මහාරාෂ්ට්‍ර නීති සම්පාදකයින් ඉදිරියේ ඉන්දීය බටහිර නාවික විධානය සිය මෙහෙයුම් හැකියාවන් ප්‍රදර්ශනය කරයි.

ඉන්දීය බටහිර නාවික විධානය විසින් බ්‍රහස්පතින්දා මුම්බායි වෙරළට ඔබ්බෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මන්ත්‍රීවරුන්, ව්‍යාවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ රජයේ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද ‘ඩේ ඇට් සී’ උත්සවයේදී එහි මෙහෙයුම් හැකියාවන් ප්‍රදර්ශනය කරන ලදී. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය මෙම මුලපිරීම සම්බන්ධයෙන් පැවසූයේ මෙම ක්‍රියාකාරකම විශේෂයෙන්ම වෙරළබඩ ප්‍රාන්තවල, සමාජයේ සෑම තරාතිරමකම ජනතාව අතර වැඩි සාගර විඥානයක් ඇති කිරීමේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දැක්මට අනුකූල …

Continue Reading

ජනාධිපති බිඩෙන් සහ අගමැති මෝදි අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ඵලදායී බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක පවසයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සබඳතාව ඵලදායී හා අතිශයින්ම ප්‍රායෝගික බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් විස්තර කර ඇත.ඔහු මේ බව පැවසූයේ බ්‍රහස්පතින්දා ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ජී-20 සමුළුවට සමගාමීව ද්විපාර්ශ්වික රැස්වීමකට පෙර මෙම ප්‍රකාශය එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක විසින් නිකුත් කළේය. ඔහු වැඩිදුරටත් …

Continue Reading

කටාර්හි රඳවාගෙන සිටින හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයන් ගැන ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ කටාර් බලධාරීන් විසින් කටාර්හි දින 70 කට වැඩි කාලයක් රඳවාගෙන සිටින ඉන්දීය ජාතිකයන් අට දෙනෙකුගේ පවුල් සමඟ ඉන්දියාව නිරන්තරයෙන් සම්බන්ධ වී සිටින බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික ආයතනයක සේවය කරන හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වේ . ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක අරින්දම් බග්චි පැවසුවේ නව දිල්ලිය සහ දෝහා අතර …

Continue Reading

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් හරි කුමාර් ජපානයේ බහුපාර්ශ්වික කටයුතු මාලාවකට සහභාගී වේ.

2022 නොවැම්බර් 5 සිට නොවැම්බර් 9 දක්වා ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් ජපානයේ සංචාරයක නිරත විය. සිය සංචාරය අතරතුර ඔහු බහුපාර්ශ්වික ක්‍රියාකාරකම් මාලාවකට සහභාගී විය. මිත්‍රශීලී විදේශ රටවල් කිහිපයක නියෝජිත ප්‍රධානීන් සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව ඔහුට හිමිවිය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ එක් එක් රටවල් සමඟ අඛණ්ඩව ක්‍රියාත්මක වන ආරක්ෂක සහයෝගීතාවයේ ප්‍රගතිය සහ සමුද්‍රීය …

Continue Reading

ඉන්දු-එක්සත් ජනපද ආර්ථික සබඳතා පොදු අවශ්‍යතා මත පදනම් වේ: ඉන්දීය වාණිජ අමාත්‍ය පියුෂ් ගෝයල්.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් ඉන්දියා-එක්සත් ජනපදයේ ආර්ථික සබඳතා, තිරසාරත්වය, නැගී එන තාක්ෂණයන්, ගෝලීය වශයෙන් ඔරොත්තු දෙන සැපයුම් දාම සහ කුඩා ව්‍යාපාර ඉදිරියට ගෙන යාම සඳහා සැලකිය යුතු මැදිහත් වීමක අවශ්‍යතාව ඉස්මතු කර ඇත. ඉන්දියාවේ-එක්සත් ජනපද ප්‍රධාන විධායක නිලධාරී සංසදය අමතමින්, ගොයල් මෙම ගම්‍යතාවය ගොඩනැගීම සඳහා එවැනි සංවාද තීරණාත්මක බව අවධාරණය කළේය. ඉන්දීය වාණිජ අමාත්‍ය පියුෂ් ගෝයල් සහ …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් බ්‍රසීල පාර්ලිමේන්තුවේදී ඉන්දියාවේ වසර 75ක ගමන ඉස්මතු කරයි.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් අඟහරුවාදා බ්‍රසීල පාර්ලිමේන්තුවේ ජාතික කොංග්‍රසයේ සමුළුව අමතමින්, පසුගිය වසර 75 තුළ ඉන්දියාවේ ගමන් මග සහ ආහාර නිෂ්පාදනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, විද්‍යාව සහ තාක්‍ෂණය සහ යටිතල පහසුකම් සංවර්ධනය යන ක්ෂේත්‍රවල දියුණුව වැනි සැලකිය යුතු ජයග්‍රහණ ඉස්මතු කළේය. තවද මේ පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසූයේ ඉන්දියාවේ නිදහසේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා …

