් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි කිසිඳු හෝඩුවාවක් තමන්ට නොමැති බවද  …

Continue Reading

නීති විරෝධී මාර්ග ඔස්සේ විදෙස් ගතවීමට උත්සාහ කළ 47 ක් අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රංශයට යෑමට සුදානම්ව සිටි පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (01) අලුයම සිදුකළ වැටලීමක දි වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේදී 39 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු සිටින බවයි සඳහන් වන්නේ. ඔවුන් …

Continue Reading

ධානිෂ් අලී රිමාන්ඩ් කිරිමට නියෝග

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීකයෙකු වූ ධානිෂ් අලී ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව එදිනට සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙන්නේ. රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

Continue Reading

යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරකින් පසුවයි – මනූෂ නානායක්කාර

පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ අනුව යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. රාජ්‍ය ස්ථාවර නොමැති නම් ආර්ථිකය සෑදීමට නොහැකි බවත්, මේ වන විට රජය ස්ථාවර බවත් ඒ අනුව ආර්ථිකය සෑදීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

තෙල්මිල පොඩ්ඩක් පහළට

ඉන්ධන මිල රුපියල් 50ත් 100ත් අතර සංඛ්‍යාවකින් යළිත් වරක් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග වලින් පැවසේ. බොහෝ දුරට අද(1) මධ්‍යම රාත්‍රියේ සිට එම අඩු කිරීම ක්‍රියාත්මක වනු ඇත. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බව සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව …

Continue Reading

ජනපති පාර්ලිමේන්තු අසුනේ ලාංඡනය ගැලවෙයි

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය. අතිගරු යන නාමය , ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. මැතිසබයේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය ඉවත් කිරීමට පියවර …

Continue Reading

මන්ත්‍රීවරු තෙල් මුදල වැඩි කරගනිති

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න   මුදලකින්  වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන්  සිය වැටුපට  මාසිකව බැර කෙරෙනු ඇත. සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන සඳහා ලබාදෙන  දීමනාව පසුගිය ජුනි මාසය දක්වා …

Continue Reading

ලංකාවට නව මූල්‍ය පහසුකම් දෙන්නේ නෑ – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලෝක බැංකුව මේ මස (28) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.එසේම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීමද …

Continue Reading