Continue Reading

මානව හිමිකම් පිළිබඳ ඉන්දියාවේ ජාතික වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සමාලෝචනය කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බදාදා ප්‍රකාශ කළේ සිව්වන විශ්ව කාලාන්තර සමාලෝචන චක්‍රය සඳහා වන ඉන්දියාවේ ජාතික වාර්තාව නොවැම්බර් 10 වනදා විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාකාරී කණ්ඩායමේ 41 වැනි සැසියේදී සමාලෝචනය කරන බවයි. මෙම සැසිවාරය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී නොවැම්බර් 7 සිට 18 දක්වා පැවැත්වේ. 2017 දී ඉන්දියාවේ 3 වන විශ්ව කාලාන්තර සමාලෝචන චක්‍රයේදී ඉන්දියාව විසින් පිළිගත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම, …

Continue Reading

ලන්ඩනයේ පැවැත්වෙන 2022 ලෝක සංචාරක වෙළඳපොළ ප්‍රදර්ශනයට ඉන්දියාව සහභාගී වේ.

ලෝක සංචාරක වෙළඳපොළ 2022 නොවැම්බර් මස 7 සිට 9 දක්වා ලන්ඩනයේදී පැවැත්වේ.මෙවර ප්‍රදර්ශනයේ තේමාව වන්නේ “සංචාරයේ අනාගතය දැන් ඇරඹේ” යන්නයි. ලෝකයේ විවිධ ජාතීන් සහභාගී වන විශාලතම සංචාරක ප්‍රදර්ශනයක් වන මෙය සඳහා ඉන්දියාව ද සහභාගී වේ. ඉන්දීය සංචාරක අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේ සංචාරක ව්‍යාපාරය පෙර වසංගත මට්ටමට නැවත පැමිණීම වේගවත් කිරීම සඳහා ලෝක සංචාරක වෙළඳපොළ සඳහා ඉන්දියාවේ සහභාගීත්වය වැදගත් බවයි. ඉන්දීය …

Continue Reading

හරිත හා පිරිසිදු බලශක්තිය සඳහා ඉන්දියාව කැපවී සිටින බව ඉන්දීය දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍ය භූපෙන්දර් යාදව් පවසයි.

කෝප්-27 ට සමගාමීව ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂේක්හි පැවැත්වෙන මැදපෙරදිග හරිත මුල පිරීම් සමුළුව 2022 අමතමින් ඉන්දීය පරිසර, දේශගුණික විපර්යාස සහ වනාන්තර පිළිබඳ අමාත්‍ය භූපෙන්දර් යාදව් ප්‍රකාශ කළේ ඉන්දියාව පිරිසිදු හා හරිත බලශක්ති ප්‍රභවයන් සඳහා කැපවී සිටින බවයි.ජාතික හයිඩ්‍රජන් මෙහෙයුම එම දිශාවට පිම්මක් බව ඔහු වැඩිදුරටත් පැවසීය. මැදපෙරදිග හරිත මුල පිරීම් සමුළුව 2022 සඳහා සත්කාරකත්වය සැපයීම ගැන යාදව් සෞදි අරාබියට සහ ඊජිප්තුවට …

Continue Reading

ඉන්දීය අගමැති මෝදි විසින් ඉන්දියාවේ ජී-20 සභාපති ධුරයේ ලාංඡනය, තේමාව සහ වෙබ් අඩවිය විවෘත කිරීමට නියමිතය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියාවේ ජී-20 සභාපති ධුරයේ ලාංඡනය, තේමාව සහ වෙබ් අඩවිය නොවැම්බර් 8 වැනිදා වීඩියෝ සම්මන්ත්‍රණ හරහා එළිදක්වන බවයි. ජී-20 සභාපතිත්වය 2022 දෙසැම්බර් 1 වැනිදා සිට වසරක කාලයක් සඳහා ඉන්දියාව විසින් භාරගනු ඇත. ජී-20 සභාපති ධුරයේ ලාංඡනය, තේමාව සහ වෙබ් අඩවිය ඉන්දියාවේ පණිවිඩය සහ ලෝකයට පුළුල් ප්‍රමුඛතා පිළිබිඹු කරන බව …

Continue Reading